• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව දේශපාලන ගණිකාවක් වෙලාද? VIDEO I Sri Lanka Latest News

July 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී හොරුන් සමඟ එකතු වෙන්නේ නෑ කියලා. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු කරන්නේ නෑ කියලා ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම ස්වාධීන කන්ඩායම්වල සිටින්නෙත් හොරු බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. මෙවැනි දැඩි තින්දු තිරණ ගන්නා බව ප්‍රකාශ කරලා රටේ ජනතාව මුලාවට පත් කරන්න ජාතික ජනබලවේගය කටයුතු කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය ජනතාව මුලාවට පත් කරන්න පටන් ගත්තේ ජනාධිපතිවරණයට පෙරයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේදීත් ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට වඩා වැඩියෙන් මෙන් පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබලවේගය ජනතාව මුලාවට පත් කළා.

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයට පෙර ජාතික ජනබලවේගය ප්‍රකාශ කළ කාරණා සියල්ල පුස්සක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට පෙර කියු කිසිවක් නොකර දේශපාලන ගණිකාවන් බවට ජාතික ජනබලවේගය අද පත්වෙලා තිබෙනවා. ඔවුන් බලය උදෙසා ඕනෑම දෙයක් පවා දෙන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම තොන්ඩමන්ගේ කණ්ඩායම සමඟ ගනුදෙනු කරන්නේ නෑ කියපු ජාතික ජනබලවේගය මේ වනවිට තොන්ඩමන්ගේ පක්ෂය සමඟ එකතු වී නුවරඑළියේ පළාත් පාලන ආයතනයක බලය පිහිටුවා තිබෙනවා. ඒ වගේම රිෂාඩ් බදියුදින්ට විවිධ චෝදනා ජාතික ජනබලවේගය එල්ල කළා. නමුත් අද වනවිට රිෂාඩ් බදියුදින්ගේ කණ්ඩායමේ සහාය ගන්න ජාතික ජනබලවේගය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පොදුජන පෙරමුණේ ගාල්ලේ හිටපු නගරාධිපතිවරයාට විරුද්ධව කතා කරපු ජාතික ජනබලවේගය අද වනවිට ඔහු සමඟ එකතු වී ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම නගර සභා සහ ප්‍රාදේශීය සභාවල කණ්ඩායම් අද වනවිට ජාතික ජනබලවේගයට නැතුවම බැරි පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ බලය ලබාගැනිම සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යම් යම් වරදාන වරප්‍රසාද ලබාදීමටද ජාතික ජනබලවේගය කටයුතු කරලා තිබෙන බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම මේ වනවිට ජාතික ජනබලවේගය බලය ලබාගැනිම සඳහා මැර බලය යෙදවිමටත් කටයුතු කරලා තිබෙනවා.

ඒ වගේම ජාතික ජනබලවේගය බලය ලබාගත්තේ රටේ පාතාලය නැති කරන බව ප්‍රකාශ කරමින්. නමුත් ඔවුන් අද නගරසභාවල , ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන්න පතාල කණ්ඩායම්වල සහාය ලබාගන්නවා. කෙසේ නමුත් බලය ලබාගැනිම සඳහා ජාතික ජනබලවේගය ඕනෑම දෙයක් කිරීමට සුදානම්. ඒ වගේම පළාත් පාලන ආයතනවල කඩා වැදුන මැර කණ්ඩායම් අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට අපි අභියෝග කරනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ මැර කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් සිදුකර තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගය මේ සිදුකරන්නේ 88 89 භිෂණය මොහොතේ සිදුකළ දේවල්. ඔවුන්ගේ ජාන තුළ ඒ මැරකම් තවමත් තිබෙනවා. කෙසේ නමුත් පළාත් පාලන ආයතනවලට කඩාවැදුන ජාතික ජනබලවේගයේ පිරිස් තවම අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරලා නෑ. කෙසේ නමුත් බලය ලබාගැනිම සඳහා මෙවැනි පහත් ක්‍රියා සිදුනොකරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයට 60 ත් 70 ත් අතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය හිමිවෙලා තිබෙනවා. එයින් බහුතරයක බලය ලබාගැනිමට සමගි ජනබලවේගයට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ වගේම යම් යම් හේතු නිසා නිලවරණ නොපැවැත්වු පළාත් පාලන ආයතනවල බලය ලබාගැනිමටත් සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම පක්ෂයේ නිති වලට පටහැනිව කටයුතු කළ පිරිස් සඳහා විනය පරික්ෂණ පවත්වන්නත් ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය අහිමි කිරිමටත් කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව පක්ෂයේ විනය ආරක්ෂා කරන්න හැකි පිරිසක් පත් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා.

ඒ වගේම ගෝඨාභයට රැවටුනා වගේම ජනතාව මෙවරත් රැවටි තිබෙනවා. කෙසේ නමුත් මෙවර ජනතාවට ඉතා ඉක්මනින් ඒ බව තේරුම් ගෙන තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයත් ඉතා ඉක්මනින්න පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය මීටත් වඩා අඩුවිමට නියමිතයි. ඒ වගේම ප්‍රමාද වුණ පළාත් සභා මැතිවරණයට හැකි ඉක්මනින් පවත්වන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුව යම් කිසි තිගැස්මක සිටින බවක් පෙනෙන නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව කටයුතු කරයිද කියන ප්‍රශ්නයත් මතුවෙනවා. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ කිසිදෙයක් ඉටුකිරීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එහිත් කිසිදු වෙනසක් සිදුවී නෑ. ඔවුන් විපක්ෂයේ සිටින විට හොද නැ කියූ සියල්ල ඔවුන් දැන් සිදුකරමින් සිටිනවා.‘‘

SendShareShare
Previous Post

ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීම වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගත්තා වගේ එකක්ද? මොකද්ද මේ ප්‍රසාද් කියන අමුතු කතාව! VIDEO I Sri Lanka Latest News

Next Post

බලශක්ති ඉංජිනේරු ඇමැති ගිය සතියේ කිව්වා මාස 2ක තෙල් ස්ටොක් එකක් තියෙනවා.. පෝලිම්වල ඉන්න එපා කියලා! එහෙම තිබුණා නම් කොහොමද තෙල් මිල වැඩි වුණේ? එයා ඔයිට කලිනුත් පිස්සුවක් කෙළියා..! ඉරාන ඊශ්‍රායල යුද්දෙ දිගටම තිබ්බා නම් අම්මට සිරි වෙනවා..! මේක මහ හෙණ ගහන වැඩක්! තෙල් මිල නග්ගපු එක ගැන මිනිස්සු පතුරු යවනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.