• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතේ රෝල් අතේම පත්තු වෙලා! Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ඇතැමුන් ගෙනයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම සඳහන් කළ එම කරුණු පහත දැක්වේ.Sri Lanka Latest News

‘මම පැහැදිලිව කියන්න ඕනේ විපක්ෂ නායකවරයා මාරු කිරීමේ කිසිම රහස් සාකච්ඡාවක් නැහැ. එහෙම රහස් සාකච්ඡාවක් කොහේවත් ගිහිල්ලත් නෑ, අපි දන්න තරමින් නම්. ඒ වගේම එහෙම අවශ්‍යතාවක් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තු කණ්ඩායම තුළ එහෙම අදහසක් ඇවිල්ලත් නෑ. එහෙම ඇතිවෙලත් නෑ.

සමගි ජන බලවේගය බෙදා වෙන්කරන්න, සමගි ජන බලවේගයේ නායකත්වය දුර්වල කරන්න, යම් යම් ප්‍රහාර එළියෙ ඉඳන් එල්ල කරන තත්ත්වයක් අපිට පේනවා. පහුගිය සති කීපය තුළම අපිට පේනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය වෙච්ච දේශපාලනඥයෝ, ඒ වගේම මේ ආපු අභියෝගයට මුහුණ දීගන්න බැරිව හිටපු දේශපාලනඥයෝ, ඒගොල්ලෝ එළියේ ඉඳගෙන සමගි ජන බලවේගයටත්, ඒ වගේම සමගි ජන බලවේගයේ නායකත්වයටත් ප්‍රහාර එල්ල කරනවයි කියන එක අපිට පැහැදිලිව පේනවා.

ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය සතියේ ආණ්ඩුව කැබිනට් තීන්දුවක් අරගෙන තිබුණා. විශේෂයෙන්ම මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අමාත්‍ය ධුරය දරන කාලේ, ඔහුගේ අමාත්‍යාංශයේ වංචා දූෂණ වෙලා තියෙනවා කියලා කමිටුවක් පත්කරලා ඒක හොයන්න. මම පැහැදිලිවම කියන්න ඕනේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ආවමත් එතුමාගේ ලේකම් කෙනෙක්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුව විමර්ශනයක් කළා. විමර්ශනය කරලා ඒක කෝප් කමිටුවටත් ඒක එදා ඉදිරිපත් කරලා කෝප් කමිටුව තුළත් ඒක සාකච්ඡාවට ආවා. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් හැටියට මමත් එදා හිටියා. එතකොට එවක හිටපු ආණ්ඩුවේ පැත්තෙන් ප්‍රබල ඇමැතිවරු ආවේ මේක ඔප්පු කරන්න. මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඒ වගේ ප්‍රබල ඇමැතිවරු තමයි එදා කෝප් කමිටුවට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව එදා කතා කළේ. එතකොට අපි ඒ තිබුණු කරුණුත් එක්ක අපිත් එදා වාද විවාද කළාම අපිට මතකයි එදා හිටපු විගණකාධිපතිවරයාගෙන් අපි කෙළින්ම ඇහුවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මුදල් අවභාවිත කරලා තියෙනවද නැද්ද කියලා කියන්න කියලා. මට මතකයි විගණකාධිපතිතුමා පැහැදිලිව කිව්වා මුදල් අවභාවිතාවක් මෙතන සිද්ධ වෙලා නෑ කියන එක එදා ඒ කෝප් කමිටුවේ මේ සම්බන්ධව ඒ සාකච්ඡාවේදී ඉතා පැහැදිලිවම එදා ප්‍රකාශයට පත් කළා.

රාජපක්ෂලා 2005 බලයට ගෙනාවේ අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ. ඒ රාජපක්ෂලාගේ 2005 බලයත් එක්ක තමයි මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතියක් හැදුණේ. මේ රටේ පවුල් බලය ගොඩනැගුණේ, මේ රටේ පාතාල සම්බන්ධකම් එක්ක දේශපාලනය ගොඩනැගුණේ, මේ රටේ ජාතිවාදය ඇතිවුණේ, මේ රටේ ආගම්වාදය ඇතිවුණේ, කොටින්ම මේ රට සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු බවට පත්වුණේ 2005 පාලනයත් එක්ක තමයි මේ සියලු දේ කරුණු සිද්ධ වුණේ.
දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඇවිල්ලත් මේ 2005න් පස්සේ වෙච්ච හොරකම් තමයි මේ හොයන්නේ. ඒ කියන්නේ 2010 – 15 කාලේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලාව බලයට ගෙනාපු උදවියම දැන් ඒගොල්ලන්ගේ හොරකම් හොයනවා. අලුුත් දෙයක් නෙමෙයි. එයාව බලයට ගෙනාපු උදවියම තමයි ඒගොල්ලන්ගේ හොරකම් හොයන්නේ. ඒක ගැන අපිට ගැටලුුවක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ බලයට ගෙනාපු මේ රාජපක්ෂලා වගේ කියලා මේ අපිත්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා දැන් ඒගොල්ලන්ට අනාගතයේදී යම් අභියෝගයක් එල්ල වෙන්න පුළුවන්, අනාගතයේදී ඒගොල්ලන්ට තර්ජනයක් වෙන්න පුළුවන් ඒ දේශපාලන නායකයනුත් ඒගොල්ලෝ හොය හොයා දඩයම් කිරීමේ සැලැස්මක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

එතකොට මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි දන්නවා, අපේ රටේ සියලුු දෙනාම දන්නවා. එතුමාගේ දේශපාලන කාලය තුළදී එතුමාට වංචා, දූෂණ එහෙම නැත්නම් පාතාල සම්බන්ධකම්, මැර බලය යෙදෙව්වයි කියලා එතුමාගේ පාර්ලිමේන්තු ජීවිතය තුළ මම හිතන්නේ අවුරුදු 25කට ආසන්න කාලයක් තුළ එහෙම කිසිදු චෝදනාවක් නෑ. එතුමා හම්බන්තොට දේශපාලනය කළා රාජපක්ෂලාත් එක්ක. එහෙම රාජපක්ෂලාගෙන්වත් එතුමාට එහෙම චෝදනාවක් නෑ. එතකොට ඒක අපි ඔක්කොම දන්න දෙයක්. එහෙම තියෙද්දි මේ හදන්නේ විපක්ෂ නායකවරයාව යට කරන්න. ඒ වගේම විපක්ෂ නායකවරයාවත් මේ දූෂණ චෝදනා එල්ල කරලා එතුමාගේ දේශපාලන ගමන නවත්තන්න පුළුවන්ද කියන එක තමයි මේ උත්සාහ කරන්නේ. මේක තුළ විිපක්ෂයේ කියලා ආණ්ඩුවට බැන බැන ඉන්න කට්ටියකුත් මේ වැඩේ යෙදිලා ඉන්නවයි කියලා අපිට පේනවා. ඒ වගේම ආණ්ඩුව ඍජුවම මේකට සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා අපිට පේනවා. ඒ හින්දා අපිට හිතෙනවා මේ දෙගොල්ලන්ම යම්කිසි ආකාරයේ යටින් එකඟත්වයකට ඇවිල්ලා තියෙනවද දන්නේ නෑ සජිත් ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව මේ ගෙනියන අදහස දෙගොල්ලන්ම එකතු වෙලා ගෙනියන්න එකඟතාවයකින් මේක ගෙනියනවද කියන සැකය අපිට මතු වෙනවා. සමහරවිට ඒ ප්‍රවෘත්තියත් ඒ උඩ නිර්මාණය වෙච්ච ප්‍රවෘත්තියක්ද කියන එක තමයි අපිට තියෙන සැකය. ඒ හින්දා කිසි විටකත් විපක්ෂ නායකවරයා මාරු කරන්න, වෙනස් කරන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ හෝ පක්ෂය තුළ හෝ එහෙම සාකච්ඡාවකුත් නෑ, එහෙම අදහසකුත් නෑ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ.’

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබිණි.
‘රජය සහ රජයට හිතවත් කුමන්ත්‍රණකාරී කණ්ඩායම් සජබය ඇතුළේ අර්බුද තිබෙන බව සමාජගත කරන්න කටයුතු කරනවා. ආණ්ඩුවක් තිබෙන්නේ සජබයේ ප්‍රශ්න විසඳීමටද නැතිනම් රටේ ප්‍රශ්න විසඳීමටද? රටේ විශාල වංචා දූෂණ සිදුවෙනවා, රටේ සම්පත් කුණු කොල්ලයට විකිණෙනවා, රටේ තැනින් තැන වෙඩිතැබීම් ඝාතන සිදුවෙනවා. මේ පිළිබඳ තොරතුරු වාර්තා නොකර සජබය තුළ ප්‍රශ්න තිබෙන බවට විවිධ මත සමාජගත කරන්න ඇතැම් මාධ්‍ය උත්සාහ දරනවා. ඒ වගේම සජබය තුළ කිසිදු ප්‍රශ්නයක් නැහැ. එවැනි ප්‍රශ්නයක් තිබෙනවා නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, කළමනාකරණ කමිටුව තුළ කතාවිය යුතුයි. නමුත් එවැනි කිසිදු තැනක මෙවැනි කතාබහක් ඇතිවී නැහැ. එවැනි අවස්ථාවක සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය රටේ සැබෑ ප්‍රශ්න යටපත් කරන්න සජබය තුළ අර්බුදයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජ ගතකරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුව සමග ඩීල් දේශපාලනයේ යෙදෙන අතැම් පක්ෂ තමයි සජබය තුළ අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්නයට වැඩිය රටේ ජනතාව පීඩාවට පත්වී සිටින ප්‍රශ්න පිළිබඳ කතා කරන්න මාධ්‍යය කටයුතු කළ යුතුයි….’

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද මෙම කරුණ පිළිබඳ අදහස් දක්වා තිබිණි.
‘විපක්ෂ නායක ධුරය වෙනත් පුද්ගලයෙකුට දෙන බව මාධ්‍ය ආයතන කිහිපයක් සහ ආණ්ඩුව විසින් කුලියට ගත් සමාජ මාධ්‍ය කිහිපයක් ප්‍රවෘත්තියක් සමාජගත කරන්න උත්සාහ කර තිබුණා. ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒ වගේම විපක්ෂ නායකවරයා පත්කරන්නේ ආණ්ඩුවේ නොවන පාර්ලිමේන්තුවේ දෙවැනියාට වැඩියෙන්ම ඡන්ද ලබාගත් පක්ෂයේ මහලේකම්වරයා ලබාදෙන ලියුමකින්. විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විපක්ෂ නායකවරයා වෙනස් කරන ලෙස ඉල්ලුවත් විපක්ෂ නායක ධුරය වෙනස් කළ නොහැකියි. සජිත් ප්‍රේමදාස මහතාව විපක්ෂ නායක ධුරයට පත්කරන ලෙස 2019 දී මන්ත්‍රීවරු බහුතරයක් ඉල්ලා සිටියා නමුත් එය වෙනස් කරන්න නොහැකි වුණා.
ඒ වගේම වාමාංශික ආණ්ඩුවට එරෙහිව රටේ තිබෙන දක්ෂිණාංශික කඳවුරු සියල්ල එකතු කළ යුතුයි. එම කඳවුරේ ප්‍රධාන මුල් පුරුක වන්නේ සමගි ජනබලවේගයයි. සමගි ජනබලවේගය සියලු කොළපාට කඳවුරු එකතු කරගෙන වාමාංශික ආණ්ඩුව විකල්ප බලවේගය නිර්මාණය කිරීමට ගන්නා උත්සාහය විනාශ කරන්න ඇතැම් කණ්ඩායම් උත්සාහ දරනවා. ඒ වගේම ඔවුන් විවිධ ව්‍යාජ පුවත් සමාජගත කරන්න උත්සාහ දරනවා….’

SendShareShare
Previous Post

ඉස්සරහට විෂයන් 14යි විවේක කාල 2යි! Sri Lanka Latest News

Next Post

ශ්‍රීමහා බෝධිය රැකගන්න සංඝමිත්තා තෙරණිය සමග ආ දූත පිරිසේ අලුත් පරම්පරාව සොයා ඒ දූත පිරිසට ඥාතිකම් කියන ඉන්දීය මහකොමසාරිස් අනුරාධපුරයට! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.