• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලස් කොමිසමේ ලොක්කා රාජ්‍ය සේවකයන්ට දුන් පණිවුඩය! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශපාලනයයි රාජ්‍ය සේවයයි එක රැයින් හොල්ලපු අල්ලස් කොමිසමේ අලුත් ලොක්කා කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස සහ දූෂණය මුළුමනින්ම පිටුදැකීමට නම් ජනතාව තුළ ඒ පිළිබඳ ආකල්පමය වෙනසක් ඇතිකළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා. පසුගියදා පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ දඬුවම් කිරීම තුළින් පමණක් අල්ලස දූෂණය තුරන් කළ හැකි යැයි ලොව කිසිදු රටක් විශ්වාස නොකරන බවයි. එහිදී දිසානායක මහතා පළ කළේ මෙවැනි අදහසකි. Sri Lanka Latest News

‘දැන් කවුරු හරි අල්ලස් ගත්ත නම්, කවුරු හරි දූෂණ කරලා රජයට පාඩු කළා නම්, වෙන රටවල මිනිස්සු ඇවිල්ලා මෙහේ කළේ නැහැනේ නේද? මේ රටේ මිනිස්සුම තමයි කළේ. මේ සියලු දෙනා අල්ලලා, නඩු පවරලා, දඬුවම් දෙන්න ගියොත් එහෙම, සෑහෙන පිරිසක් අල්ලන්න සිද්ධ වෙනවා. ලෝකේ කිසිම රටක් විශ්වාස කරන්නේ නැහැ, වැරදි කරන මිනිස්සු අල්ලලා, දඬුවම් දීලා මේක හදන්න පුළුවන් කියලා. ආකල්පමය වෙනසක් පැහැදිලිවම වෙන්නට ඕනේ.

මෑතදී අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතුළට ගිහිල්ලා නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ගාව තිබිච්ච ලක්ෂ 41ක් ගත්තා. මේක හරිම සුවිශේෂ තත්ත්වයක්. අපිට ඊට කලින් තොරතුරු ලැබිලා තිබුණා. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සල්ලි ගන්න අය ඒක නිකන් පූල් එකකට වගේ එකකට දානවා. ඔය ලක්ෂ 41 සතියෙ කලෙක්ෂන් එක. ඊට පස්සේ ඕකේ ඉන්න සියලු නිලධාරීන් අතර ඕක බෙදා ගන්නවා. අපි ගාව ඒවට සාක්ෂි තියෙනවා. එහෙම බෙදාගත්තයි කියලා කියන්නේ. එතකොට ඔබට මම මේක කියන්නේ අල්ලස හා දූෂණය ලංකාවේ තියෙන තැන ගැන කියන්න.

සමහර ආයතන තියෙනවා ඔය රාජ්‍ය ආයතනවලට ගියාම ඒගොල්ලෝ ඒ දෙන්න ඕනෙ මුදල් වෙන් කරලම තියෙන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒවා දෙන්න ඕනේ කියලා. මේ අල්ලසක් නේද කියලා ඇහුවාම එහෙම තේරෙන්නෙත් නැති ගානට ඇවිල්ලා දැන්. එච්චරටම සාමාන්‍යකරණය වෙලා.

මෑතදී ඉඳන් සමහර රජයේ නිලධාරීන් හිරේ යන මට්ටමට ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලවල ඒ රජයන් විසින් ගත්ත ප්‍රතිපත්තිමය තීරණ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කැබිනට් ඩිසිෂන්ස්. රාජ්‍ය සේවකයෝ හිතන් ඉන්නවා නම් අමාත්‍ය මණ්ඩලය තීරණ ගත්තාම ඕනෙ එකක් කරන්න පුළුවන් කියලා, හැබැයි ඒ අමාත්‍ය මණ්ඩල තීරණය අරගෙනත් තියෙන්නෙත් කරප්ට් ඉන්ටෙන්ෂන් එකෙන් නම්, ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. ඒක අපිට දැන් පෙනෙමින් තියෙනවා.

ඔබ දන්නවා බෙහෙත් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා හිටපු අමාත්‍යවරයාට විරුද්ධව. ඒ ඔක්කොටම කැබිනට් පේපර්ස් තියෙනවා. ඔබ දන්නවා පොහොර සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. කාබනික පෝර ගෙනල්ලා ඩොලර් මිලියන 6.9ක් ලංකාවට පාඩු වෙනවා. කැබිනට් පේපර්ස් තියෙනවා. දැන් මේක ඇතුළේ රජයේ සේවකයන් අතර යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් අපි කොහොමද තීරණ ගන්නේ? අපිව අල්ලස් එකෙන් අල්ලන් යනවද කියලා. ඔබට මට ඒකට දෙන්න තියෙන්නේ ඉතාම සරල උත්තරයක්. ඔබ සද්භාවයෙන් කරන කිසිම දෙයක් සම්බන්ධයෙන් මේක අදාළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අපි වෙනස් කරගත යුතු යම් ලක්ෂණයක් තියෙනවා රජයේ සේවකයින්ට. ඒ තමයි දේශපාලනඥයෝ කියන ඒවා කරන්නේ නැති රජයේ සේවයක් හදාගන්න. එහෙම වුණෙත් නෑ. එහෙම වෙයිද කියන්නත් අපි දන්නේ නෑ. කවුරු හරි කිව්වොත්, මට ඇමැතිතුමා කිව්වා, ඒක නිසයි මම මේක කළේ කියලා. ඔහු මේ වරදට වගකීම දැරිය යුතු නැහැ. මොකද ගොඩක් ඒවා කියලා තියෙන්නේ වාචිකව. මොකද, ඒගොල්ලෝ රජයේ සේවකයන්ට වඩා හරිම ස්මාර්ට්. හැබැයි සමහර රජයේ සේවකයෝ ඉන්නවා, මට සමහර කරුණු කියන්න බෑ, ඒවට යම් පියවරක් අරගෙන තිබිච්ච, අඩුම ගානේ තමන්ගේ ලොග් පොතේ හරි මට මෙයා මෙහෙම කිව්වා කියලා ලියලා තිබිච්ච. මම දන්නවා මේක වැරදියි කියලා. හැබැයි මට මේක කරන්න සිද්ධ වෙනවා මේකෙන්.
ඒ හින්දා මට දෙන්න තියෙන පණිවුඩය, එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට අරන් නෑ. ශ්‍රී ලංකාවේ රජයේ සේවකයන්ට යම් පණිවුඩයක් දිය යුතුව තිබෙනවා. මොකද සමහරු දැන් වැඩ නොකර ඉන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ‘නෑ නෑ අපි මේවා කළාම අල්ලස් එකෙන් අල්ලන් යනවා, අපිට මේ තීරණ ගන්න බෑ, ඊට හොඳයි අපි මේවා නොගෙන හිටියාම’ කියලා. එහෙම එකක් නෑ. මම ඒකයි නැවත නැවතත් කියන්නේ. අපිට පැහැදිලිව පේනවා ඇයි ඔහු එහෙම කළේ, ඇයි එහෙම කරන්න තිබිච්ච හේතුව කියලා.

SendShareShare
Previous Post

237,026ක් උසස් පෙළට එනවා! Sri Lanka Latest News

Next Post

ඇතුළේ කඹ ඇදිලි ඇතුළේ ගැටුම් ඇතුළේ මතභේද ඇතුළේ කටකතා! ජවිපෙ මාලිමාව හයිජැක් කරලද? හරිනි එක්ක තියෙන ගැටුම මොකක්ද? චීන ගමනෙන් අනුර පිලේ අය හැලුවද? චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක ගහපු ගිවිසුම මොකක්ද? ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම හංගන්නේ ඇයි? හොරු කියපු අයත් එක්ක එකතු වුණේ කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.