• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

අවුරුද්දට සැරයක් යන පලෙයිතිව්

July 7, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
අවුරුද්දට සැරයක් යන පලෙයිතිව්
Share on WhatsAppShare on Facebook

පලෙයිතිව් දූපතත් කච්චතිව් වගේම ශාන්ත අන්තෝනි මුණිදුට කැපවුණු පල්ලියක් තියෙන ලංකාවට අයිති ලස්සන පොඩි දූපතක්. කච්චතිව් තරම් දුර නෑ හැබැයි ඩෙල්ෆ්ට් තරම් ලොකුත් නෑ. සමානකම තමයි කච්චතිව් වගේම අවුරුද්දේ දින කීපයකට විතරයි මේ දූපතටත් යන්න පුළුවන්. ඒ පල්ලියේ මංගල්ලය තියෙන දවස් වල විතරයි. පුරුද්දක් විදියට කච්චතිව් මංගල්ලය ඉවර වෙලා මේ උත්සවයත් ඉවර කරලා තමයි ඉන්දියාවෙන් එන බැතිමතුන් චාරිකාව ඉවර කරන්නේ. අපි ගිය අවුරුද්දේ කච්චතිව් ගියානේ. මේ අවුරුද්දේ ඒ නිසා පලෙයිතිව් දූපතේ රැයක් ගත කරන්න අපි තීරණය කළා.

මාර්තු 13, 14 තමයි පලෙයිතිව් දූපතේ මංගල්ලය තිබුණේ. ඒ කියන්නෙ සිකුරාදයි සෙනසුරාදයි. නිවාඩු ගන්න කට්ටක් කන්න වෙනව කියලා දන්නවා වුණත්, ගිය අවුරුද්දෙ කච්චතිව් ගමන ගැන මතක් වෙද්දි කොහොම හරි යන්නම ඕනෙ කියලා හිතුණා. මොකද කච්චතිව් වගේම පලෙයිතිව් දූපතත් මහජනතාවට දොර අරින්නෙ අවුරුද්දකට එක පාරක් නිසා. ඒ විදියට අමාරුවෙන් නිවාඩුත් හදාගෙන 13 වැනිද වෙනකන් කට්ටියම හරි උනන්දුවෙන් බලන් හිටියා.

කොහොම හරි පුරුදු විදියටම ගමනට සෙට් වුණු 28 දෙනාම කොටුවෙ කොම්බුව යටට 13 වෙනිදා රෑ 12.30 වෙද්දි එකතු වුණේ පලෙයිතිව් යන ලොකුම ට්‍රැවලින් නඩය විදියට ගමන පටන් ගන්න. අළුතින් හම්බු වුණු යාලුවො සෙට් එකත් හඳුනගෙන බස් එකට සෙට් වුණා. ඔන්න ඉතිං කටුනායක හරියට එද්දි බස් එකේ කෑල්ලක් මහසද්දෙන් කඩන් වැටුනා වගේ තේරුණා. කොහොම හරි ඒක අපිට ෆෝසස් එකක අයියලා දෙන්නෙක් ඇහිදන් ගෙනත් දුන්නා බස් එක පස්සෙන් ඇවිත්. ඒ වැටිච්ච කෑල්ලත් අහුලගෙන අපිට අලුත් බස් එකක් එවනකන් කට්ටියම මඟ බලන් ඉදලා ආයෙම පාන්දර 2.30ට විතර හරිම නීතිගරුක ඩ්‍රයිවර් මහත්තයෙක් (පැයට කිලෝමීටර 50-60ට වඩා නම් ඒ මීටරේ ගමනෙ කිසිම මොහොතක කැරකුණේ නෑ) එක්ක සුඛෝපබෝභී බස් රථයෙ ගමන පටන් ගත්තා.

සිදුවූ ප්‍රමාදය නිසා යාපනෙන් ගන්න හිටිය උදෑසන ආහාරවේල වවුනියාවෙ ප්‍රින්ස් හොටෙල් එකෙන් ගන්න තීරණේ කළා. රසවත් මසාලා තෝසෙ, උඳු වඬේ, පරාටා, ඉදිආප්ප බුරියානි වලින් හැමෝම බඩ පුරවන් නැවතත් යාපනේ බලා පිටත් වුණා. උදෑසන 11.30 වගේ වෙද්දි අපි යාපනේ නගරයට ඇවිත් දිවා ආහාරයත් පාර්සල් කරන් අපේ බෝට්ටු ගමනේ ආරම්භය වෙන කුරිකඞ්ඩුවාන් වලට ලඟා වුණා.

අපේ ගමනේ සැලසුම් වුණේ කුරිකඞ්ඩුවාන් ජැටියෙන් නාගදීපෙට ගිහින් එතැනින් අපේ පලෙයිතිව් ගමනට බෝට්ටුවට ගොඩවීමයි. ජැටියේදි නේවි එකෙන් ලැබුන විශාල සහයත් සමඟ අපි එතැනින් නාගදීපෙට ගොස් අපේ බාස්කර් අයියාගේ බෝට්ටුවෙ පලෙයිතිව් යන්න පටන් ගද්දි හවස 4 වගේ වෙලා තිබුණා.

ගමන ටිකක් ප්‍රමාද වුණත් මුහුදු ගමනට හොඳම වෙලාව කියලා හිතුනේ ගමන පටන් අරං ටිකක් දුර යද්දි. ඒ හැමෝම ගොඩබිමක ඉඳන් ඉර බහින සුන්දරත්වය විඳලා තිබුණත් අපිට එදා හම්බ වුණා මුහුද මැදදි ඉර බහින ඒ ආස්වාදජනක අවස්තාව ජීවිතේ පලවෙනි වතාවට විඳගන්න.
පැය 4කට ආසන්න කාලයක් අපි බෝට්ටුවෙ ලස්සනම ලස්සන හැන්දෑවක් ගෙවමින් අවසානෙ තරු රටාද බලමින් පලෙයිතිව් දූපතෙ වෙත ඇදෙන්න ගත්තා. නමුත් ලොකු බෝට්ටු වලට පලෙයිතිව් ජැටියට යන්න බැ. ඒ මුහුද ජැටිය කිට්ටු වෙනකොට හොඳටම ගැඹුරු අඩු වුණු නිසා. ඒ හින්දා ලොකු බෝට්ටුවෙන් ඩිංගි බෝට්ටු වලට මාරු වෙලා ගොඩබිමට යන්න අපිට සිදුවුණා. ජැටිය පුරාම ඩිංකි බෝට්ටු 200කට වැඩි ප්‍රමාණයකින් පිරිලා. ජැටියට මීටර 100ක් පමණ දුරින් විශාල බෝට්ටු පිරිලා. රෑ හඳ එළියත් එක්ක ගොඩාක් ලස්සනට පෙනුණා.

දූපතට ආගන්තුක වුණු අපේ ඊළඟ අරමුණ වුණේ කඳවුරු ඉදිකරන්න තැනක් තෝර ගන්න එක. ඉන්දියානු හා දෙමළ ජනයන් කච්චතිව් දූපතේ පූජාව අවසන් වී සතියක පමණ කාලයක් පලෙයිතිව් වල රැඳී සිටීම නිසාවෙන් අපිට පල්ලියෙන් ටිකක් ඈතට වෙන්න වගේ තැනක් තෝරගෙන කඳවුරු ඉදි කිරීම කිරීමට සිදු වූවා. ඒ අතරතුර හැමෝම උණු කිරි කෝප්පයක රස බලන්නත් අමතක කළේ නෑ.

ඊළඟට අපේ රාත්‍රී කෑම වේල සාදා ගැනීමට සූදානම් වුණා. මීට කලින් කාලා නැති කෑමක් තමා එදා හදන්න තීරණේ කරලා තිබුණේ. ඒ ඇහින්දාස් පාන් කොත්තුව. පිරිමි ළමුන්ගෙ සැඟවුණු, ඉවීමට එලවලු කැපීමේ හැකියාව එළියට මතු වුණේ ඒ වෙලාවේ. සියල්ලගේම සහය ඇතිව සසීගෙ මඟ පෙන්වීම යටතේ මෙතෙක් කෑම්පින් ජීවිතේ කාපු රසම කෑම වේල පිලියෙළ කරගෙන කෑවට පස්සේ ඊළඟට ඕනෑ වුණේ හැමෝටම පල්ලිය පැත්තට යාමට.

කඳවුරු ඉදිකරන අතරතුර පල්ලිය පැත්තට ගිය අය පැවසූ පරිදි පල්ලියට යන පාර දෙපැත්ත ස්ටී්‍රට් ෆුඞ් ෆෙස්ටිවල් එකක් වගේ. ඉන්දියානු කෑම වර්ග,දෙමළ විදියට සාදන ලද කෑම වර්ග, මෙතෙක් රසවිඳ නැති විවිධ රසයන්ගෙන් පිරුණ බීම වර්ග, මෙන්ම අයිස්ක්‍රීම් වර්ග, මේ සියල්ලගෙන්ම පිරිලා තිබුණා. කෙලවරක ඉඳන් කෑම කන්න පටන්ගත්ත අපි පාන්දර 1 විතර වෙනකන්ම විවිධ කෑමවල රස අත්හදා බැලුවා.

ඉන්පසු අපි පල්ලියට ගොස් එය නරඹා නාවික හමුදාව විසින් ඉදිකර ඇති ජැටියට පැමිණ නැවතත් අපේ කඳවුරු භූමියට පැමිණියා. එහි මුහුදු හුලඟ විඳිමින් ඇතැමුන් බෝට්ටු උඩ නිදාගැනීමට තෝරාගත්තා. මෙලෙස රැය අවසන් වෙනතෙක් හිඳ පසුදා නැවතත් උදෑසන 7ට පමණ වන විට සියල්ලම අවදි වී ටී එකකින් සප්පායම් වී උදෑසන ආහාරය විදියට නූඞ්ල්ස් පිළියෙල කරා.

හැමෝගෙම ඉල්ලීම පරිදි එලවලු සුප් එකක්ද සාදා එය අපි බීමෙන් අනතුරුව දූපතේ අපි අවට සිටි අයටද බෙදා දීමට තීරණේ කළේ ඔවුන් අප ඒවා පිලියෙළ කරන විදිය පුදුමෙන් මෙන් බලා සිටි නිසාමයි. මීළඟට අපි පැමිණි මාර්ගයේම නොයා ගුරුනගර් ජැටියට ගොස් නැවත අපි නිවෙස් බලා යාමට හැමෝගෙම යෝජනාව පරිදි සභාසම්මත කරගන්තා. ගමනේ රසම කොටස පටන් ගත්තේ මෙතැනදී.

දැන් ගුරුනගර් වලට යන බෝට්ටුවක් හොයාගන්න එක තමයි ඊළඟ සැලසුම. ඒ අනුව කෙලවරක ඉඳන් දන්න දෙමළ වචන ටික අමාරුවෙන් ගැටගහගෙන බෝට්ටු අයිති අයගෙන් බෝට්ටු ගැන ඇහුවා. ඒ හැමෝම කිව්වෙ හවස 1 විතර වෙද්දි එයාලගෙන් සමහරක් අය පිටත් වෙන බවත් බහුතරයක් දෙනා එදින නතර වී පසුදා උදෑසන් යන බවත් තමයි. ඒ අනුව අපිට තනිවම බෝට්ටු සොයා ගැනීම අපහසු බව තේරුණු නිසාවෙන් අපි ජීවිතාරක්ෂක බටයෙකුගේ සහය ලබා ගන්න තීරණය කළා. ඒ අනුව ඔහු විසින් බෝට්ටුවක් සොයා දෙනතෙක් හිතේ භක්තියෙන් දෙවියන් වැන්දට පරිසරයට ආදරයක් නැති මිනිස්සු විසින් දින 7ක් පුරාවට විනාශ කර දමා තිබූ වෙරළ තීරය පිරිසිදු කිරීමට පටන් ගත්තෙ අපේ කැලුම් අයියගෙ යෝජනාවක් අනුවයි. විනාඩි 5ක්වත් ගියෙ නැහැ. අවට සිටි දෙමළ තරුණයන් විශාල පිරිසකගේ සහය අපට ලැබෙන්න ගත්තා. ඒ අනුව අපි විනාඩි 10ක් 15ක් ඇතුලත විශාල වෙරළ භූමි ප්‍රමාණයක් මිනිසුන් ඒමට පෙර තිබූ තත්ත්වයටම පත් කෙරුවා. ඒ අතරතුර අපිට බෝට්ටුවක්ද හම්බ වුණා.

බෝට්ටුවක් ලැබීමේ සතුට හැමෝම සමරමින් අපිව බෝට්ටුවට රැගෙන යන කෙනා පිටුපස පෝලිමේ ජැටිය වෙත ගියා. විශාල බෝට්ටුවට යාමට අපි පැමිණි සේම ඩිංගි බෝට්ටුවකින් නැවත යාමට සිද්ධ වුණා. ඒ අනුව එක් වාරයකට යා හැක්කේ පහලොස් දෙනෙකුට පමණක් බැවින් අපි කොටස් දෙකකට වෙන් වුණා.

ඒ වුණත් දෙපස විශාල බෝට්ටු ප්‍රමාණයක් නතර කර ඇති නිසා බෝට්ටුව පණගන්වා යාමට හැකි වුණේ නැහැ. ඒ අනුව දෙදෙනෙක් අපේ බෝට්ටුව තල්ලු කරගෙන තමයි ගමන පටන් ගත්තේ. කොහොම වුණත් හිතුව විදියට අපිට ගමන යන්න පුළුවන් වුණේ නැහැ. බෝට්ටුවේ හිමි කරුවා කියපු එක එක කතා හින්දා අපිට ආපහු ජැටියට යන්න සිද්ධ වුණා. එහෙම ගිහින් නාවික හමුදාවේ සහායත් අරගෙන තමයි අපිට නැවත ගමන් පටන් ගන්න පුළුවන් වුණේ.

ඒ අනුව නැවතත් ලස්සන මුහුදු ගමනක් ආරම්භ කළේ පපුවට සැනසුම් සුසුමක් එක්කරමින්. කොහොම හරි සවස 2.30 වන විට අපි ගුරුනගර් ජැටියට ගොඩබැස්සේ කොලොම්බස් ඇමරිකාව හොයාගත්තටත් වඩා සතුටකින්. ඒ වෙද්දී අපිව නැවත රැගෙන යාමට බස් රථයද ජැටිය අසලට පැමිණ තිබුණා. එයට ගොඩ වූ අපේ ඊළඟ බලාපොරොත්තුව වූණේ කැෂුරිනා වෙරළට යන එක. එහි හිතේ හැටියට කැලුම් අයියාගේ පිටේ නැග කරනම් ගැසීමට ගොඩදෙනෙක් අමතක කරේ නැහැ. එයින් අපි හවස 5ට පමණ වන විට පිටත් වී කෑම ගැනීම සඳහා නැවතත් යාපනය නගරයට පැමිණ ආහාර අනුභවයෙන් පසු නැවතත් ගම්බිම් බලා පිටත් වුණා. හරබර කතා ගොඩක් එක්ක ඕමි ගසමින් නැවතත් අපේ නීති ගරුක රියදුරු මහතා සමඟ කොළඹට පැමිණෙන විට පසුදා පාන්දර 5 පමණ වෙලා තිබුණා.

ඇහින්දාස් වෙනුවෙන්
සංදීපනී අබේසිංහ

SendShareShare
Previous Post

පොලිසියේ රෙද්ද ගැලවූ ‘නාකොටික්’ IP වසන්ත බාරවෙයි

Next Post

නිශ්ශංකමල්ල නාපු ඇල්ල

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.