යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ඉදිරියට වාර විභාග ක්‍රමය අහෝසි කොට, මොඩියුලර් ක්‍රමයට විෂය අන්තර්ගතය ඉදිරිපත් කෙරෙන බැවින්, පාසල් ළමුන්ට නැවත පෙළපොත් අවශ්‍ය නොවන බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.Sri Lanka Latest News
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුගත වන පරිදි ලබන ජනවාරි 01 දා සිට පාසල් පැවැත්වෙන කාලය විනාඩි 50කින් වැඩි කෙරෙන බැවින්, පාසල් දරුවන්ට පාසල් කාලය තුළ විවේක කාල දෙකක් පෙරවරු 10.10 සිට 10.30 දක්වා සහ දහවල් 12.10 සිට 12.20 දක්වා ලබාදීමට තීරණය වී ඇති බවද ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශයෙක් ‘මව්රට’ට පැවැසීය.
තවද නව විෂය නිර්දේශයට අනුව 6 – 9 සහ 10 – 11 ශ්‍රේණිවල සිසු දරුවන්ට විෂයන් 14ක් හැදෑරීමට සිදුවන බවද එම ප්‍රකාශකයා කීවේය.
එසේම ප්‍රාථමික අධ්‍යාපනයට ආරම්භක විද්‍යාව, මවුබස, ඉංග්‍රීසි දෙවැනි භාෂාව, ගණිතය, ආගම්, සාරධර්ම අධ්‍යාපනය, පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, සමෝධානික සෞන්දර්ය විෂයන්, සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය යන විෂයන් ඇතුළත් වන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










