• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රශ්නය උඩුදුවයි! දීපු දින 90 මේ සති දෙකෙන් ඉවරයි! අමෙරිකාවේ අලුත් යෝජනාවෙන් ලංකාව තවත් හිරවෙයිද? I Sri Lanka Latest News

June 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය අප්‍රේල් 03 වැනිදා මුළු ලෝකයම කලඹවාලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සියලු රටවලට බලපාන පරිදි දැවැන්ත තීරුබදු ඉහළ නැංවීමක් ප්‍රකාශයට පත් කළේය. එහිදී ඇතැම් රටවලට 100%ක් ඉක්මවා යන පරිදි තීරුබදු ප්‍රතිශතයන් ඉහළ නංවා තිබූ ට්‍රම්ප් ලංකාවටද 44%ක තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට පියවර ගෙන තිබිණි. මේ දක්වා ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන බොහෝ භාණ්ඩවලට ඇමෙරිකාව කිසිදු බද්දක් අය නොකර තිබූ අතර, ඉතා විශාල වශයෙන් එරටට ආනයනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලට සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් 17%ක තීරු බද්දක් පනවා තිබිණි. නමුත් ට්‍රම්ප්ගේ නව බද්දත් සමග ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන සියලු භාණ්ඩවලට 44%ක බද්දක් නියම වීමට නියමිතව තිබූ අතර, බොහෝ දෙනා පෙන්වා දුන්නේ එවැනි පසුබිමක් යටතේ ලංකාවේ භාණ්ඩවලට කිසිදු ලෙසකින්වත් ඇමෙරිකානු වෙළෙඳපොළේ තරග කිරීමට ඉඩක් නොමැති වනු ඇති බවකි. එසේත් නැතිනම් අදාළ බදු ප්‍රතිශතයත් සමග ලංකාවේ භාණ්ඩවලටද විශාල මිලක් නියම වීම හේතුවෙන් ඇමෙරිකානුවන් මෙරට භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටිනු ඇති බවකි. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් ඉතා විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන අතර, යම් හෙයකින් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වුවහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. ඒ අනුව ප්‍රධාන විපක්ෂය පමණක් නොව ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු ප්‍රධාන ආයතන ප්‍රධානීන් වහාම ආණ්ඩුවට දැනුම් දී සිටියේ හැකි ඉක්මනින් ඇමෙරිකාව සමග සාකච්ඡා කර මේ තත්ත්වය වෙනස් කරගැනීමට පියවර ගන්නා ලෙසය.Sri Lanka Latest News

මේ ආකාරයට ට්‍රම්ප් විසින් තීරුබදු පැනවීමට ප්‍රථම ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය මේ සම්බන්ධයෙන් ඊට මාස දෙකකට පෙර විශේෂ අනාවරණයක් කරමින් පළමු වරට මෙම පුවත රටට අනාවරණ කිරීමට පියවර ගත්තේය. අප කළ අනාවරණයෙන් පසු ඉකුත් මාර්තු මාසයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානයට යොමුකරමින් ට්‍රම්ප් පරිපාලනය මෙරට අපනයනවලට තීරු බද්දක් පැනවීමට නියමිතව ඇති බවත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු නොකරන්නේ නම් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්වීම වැළැක්විය නොහැකි බවත් කියා සිටියේය. ඒ අවස්ථාවේදී නැගී සිටි විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා දැනටමත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට ඇති බව කියා සිටියත්, පසුව අනාවරණ වූයේ ආණ්ඩුව ඒ වනතෙක්ම ඊට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවකි.

10%ක බද්දක් වැටෙනවා

කෙසේ වෙතත් පසුව ආණ්ඩුව අවස්ථා දෙකකදීම මෙරට නියෝජිත පිරිස් වොෂින්ටනයට යවා ට්‍රම්ප් පරිපාලනය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබිණි. ඒ අතරවාරයේදී ලොව ප්‍රධාන රටවල් රැසක්ම ඇමෙරිකාවට පැමිණ ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කොට මෙසේ පනවා තිබූ තීරුබදු ප්‍රතිශතයන් විශාල වශයෙන් අඩුකර ගැනීමට සමත්ව තිබිණි. උදාහරණයක් වශයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා හදිසි ඇමෙරිකානු සංචාරයක නිරත වූ අතර, 56%ක් ලෙස පනවා තිබූ තීරු බද්ද 26% දක්වා අඩුකර ගැනීමට මෝදිගේ රජය ඒ අනුව සමත්ව තිබිණි.

කෙසේ වෙතත් මෙම බදු ප්‍රතිශතයන්ට ජාත්‍යන්තර වශයෙන් විරෝධය පළවීමත් සමග ට්‍රම්ප් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාස 3ක කාලයක් සඳහා එම බදු ප්‍රතිශතයන් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට තීරණය කොට ඇති බවකි. එම කාලවකවානුව තුළ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සියලුම රටවල්වලට හැකියාව ඇති බවද ට්‍රම්ප් පරිපාලනය සඳහන් කොට සිටියේය. ඒ අනුව එම දින 90ක කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මස 05 වැනි දිනය. එසේත් නැතිනම් ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් සති දෙකක කාලයක් පමණි. එසේ නම් මේ වනවිට අදාළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය කෙසේද?

දැනගන්නට ඇති ආකාරයට අවසන් සාකච්ඡාවේදී ඇමෙරිකාව පැත්තෙන් දැනුම් දී ඇත්තේ 44%ක බද්ද 10%ක් දක්වා අවම කිරීමට හැකියාව ඇති බවකි. නමුත් දැනට භාණ්ඩ මත යම් බදු ප්‍රතිශතයක් පනවා ඇත්නම් ඊට මෙම නව බද්දද එකතු වන බව ඇමෙරිකාව පැත්තෙන් දැනුම් දී ඇති බව ආරංචිය. උදාහරණයක් ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලට සහ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ඇමෙරිකාව 17%ක බද්දක් පනවා ඇති අතර, නව බද්ද සමග එය 27% දක්වා ඉහළ නැංවීමට නියමිතය. ඒ අනුව ආණ්ඩුව පැත්තෙන් ලබාදී ඇති යෝජනාවලියෙන් කියැවී ඇත්තේ මෙම 10%ක බද්ද තවත් අඩුකිරීමට පියවර ගන්නා ලෙසය. එමෙන්ම දෙරට අතර ආනයන අපනයන වෙළෙඳ ශේෂය අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඇමෙරිකාව පැත්තෙන් එම යෝජනාවන් ප්‍රායෝගිකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ආරංචිය.
කෙසේ වෙතත් ලංකාවෙන් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එරටින් ලැබෙන තොරතුරුවලින් කියැවේ. නමුත් කුමන තත්ත්වයක් යටතේ හෝ ඉදිරි සති දෙක ඇතුළත මෙම තීරුබදු ලංකාවට හිතකර ලෙස පහත දමාගැනීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එය මෙරට ප්‍රධාන අපනයන ආදායම ලෙස සැලකෙන ඇඟලුම් කර්මාන්තයට මරුපහරක් වීමට නියමිත බව අමුතුවෙන් කිවයුතු නැත. දැනටමත් ඇඟලුම් මත 17%ක බද්දක් පනවා ඇති පසුබිමක ඇඟලුම් කම්හල් හිමියන් ප්‍රකාශ කරන්නේ ඊට තවත් 10%ක තීරු බද්දක් එකතු වුවහොත් මෙම කර්මාන්තය කිසිසේත්ම තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි පසුබිමක් මතුවනු ඇතැයි කියාය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

උදාගම් 2500 හදන්න කලින් මම මැරුණොත් මගේ අළු මේ උදාගමේ තැන්පත් කරන්න! කියපු විදියටම ප්‍රේමදාසගේ භෂ්මාවශේෂ වියලුව වාසනාගම තැන්පත් කළා! ගම්උදා නිවාස සංකල්පය ඔළුවට ආවේ බඩල්ගම මිනිස්සු එක්ක සියඹලා ගහ යට කතාකරද්දී! විවෘත කරපු අන්තිම උදාගම නුවරළියේ 790 වැනි එකයි! තාත්තා නවත්තපු තැනින් පටන් අරන් සජිත් උදාගම්මාන 2500 සම්පූර්ණ කරලා තාත්තගේ හීනය සැබෑ කළා! ප්‍රේමදාස මහත්තයා ඉන්දියාවෙත් එක උදාගම්මානයක් හදලා විවෘත කළා! ගිය අවුරුදු 5ට කිසිම උදාගම්මානයක් හදලා නෑ! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ මැතිඇමැතිවරු ඊයේ රොස්මිඩ් ප්ලේස් එකේ අංක 59 ගෙදරට රාජ්‍ය නිලධාරීන් ගෙන්වලා තිබ්බ රහස් සාකච්ඡාව මොකද්ද? පළාත් පාලන කොමසාරිස්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්තේ ඇයි? රහස් ඡන්දයක් තියපු එකේ රහස මොකද්ද? මෙන්න සජබෙ වරුණ දීප්ත ලොකු රහසක් හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.