• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලෝ ප්‍රකට සමාගම් චීනයෙන් ඉවත් වෙයි: චීන ආර්ථිකය කඩාගෙන වැටෙයි

July 6, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ලෝ ප්‍රකට සමාගම් චීනයෙන් ඉවත් වෙයි: චීන ආර්ථිකය කඩාගෙන වැටෙයි
Share on WhatsAppShare on Facebook

බෙල් බොටම් විලාසිතාව සමාජයෙන් දිය වී ගිය අන්දමින්ම චීනයේ මාර්ගෝපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ ගෝලීයකරණයද සෙමෙන් සෙමෙන් එහෙත් ස්ථිර වශයෙන්ම දියවී යමින් තිබේ.
ඇමරිකානු සමාගම් කොරා්නා වසංගතය සමගම වාණිජ යුද්ධයක් පාදක කර ගනිමින් චීනය අත හැර යාමට පටන් ගෙන තිබේ. එක්සත් ජනපද දේශීය නිශ්පාදන නව ප්‍රවනතාව යටතේ නාට්‍යමය විපර්යාසයක් (පෙරැළියක්) සිදුවී ඇතැයි ඇමරිකාවේ කියර්නි ගෝලීය නිෂ්පාදන උපදේශන ආයතනය පසුගිය අප්‍රේල් මාසයේ (2020.04) නිකුත් කළ සිය හත් වැනි වාර්ෂික දර්ශකයේ සඳහන් කර තිබේ. ඒ සඳහා පවත්වා ඇති අධ්‍යයනයේදී චීනය සමග ආනයන සහ අපනයන වාණිජ කටයුතු කළ ආසියානු ව්‍යාපාරිකයන් දහ හතර (14) දෙනකුට තදබල අන්දමින් පාඩු සිදුව ඇතැයි අනාවරණය කෙරී ඇත වෙළෙඳ යුද්ධය චීනයෙන් කෙරෙන ආනයන කඩාකප්පල් කෙරිණි. ඇමරිකානු නිෂ්පාදකයන් මුලින්ම කළේ චීනයෙන් අඩු මිලකට අමු ද්‍රව්‍ය මහා පරිමානයෙන් ලබා ගැනීමය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තවීමෙන් පසු අනපේක්‍ෂිත තත්ත්වයන්ට යෝග්‍ය පරිදි ක්‍රියා කළ හැකි අන්දමේ වෙනත් මානයක් කරලියට පැමිණ තිබේ. නව මානයෙන් අග්නිදිග ආසියාවේ කුඩා රටවලට විශේෂයෙන් වියට්නාමය වැනි රටවලට වාසිදායක තත්වයක් එමගින් හිමි වී ඇත්තේය. එක්සත් ජනපද සමාගම් පසුගිය වර්ෂයේදී (2019) සැපයුම්දාමය පිළිබඳව දෙවන වරටද සිතා බැලුවේය. නැව් ගැස්තු ආදිය අවම මට්ටමක පවත්වා ගැනිම සඳහා චීන පාර්ශවකරුවන් සඳහා ස්ථාන අග්නිදිග ආසියාවේ ස්ථාපනය කළ යුතු බව එමගින් තහවුරු කර ගත්තේය.
චිනයේ හූබෙයි ප්‍රාන්තයෙන් ආරම්භවූ කොවිඞ් වසංගත මාරයාගෙන් ගැලවීමේ උපා මාර්ග සෙවීමේ කටයුතුවලට ප්‍රමුඛතාව දීමට සිදුවූ බැවින් ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්වනතුරු වෙළෙඳ යුද්ධයට තාවකාලිකව නැවතීමේ තිත තැබිණි.
වසංගතය මේ වර්ෂයේ (2020) මුල් භාගයේ ආරම්භයත් සමගම චීනයේ කර්මාන්ත ශාලා වසා දැමීමෙන් සැපයුම් සේවා බිඳ වැටී සමාගම් අවුලෙන් අවුලට පත්විය. චීනය සියලු කටයුතු යළි ආරම්භ කිරීමට පටන් ගත්තද සැපයුම්දාමයේ අවහිරතා නිසා ඇමරිකාවට සෑම අතින්ම පහර වැදෙන්නට විය. එතකුදු වුවත් චීනය යළි යථා තත්වයට ඒමට උත්සාහ ගත්තද ඇත්ත වශයෙන්ම පෙර සිටි තත්ත්වයටම කඩිනමින් යළි ළඟාවීමට හැකිවේ දැයි යන්නද අඩමාන සිතිවිල්ලක් වුවේය. සම්පත් සොයා ගැනීම සහ සමස්ත සැපයුම් දාමය පිළිබඳව ලඝුවෙන් නොව ඉතා දීර්ඝ වශයෙන් සමාගම්වලට සිතන්නට සිදුවූයේ දිග්ගැසෙන්නට වූ කොරෝනා වසංගතය හේතුවෙනි. ඇත්ත වශයෙන්ම ඇමරිකානු සමාගම්වලට චීනය ගැන විශ්වාසය තබනවාට වඩා උද්ගතවෙන අවදානමෙන් මිදෙන ක්‍රමවේදයන් ගැන සොයන්නට සිදුවිය.
මේ අවස්ථාවේ ඇමරිකාවේ සෙනෙට් මන්ත්‍රීවරුන් වන ජොෂ් හවුලේ සහ ටොම් කොට්න් ජාතික ආරක්‍ෂක තලයේ කරුණක් මතුකරමින් විස්තර කළේ ඇමරිකාව මේ අවස්ථාවේ ඇතැම් භාණ්ඩ සපයා ගැනීම සඳහා චීනයෙන් යැපෙන බවයි. එසේ සපයා ගැනීමට සිදුවී ඇත්තේ වසංගතයෙන් ගැලවීමට ඉතා අවශ්‍ය මුඛ ආවරණ, රබර් ග්ලවුස්, හැස්මට් සුට්, වැන්ටිලේටර්ස් පමණක් නොව ටොයිලට් පේපර්ස් පවා චීනයෙන් ආනයනය කෙරෙන බවද කීහ.
ධවල මන්දිරයේ ජාතික ආර්ථික කවුන්සලයේ සභාපති ලැරී කුඞ්ලෝ යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළේ චීනය අතහැර එන දේශිය (එක්සත් ජනපද) සමාගම්කරුවන්ට සිය කාර්යාල හෝ කම්හල් හෝ යළි ස්ථාපනය කර ගැනීම සඳහා ආධාර මුදල් සැපයිය යුතු බවය.
චීනය අනාගත වසංගත මාරයින්ගේ මාතාව යන හැඟීමෙන් යුතුව ව්‍යාපාරිකයෝ සිය වෙළෙඳ ආයතනය යළි ආරම්භ කරන්නට වූහ. ආසියානු රටවල නිෂ්පාදනය සඳහා වන නිෂ්පාදන ආනයන අනුපාතය දෙදස් දහනමයේදී (2019) සියයට හතකින් (7%) පහත වැටිණි. ඊට පෙර වර්ෂයේදී (2018) වීනයෙන් ආනයනය කිරීමේදී තීරුබද්ද සමග ප්‍රමාණය සියයට දාහතක් (17%) වූවේය. චීනය සමග කෙරුණු කටයුතු වෙනුවෙන් කම්කරු සහ පාරිසරික නීති අතහැර නාමික අගය මත පිරිවැය සකසා කට යුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට කාලය උදාවී ඇත්තේය.
චීනය ආසියාවෙන් ආනයනය කළ සියයට හැට හතක්වූ (67%) භාණ්ඩ ප්‍රමාණය දෙදාස් දහනමයේ (2019) මැද භාගය වනවිට සියයට පහයි දශම තුනක් (5.3%) වූවේය. ඒ වන විට ඇමරිකාව චීන ආනයනයෙන් ඩොලර් බිලියන තිස් එකක් (31,00,00,00,000) අඩු කර ගෙන තිබිණි. වියට්නාමය සියයට හතළිස් හයකි (46%). ඊට අමතරව වියට්නාමයේ නිෂ්පාදිත ඩොලර් බිලියන දාහතරක් (14,00,00,00,000) වටිනා භාණ්ඩ ඇරිකාවට අපනයනය කරනු ලැබිණි.
ඇමරිකාව මැක්සිකෝවෙන් දෙදහස් දහ තුනේ (2013) සිට භාණ්ඩ ආනයනය කළ ප්‍රමාණය සියයට තිස් හතකි (37%). ඒ ප්‍රමාණය දෙදහස් දහනමයේදී (2019) සියයට අටකින් (8%) ඉහළ ගියේය. චීනයට වඩා වෙනත් රටවලින් ඇමරිකාවට භාණ්ඩ ආනයනය කිරීමේ ප්‍රවනතාව ඉහළ යාමට හේතුව තීරිබදු අඩුවීමය. කැනඩාව සහ මැක්සිකෝව යන දෙපාර්ශවය අතර ගිවිසුම් ඇතිවීමෙන් පසුව වෙළෙඳ භාණ්ඩ ආනයනයේ ජනප්‍රියම ස්ථානය මැක්සිකෝව වූවේය. වෙළෙඳ යුද්ධය ආරම්භ වීමත් සමග ඇමරිකානු සමාගම්වලට සිය සැපයුම්දාමය සම්බන්ධයෙන් නවක්‍රමෝපායන් ගැනද සිතන්නට සිදුවී තිබේ.
කඩකප්පල්කාරී මෙන්ම අවුල් සහගත අවස්ථා වළකා ගැනීමට චීනයෙන් බැහැර වූ ආර්ථිකයක් ගොඩනැගිය යුතු බව ජපන් අගමැති ෂින්සෝ අබේ පසුගියදා යෝජනා කෙළේය. කොරෝනා වසංගතයෙන් පසු ජපානයට ආනයනය කෙරෙන චීනයේ නිෂ්පාදිත මෝටර් රථ අමතර කොටස්වලට අමතර වැට් බද්දක් එකතුවීමෙන් මිල අධික වී ඇතැයි ද අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කෙළේය. චීන ප්‍රතිපත්තිවලින් දුරස්විය යුතු බවද අගමැති ෂින්සෝ අබේ පැහැදිලිවම අවධාරණය කෙළේය.
චීනයේ පවත්නා විවිධ රටවලට අයත් වාණිජ ව්‍යාපාර, කර්මාන්ත ශාලා, කාර්යාල ටිකෙන් ටික ඒ ඒ රටවල් විසින් ඉවත් කරගනු ලැබීම ගැන චීනය අවුලක සිටී.
විවිධ රටවල ඇති ජපනුන්ගේ විවිධ වාණිජ ආයතන, කර්මාන්ත ශාලා සහ කාර්යාල ජපානයේ හෝ අග්නිදිග ආසියාවේ හෝ ස්ථාපනය කිරීම උදෙසා ඩොලර් බිලියන දෙකයි දශම දෙකක් හෙවත් කෝටි දෙසිය විස්සක් (2,20,00,00,000) ජපානය දෙදහස් විස්සේ (2020) අය වැයෙන් ප්‍රතිපාදන සලසා තිබේ.
ලෝකයේ බලවත්ම ආර්ථික ශක්තිවන්තයා එක්සත් ජනපදයයි. දෙවැන්නා චීනයයි. තුන් වැන්නා ජපානයයි. එක්සත් ජනපදය සහ ජපානය මේ වන විට චීනයෙන් දුරින්ම දුරීභූත වීමට තීරණය කර තිබේ. එසේ වුවහොත් චීනයට “අබ සරණං ගච්ඡාමි” කියන්නට සිදු වේ දැයි නිීරීක්‍ෂකයෝ සැක පහළ කරති.
චින ජ්‍යොතිෂයට අනුව සෑම වර්ෂ හැටකට (60) වරක්ම උදාවන මීයාගේ වර්ෂය රටට එතරම් ශුභදායක නොවන බව ගතවූ ශත වර්ෂ දෙකක (අවුරුදු 200) කාලය තුළ චීන ඉතිහාසයෙන් පෙනේ. වර්ෂ එක්දහස් අටසිය හතළිහේ දී (1840) චීනයට අබිං යුද්ධයකට මුහුණ දෙන්නට සිදුවිය. එක දහස් නමසියයේදී (1900) බොක්සර් කැරැල්ල ඇති විය. එක් දහස් නම සිය හැටේදී (1960) දරුණු සාගතයක් ඇතිවිය.
මේ අවුරුද්දේදී (2020) චීනයට යළි මීයාගේ වර්ෂය උදාවන්නේය. වර්ෂාරම්භයේදීම චීනයේදී කොරා්නා මාරයා උපන්නේය. වර්ෂයේ මැද භාගය වන විට (ජූනි) කොරෝනා මාරයාගේ දෙවැනි රැල්ලද පටන් ගත්තේය. ඉදිරියට තවත් මොන මොනවා වෙයිදැයි දන්නේ දෙවියන් පමණි. එතෙක් අපි දැස් දල්වා බලා සිටිමු.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මෛත්‍රීපාල වගේ හොරෙක් මගෙ ජීවිතේට දැකලා නෑ: ඕනෑම ජරා වැඩක් කරන කෙනෙක්: ළගදීම කරපු හොරකම් එළියට දානවා

Next Post

ක්‍රිකට් වික්ක බුකිකාරයන් ගැන ජේ.සී.ගෙන් හෙළිදරව්වක් (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.