• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවල් කාලයේත් අධිකරණයේ ලයිට් දාලා තියෙනවා! කවුරුහරි පැමිණිල්ලක් කළොත් එළිය තියෙද්දිත් ලයිට් දාලා රජයට පාඩුවක් කළා කියලා අල්ලස් කොමිසම ගරු විනිසුරුතුමියවත් වැඩි කාලයක් යන්න කලින් විත්ති කූඩුවට අරන් එන්න පුළුවන්! මහේෂි විජේරත්නට ඇප ගනිමින් නීතීඥවරු අධිකරණයට ගෙනා තර්කය! Sri Lanka Latest News

July 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මළ මිනියටත් සැත්කම් කළාද? සල්ලි කන මැෂිමක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළා. Sri Lanka Latest News

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව, සැකකාරිය රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.

සැකකාරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු වීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

ඊට අමතරව සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කෙරුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්‍ෂිකා අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට ශල්‍ය වෛද්‍ය උපකරණ විකිණීම සඳහා පවත්වාගෙන ගිය එම්.එන්.එම්. නමැති ආයතනයක් ගැන මීට පෙර විමර්ශනවල දී කරුණු අනාවරණය වූ අතර ඒ පිළිබඳව දැනටමත් අධිකරණය දැනුවත් කර ඇති බවයි.

ඉන් අනතුරුව මෙවැනි ම ආකාරයේ ඊලීෂ් මෙඩිකල් සෙන්ටර් නමැති ආයතනයක් පිළිබඳව විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බවත්, එම ආයතනය ශාමා කුමාරි රොද්‍රිගු නමැති අයෙකු විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී ඇතැයි ඇය පැවසුවා.

පසුව එම තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේ දී අදාළ ආයතනය මෙම සැකකාර වෛද්‍යවරිය විසින් ආරම්භ කරන ලෙස තමන්ට දැනුම් දෙනු ලැබූ බවත්, ඒ වෙනුවෙන් තමන්ට “පොකට් මනී” ලබා දෙන බවට සැකකාර වෛද්‍යවරිය විසින් තමන්ට ප්‍රකාශ කරන ලද බවත් එම රොද්‍රිගු නමැත්තිය සඳහන් කළ බව සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා.

මෙම ආයතනයට අදාළව ශාමා කුමාරි රුද්‍රිගු නමැත්තිය සහ සැකකාර වෛද්‍යවරිය අතර බැංකු ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යන අතර එම ගිණුමට වෛද්‍ය උපකරණ විකිණීමෙන් ලැබෙන මුදල් බැර වී ඇති බවත් එම ගිණුමට අදාළ මුදල් නිකුත් කිරීමේ බලය මෙම සැකකාර වෛද්‍යවරිය වෙත පවරා තිබූ බවත් ඇය සඳහන් කළා.

ඒ අනුව, සැකකාර වෛද්‍යවරියගේ නියෝග මත එම ගිණුමෙන් මුදල් දෙවන සැකකාර රංජිත් මුතුකුඩ නමැත්තාට නිකුත් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බවත් ඇය කියා සිටියා.

අල්ලස් කොමිසම ඇතැම් වෘත්තීන්වලට එරෙහිව ද්වේශ සහගතව කටයුතු කරන බවට පසුගිය දිනයේ අදහස් ප්‍රකාශ වී තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, අල්ලස් කොමිසම කිසිදු වෘත්තියක ආචාර ධර්ම පිළිබඳව සොයා බැලීමක් නොකරන බව සඳහන් කළා.

එහෙත්, කිසියම් වෘත්තිකයෙකු තමන්ගේ නිල බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ලාභයක් උපයා ගන්නවා නම් හෝ ඒ තුළින් වෙනත් අයෙකුට ලාභයක් ඉපයීමට අවස්ථාවක් සලසා දෙන්නේ නම් එය දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදු කිරීමක් බවත් ඊට එරෙහිව කටයුතු කිරීමට අල්ලස් කොමිසමට හැකියාව තිබෙන බවත් ඇය පැවසුවා.

ඒ අනුව, මෙම සැකකාරිය වෛද්‍ය උපකරණ රෝගීන්ට විකිණීම සඳහා තවත් ආයතන පවත්වාගෙන යන්නේ ද? පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවත් බැංකු ගිණුම් පිළිබඳව ද විමර්ශන සිදු කිරීමට අවශ්‍යව තිබෙන හෙයින් එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකාරිය දින 29ක් රිමාන්ඩ් භාරයේ පසුවන බවයි.

අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළා, අපි වෘත්තීන්වල ආචාර ධර්ම ගැන හොයන්නේ නෑ කියලා. එහෙනම් මගේ සේවාදායිකාව මොළේ මැරිච්ච අයට ශල්‍යකර්ම කළා කියලා කිව්වේ කොහොම ද? මේ සැකකාරියගෙන් ප්‍රතිකාර ගත්ත රෝගීන්ගෙන් සීයට හැත්තෑවකට වඩා මැරිලා කියලා කිව්වේ කොහොම ද? අල්ලස් කොමිසම මේ වගේ ප්‍රකාශ කළේ මාධ්‍යවල අවධානය දිනා ගන්න. එහෙමත් නැත්නම් ගැලරියට තමයි කිව්වේ. ජනප්‍රියවාදී මතයක් ගොඩනගලා සැකකාරිය දිගින් දිගට ම රිමාන්ඞ් භාරයට පත් කරන්න තමයි අල්ලස් කොමිසම මේ වගේ දේවල් කරන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මහජන කැලඹීමක් නෑ. දැන් තිබෙන්නේ කෘත්‍රිමව නිර්මාණය කළ සමාජ මාධ්‍ය රැල්ලක් විතරයි. මේවා මත පිහිටලා අධිකරණවලට කටයුතු කිරීමට හැකියාවක් නැහැ. අල්ලස් කොමිසම පෝලිමට මිනිස්සු අල්ලන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්න හදනවා. මේ ක්‍රියාව නිසා වැඩි දවසක් යන්නට මත්තෙන් නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය කඩා වැටෙන්න පුළුවන්. ඒක වැඩි ඈතක නැහැ. ඊට පස්සේ ඒ අයටත් පෙනී ඉන්න වෙන්නෙ අපට ම යි.

ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

SendShareShare
Previous Post

මහ කොමසාරිස්තුමා සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පිරිසෙන් පැවත එන අය හමු වේ! Sri Lanka Latest News

Next Post

බල්තසාර් වැඩ පටන් ගනී! දරුවන් කොළඹ නගර සභාවට අරන් එයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.