සදුදා දින (16) පැවැත්වීමට නියමිත කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු තනතුරු තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී මෙතෙක් සිදුකරගෙන ආ සම්ප්‍රදාය අනුගමනය නොකිරීමට වගකිවයුත්තන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ බහුතර බලයක් නොමැති පළාත් පාලන ආයතනවල තනතුරු තෝරාගැනීම ඡන්දයෙන් සිදුකිරීමය.
එහිදී රහස් ඡන්දයකින් එය කරනවාද, එසේත් නැත්නම් විවෘත ඡන්දයකින් එය කරනවාද යන්න තීරණය කිරීම සදහා පළමුව ඡන්ද විමසීමක් සිදුකරනු ලබයි.
ඒ අනුව පසුගිය දින කිහිපයේදීම පළාත් පාලන ආයතන රැසක විවෘත ඡන්දයකින් තනතුරු තෝරා පත්කරගැනීම සිදුවූ අතර එහිදී බහුතරයකම බලය හිමි කරගැනීමට සමත් වූයේ සමගි ජන බලවේගයය.
තත්ත්වය එසේ පැවතියදී සදුදා දින පැවැත්වෙන කොළඹ නගර සභාවේ තනතුරු තේරීමේදී බලධාරීන් මෙම සම්ප්‍රදාය කඩකොට ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් විවෘත ඡන්ද විමසීමකට නොගොස් රහස් ඡන්දයකට යාමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
දැනටමත් ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන දෙකම තමන්ට කොළඹ නගර සභාවේ බහුතර බලය හිමිව ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණද තවමත් කිසිදු පාර්ශ්වයකට බහුතර බලය හිමිව නොමැති බව දැනගන්නට තිබේ.
එවැනි පසුබිමකදී විවෘත ඡන්දයකට ගියහොත් අනෙක් පළාත් පාලන ආයතනවලදී මෙන් මාලිමාවට අවාසි සහගත තත්ත්වයක් උදාවිය හැකි බැවින් මෙසේ රහස් ඡන්දයකට යාමට තීන්දු වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් මේ බව වාර්තා වීමත් සමග ඊට දැඩි විරෝධය පළ කොට ඇති කොළඹ විපක්ෂ කණ්ඩායම් ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් පළ කිරීමට තීරණය කොට ඇත.
විශේෂයෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදීම ජනාධිපති නීතීඥවරුන් කැදවා එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණ ගන්නා නිලධාරීන්ට එරෙහිව ගත හැකි ඉහළම නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව සියලු විපක්ෂ කණ්ඩායම් ඒකරාශී කොට ප්‍රබල විරෝධතාවක් දියත් කිරීමටද විපක්ෂනායකවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
.










