• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණේමුල්ලේ සංජීවට උසාවි කූඩුව ඇතුළෙම වෙඩි තියලා මරන්න මැලේෂියාවේ ඉඳන් ගේම ගහපු කෙහෙල්බද්දර පද්මේට උතුර දකුණ මාරුවෙන්න දුන්නු රිටර්න් එකේ තොරතුරු එළියට එයි! I Sri Lanka Latest News

July 10, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ගණේමුල්ල සංජීවව උසාවි කූඩුව ඇතුළෙම වෙඩි තියලා මරපු ගේම් එකේ මහමොළකාරයෝ දෙන්නා..! කෙහෙල්බද්දර පද්මෙයි කමාන්ඩෝ සලින්තයි මැලේසියාවේදී කොටුවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල සාමාජිකයකු  ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ඇති බවට ඊයේ වාර්තා වුණා..Sri Lanka Latest News

මේ සිද්ධියත් සමග ඔවුන් ගැන මේ වනවිට නැවතත් සමාජයේ කතාබහක් නිර්මාණය වන පසුබිමක මේ කියන්න යන්නේ තවත් අහන්න ලැබෙන අන්න ඒ වගේ එක කතාවක් ගැනයි.. දැනට මලයාසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා කොටුකර ගැනීම සදහා ඔත්තුව ලබාදී ඇත්තේ මෙරට සිටින පාතාල කල්ලි සාමාජිකයින් විසින්ම බවට අනාවරණය වී තිබෙනවා…

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා මලයාසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා…

මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඇතුලු තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ…

කෙහෙල්බද්දර පද්මේ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා. ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ මලයාසියාවේදී පෙනී සිට ඇත්තේ ආදිත්‍ය අභිමන් ලෙසින්..

එම නම භාවිතා කරමින් ඔහු විදෙස් ගමන් බලපත්‍රයක් ද සකස් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ..

2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කෙරුණා. ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණේ ගනේමුල්ල සංජීවට සහ සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩාටයි..

පසුව කෙහෙල්බද්දර පද්මේ ඩුබායි වෙත පලා ගිය අතර එහි සිට ඝාතන රැසක් මෙහෙයවා තිබුණා. ඒ අනුව, කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත සම්බන්ධයෙන් මෑතකදී වැඩි කතාබහක් ඇති වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන් මෙහෙයවූ බවට වාර්තාවීමත් සමගයි..

එවන් පසුබිමකයි කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ තවත් අයකු මලයාසියාවේ හෝටලයක පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා..

ගනේමුල්ල සංජීව නැමැති පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීම සදහා ඩුබායිහි රැදී සිටි කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් ලබාදුන්නේ මලයාසියාවේ රැදී සිටි කමාන්ඩෝ සලින්ත නැමැත්තායි..

එම ඝාතනයෙන් අනතුරුව කෙහෙල්බද්දර පද්මේ සලින්ත රැදී සිටින මලයාසියාව වෙත පළාගොස් තිබුණේ ඩුබායිහි ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලුවත් සමගයි.

මේ අතර, මෙරට පාතාල කල්ලි සාමාජිකයින් අතර මෑත කාලීනව ගැටුම් උග්‍ර වී ඇත්තේ පාතාලයේ අනසක පතුරන්නේ කවුරුන්ද යන්න පිළිබදව මතුව ඇති තරගකාරීත්වයත් සමගයි. ඊට කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා පාතාල සාමාජිකයින්ට හිසරදයක් වී තිබූ බවටයි ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදී ඇත්තේ..

එම ගැටුමත් සමග කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සදහා ඔහුගේ ව්‍යාජ නම ඇතුලුව අනෙකුත් තොරතුරු ආරක්ෂක අංශ වෙත මෙරට පාතාල කල්ලි සාමාජිකයන් විසින්ම ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා..

SendShareShare
Previous Post

ඇමෙරිකාව අපිට ගැහුවට අපි ඇමෙරිකාවට ගහන්නේ නෑ! ජනාධිපති උපදේශක! Sri Lanka Latest News

Next Post

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.