ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු මහනාහිමියන්ගෙන් ඉල්ලීමක් කොට ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය පළ කොට තිබූ පුවත සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.Sri Lanka Latest News
මෙම පුවත අසත්‍යයක් බව මල්වතු පාර්ශ්වය මෙන්ම නාමල් රාජපක්ෂ මහතා විසින්ද නිවේදනය කොට තිබිණ.










