• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

W15 හෝටලට වෙඩි තියලා එද්දී ඉමදූවේ අධිවේගී පිවිසුමේදී වෙච්ච දේ පළමු වරට එළියට එයි පොලිස් සැරයන් අල්විස් පළමු වරට සාක්ෂි දෙයි Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කොළඹ අපරාධ කොට්ඨාසයේ ASP නෙවිල් ද සිල්වා මට කිව්වා ස්පෙෂල් ටීම් එකක් අරන් වැලිගමට ගිහින් W15 හෝටලයට වෙඩි තියන්න! ඒක නීත්‍යනුකූල රාජකාරියක් නෙවෙයි! අලුත් වාහනයක් ස්ටිකර් ගහලා වෙනස් කළා! නම්බර් ප්ලේ මාරු කරලා හොර එකක් ගැහුවා! T56 දෙකක් ගත්තා! පිස්තෝල 2ක් තිබුණා! හෝටලයට වෙඩි තිබ්බේ IP මදුරංග. ඊට පස්සේ STF එකෙන් අපිට වෙඩි තිබ්බා! මෙහෙයුමට කලින් පොලිසිය දැනුවත් කරනවා කිවවත් නෙවිල් සිල්වා අපිට බොරු කියලා තිබ්බේ! සිද්ධියෙන් පස්සේ නෙවිල් සිල්වා අපිට කිව්වා තුන්වැනි පාර්ශ්වයක් වෙඩි තිබ්බා කියලා පොලිසියටයි උසාවියටයි කියමු කියලා! දේශබන්දුගේ විමර්ශනයේදී CCD එකේ OIC ඇන්ස්ලම් කතාව මුල සිට හෙළිකරයි! කට්ටිය බෙල්ල මුලටම හිරවෙන ලකුණු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් වැලිගම W 15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව විමර්ශනය කරන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව පසුගිය 18 වැනිදා හත්වැනි දිනටත් රැස්වුණා. එම දිනයේදී සාක්ෂිකරුවන් 9 දෙනකු කැඳවනු ලැබූ අතර එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා. Sri Lanka Latest News

එහිදී පරීක්ෂණ කමිටුව හමුවට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් සැරයන් අල්විස් විජේවික්‍රමව කැඳවනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු පරීක්ෂන කමිටුව හමුවට සාක්ෂි ලබාදීම ආරම්භ කළා.

‘ස්වාමිනි ප්‍රශ්නගත වාහනය ඉමදූව පිටවීමේ දොරටුව අසලදී නවතා තිබියදී එහි වීදුරුව කැඩිලා තිබෙනවා දැක්කා. වාහනේ ඇතුළේ හිටපු සිල්වා කියන මහත්තයෙක් ID එක පෙන්නලා කිව්වා අපි පොලිසියෙන් කියලා. ඒත් ස්වාමිනි ඒකේ මූණ මැකිලා තිබුණේ, ඒ නිසා මම අදාළ බලධාරීන්ට දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් කිව්වා අදාළ වාහනය යවන්න එපා කියලා. ඒ වගේම මම ඇතුළ බලද්දී දැක්කා එක්කෙනෙක් බුදියන් ඉන්නවා. මම ඇහුවා ඇයි එයා එහෙම ඉන්නේ කියලා. එතකොට කිව්වා එයාට තුවාල වෙලා තියෙන්නේ කියලා, ඒ අනුව අපි ගිලන් රථයකට කතාකරලා වැටිලා හිටපු කෙනා ට්‍රොලියට දැම්මා. නර්ස් නෝනා කිව්වා තුවාල වෙලා තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕනේ කියලා. නමුත් ස්වාමිනි තුවාලකරු බයිසිකල්වල යද්දි අඳින ජැකට් එකක් ඇඳලා හිටියේ. මම ඒ සිප් එක ඇරපු ගමන් දැක්කේ එයා ඇඳන් හිටපු ඇඳුම ලේවලින් පෙඟිලා ඇඟට ඇලිලා තිබ්බේ. පස්සේ බොත්තම් ටික ගලවලා බලද්දී පපුවේ වම්පස තනපුඩුවට ඉහළින් තුවාලේ තිබුණා. ඒක වෙඩි ප්‍රහාරයකින් වුණු තුවාලයක් කියලා මට අඳුනගන්න පුළුවන් වුණා. ඊට පස්සේ හෘද ස්පන්දන මැෂිම ලෙඩාට තියලා බැලුවා, නර්ස් නෝනා කිව්වා හාට් බීට් එක 52යි අවදානම් තත්ත්වෙක ඉන්නේ කියලා. ඊට පස්සේ ස්වාමිනි මම කිව්වා ඉක්මනට කරාපිටිය රෝහලට අරන් යමු කියලා. එතකොට මම දැක්කා වෑන් එකේ ඉඳලා තව කෙනෙක් කොර ගහගෙන එනවා. කකුලෙන් ලේ ගලාගෙන තිබුණේ. මම දැක්කා ඔහු වෑන් රථයෙන් බහිද්දී පිස්තෝලයක් ඉණේ ගහගන්නවා. මම කිව්වා පිස්තෝලය අරන් යන්න බැහැ කාට හරි දීලා එන්න කියලා. ඊට පස්සේ ඔහු ඇවිල්ලා ගිලන් රථයට නැග්ගා ස්වාමිනි. මම ඇහුවා පිස්තෝලෙ දුන්නද කියලා. නමුත් ඔහු පිළිතුරක් දුන්නේ නැහැ. මම ඉණ චෙක් කරලා බැලුවා පිස්තෝලයක් තිබ්බේ නැහැ. ඊටපස්සේ 3.45ට පමණ අපි හොස්පිටල් එකට පිටත් වුණා…’

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අසා සිටියේ වෑන් රථයේ සිටි පුද්ගලයන් විශේෂ ඉල්ලීමක් කළාද යන්නයි.
ඊට පිළිතුරු බලාදෙමින් සාක්ෂිකරු පැවැසුවේ,

‘ඔව් ස්වමිනි, කොළඹට යන්න ඕනෙ කිව්වා. වෑන් රථයේ තවත් තුවාලකරුවෙක් ඉන්නවා කියලා මුලින්ම කිව්වේ නැහැ. තවත් තුවාලකරුවෙක් ඉන්නවා කියලා දැනගත්තේ ඔහු වෑන් රථයෙන් බැහැලා එද්දී’ අනතුරුව සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ‘කොළඹට යන්න ඕනෙ කියලා කිව්වේ තුවාලකරුවෙක් ඉන්නවා කියලා කිව්වාට පස්සෙද පෙරද’ යන්නයි.

‘පෙර ස්වාමිනි… කොළඹට යන්න ඕනෙ කියලා තමයි මුලින්ම කිව්වේ. ඊට පස්සේ තමයි බිම එක්කෙනෙක් වැටිලා ඉන්නවා දැක්කේ. ඒක දැකලා අහද්දී තමයි කිව්වේ තුවාලකාරයෙක් ඉන්නවා කියලා. ඔවුන්ට රෝහලකට යන්න අවශ්‍ය වෙලා තිබ්බා නම් ඔවුන්ට ළඟම රෝහලකට යන්න තිබ්බා…’

අනතුරුව සාක්ෂි දුන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් රියැදුරු නිරෝෂ් බණ්ඩාරයි.

ඔහුගෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමසා සිටියේ ‘කොළඹින් පිටවගිය KDH වර්ගයේ අදාළ මෝටර් රථ සම්බන්ධයෙන් කාර්යයක් ඔබ කළේද’ යන්නයි.
‘ස්වාමිනි ස්ටිකර් වගයක් ඇලෙව්වා. පිටිපස්සෙත් නම්බර් ප්ලේට් එකට උඩින් ඇලෙව්වා’ යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නා.

අනතුරුව ‘කොහෙදීද ස්ටිකරය ඇලෙව්වේ?’ යනුවෙන් ප්‍රීති පද්මන් සූරසේන මහතා අදාළ සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
‘කොළඹ අපරාධ කොට්ඨාසයේදී’ ලෙස ඔහු පිළිතුරු දුන්නා.

පසුව දීලිප පීරිස් යළි ප්‍රශ්න කරමින් ‘ස්ටිකර් එක අලවන්න කිව්වේ කවුද?’ යනුවෙන් විමසා සිටියා.

‘ස්වාමිනි දුලිප් මට කිව්වා කතුරක් ගේන්න කියලා, මම බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයෙන් කතුරක් අරගෙන ආවා….’ යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නා.
අදාළ පිළිතුරෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන සිනාසෙමින් ‘ඒ කියන්නේ ආණ්ඩුවේ කතුරක් නේද?’ යනුවෙන් විමසා සිටියා.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2024.01.18 වැනි දින එවක පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදුකළ මාධ්‍ය හමුවක් පරීක්ෂණ කමිටුව හමුවේ පෙන්වීමට උත්සාහ කළා.

ඒ සඳහා දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්. වීරවික්‍රම විරුද්ධත්වය ප්‍රකාශ කළා.

‘ස්වාමිනි මේ වීඩියෝවට අදාළ මුල් පිටපත් කිසිවක් මෙතැන නැහැ. පැය දෙකකට ආසන්න කාලයක් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක් තැනකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ලබාදෙන පිළිතුරක් සාක්ෂි ලෙස භාවිත කිරීම පැමිණිල්ල සිදුකරන වරදක්. ඒ හරහා විනිසුරු මඬුල්ලේ තීරණය වෙනස් වෙන්න පුළුවන්. ඒකට මම විරුද්ධයි…’
ඉන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ද පරීක්ෂණ කමිටුව හමුවේ කරුණු දැක්වූවා.

‘ස්වාමිනි උක්ත මාධ්‍ය සාකච්ඡාවේදී W15 හෝටලය ගැන කියනවා. මේ මාධ්‍ය සාකච්ඡාව තිබ්බේ රාජ්‍ය ආයතනයක. ඒකට මාධ්‍යවේදීන් බලෙන් යන්නේ නැහැ. අන්තර්ගතයට විරුද්ධ වෙනවා නම් ඒක පෙන්නුවාට පස්සේ විරුද්ධ වෙන්න පුළුවන්. ස්වාමිනි මේ සිදුවන දේ අතිශය විස්මයජනකයි…’
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පරීක්ෂණ කමිටුව තීරණය කළේ අදාළ වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවීමටයි.

hirunews.lkවෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

කොළඹ දාපු ඩීල් මෙන්න! 60 දවස් 2කට 54ට බැස්සේ කොහොමද? Sri Lanka Latest News

Next Post

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සරයට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.