• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සරයට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සරයට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (21) පස්වරුවේ පැවැත්විණි. Sri Lanka Latest News

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.

ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.

අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබා දීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරිමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළද සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙ‍ළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළාස්මස්ථානාධිපති මහනුවර ගෙඩිගේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි ස්වාමීන් වහන්සේ මෙහි මුලසුන අනුශාසනාව සිදු කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන් වහන්සේ, ඇත්කඳ රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ස්වමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-06-21

SendShareShare
Previous Post

W15 හෝටලට වෙඩි තියලා එද්දී ඉමදූවේ අධිවේගී පිවිසුමේදී වෙච්ච දේ පළමු වරට එළියට එයි පොලිස් සැරයන් අල්විස් පළමු වරට සාක්ෂි දෙයි Sri Lanka Latest News

Next Post

ගැහැනු හතරක් එක මිටකට.. දුන්නා බැටේ ජනමතයට..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.