ඇමරිකාව පනවන ලද තීරු බදු පිළිබඳ සාකච්ඡා සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Sri Lanka Latest News
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිගනී.
නව නියෝගයේ මෙසේ සඳහන්ය.
“සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වී ඇත, නැතහොත් එකඟ වීමට ආසන්නය”.
2(ආ) වගන්තියේ මෙසේ දැක්වේ.
“මේ නියෝගයේ 1 වැනි ඇමුණුමෙහි හඳුනා ගෙන ඇති ඇතැම් විදේශීය වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට එකඟ වී ඇත, නැතහොත් අවසන් කිරීමට ආසන්නය.
ඒ ගිවිසුම් අවසන් වන තෙක් වෙළඳ හවුල්කරුවන්ගේ භාණ්ඩ මේ නියෝගයේ 1 වැනි ඇමුණුමේ සඳහන්ව ඇති අතිරේක ස්වේච්ඡා බදුවලට යටත්ව පවතිනු ඇති අතර, එම ගිවිසුම්වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි”.
මේ පසුබිම යටතේ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.










