රටේ යහ පැවැත්මට සුදුසු නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ පරම වගකීම ඡන්ද දායකයන් සතු වන බැවින් එය වඩාත් නිවැරදි ලෙස පාවිච්චි නොකළහොත් රටට ජාතියට සිදු වන හානිය බරපතල වනු ඇති බව අගමැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.
කෝවිඩ් වසංගතය නිසා රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීම පහසුම කාර්ය භාරයක් නොවන බව කී ඒ මහතා ,යහපත් අරමුණු සහිත පිරිස් එක්ව ක්‍රියා කළ හොත් අපට යළි නැගී සිටිය හැකි යැයි ද සඳහන් කළේය .
හෙට්ටිගේ මහතා එසේ කීවේ මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් තරඟ වදින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල පන්නල – ඇලිවිල සහ මාකඳුර ප්‍රදේශයන්හි ඉකුත් දා (30 ) පැවැති ජන හමු වල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
ඉතිහාසය පුරා අප වැටි – වැටී නැගිටින ජාතියක් .රටට නොයෙක් විදියේ හානිකර දේ සිදු වුණා .එවැනි බොහෝ දේ වලට ජනාතව ද වගකිව යුතුයි .හොඳ ආණ්ඩු හදන්නෙත් නරක ආණ්ඩු හදන්නෙත් පොදු ජනතාව .යහපාලන ආණ්ඩුව හැදුනේ ද ඡන්ද දායකයන්ගේ දායකත්වයෙන් .අවසානයේ රට විනාශකාරී තැනට පත් වුණා .
ඡන්ද දායකයන් වැරදි පුද්ගලයන් තම නියෝජිතයින් ලෙස පත් කරනවා .පසුව පසු තැවෙනවා .
ඔවුන් ක්‍රියා කරන හැටි දැකල විවේචන කරනවා .මන්ත්‍රී වරුන් 225 එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්න ඕන කියා සමහරු ප්‍රර්ථනා කළා .ඒ තරමට එපා වුණා .එහෙම එපා වෙලා බෑ .හොඳ පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනෑ .රටකට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ .
යමෙකුට මහ ජන නියෝජිතයෙක් වෙන්න තිබිය යුතු ප්‍රධාන සාධකය නම් මානව දයාවයි .මහින්ද රාජපක්‍ෂ චරිතය තුළ එය හොඳින් කැපී පෙනෙනවා .
යහපත් ලෙස ක්‍රියාත්මක ව්‍යවස්ථාදායකයක් විධායකයක් හා අධිකරණයක් රටකට ඕනැ .එවැනි පරිසරයක තමයි සාධාරණ යුක්තිගරුක සමාජයක් බිහි වන්නේ .යහපාලන කාලය තුළ මේ සියලු අංශ හානියට පත් වූණා.
මේ මහ මැතිවරණයෙන් විධිමත් ආණ්ඩුවක්පිහිටුවා ගන්න ඉඩ ලැබෙනවා .එහි අගමැති වෙන්නේ තවමත් පොදු ජන හදවත් දිනා සිටින මහින්ද රාජපක්‍ෂ මහත්තය .යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවෙන් වැඩ කරන ජනාධිපති ගෝඨාභය මහත්තය සමග එක් වූ විට රටට යහපතක් උදා වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .










