අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2024) විභාගය සමත් වී සිසු සිසුවියන් 237,026ක පිරිසක් උසස් පෙළ වරම් ලබා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. Sri Lanka Latest News
විභාග කොමසාරිස් ජනරාල්වරිය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවැසුවාය. එසේම මෙම ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැර ඇති බවද ඇය කීවාය.
එසේම සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් අසමත් සිසුන් 24%ක අගයක් ගෙන ඇති බවද ඇය කීවාය.
මෙවර (2024) විභාගයට පෙනීසිටි සිසු සිසුවියන් අතුරෙන් 4.15%ක් ‘ඒ’ සාමාර්ථ ලබා ඇති බවද, විෂයන් 09ටම ‘ඒ’ 09ක් ලබාගත් සිසු සිසුවියන් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය කීවාය.
එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) ලබන නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඇය වැඩිදුරටත් කීවාය.
නන්දන ශ්‍රී දොරකුඹුර










