• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවුරුත් හොයන ගොන් බන්නා! Sri Lanka Latest News

June 10, 2025
in Heart
Reading Time: 3 mins read
A A
කවුරුත් හොයන ගොන් බන්නා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඈත පිටිසර ගමක කිරි අම්මා සමග ජීවිතය තකරන මොහු අඩු මානසික මට්ටමකින් පෙළෙන තැනැත්තෙක්. ‘ගොන් බන්නා’ නමින් හඳුන්වන මොහු අනුන්ගේ බැලමෙහෙවර කරමින් ජීවිතය ගතකරන්නෙකි. ‘ගොන් බන්නා’ගේ ජීවිත කතාව මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘මුරුගසන් වරුසාව’ ටෙලිනාට්‍යය මගින් ඔබට දැකගන්න පුළුවන්. බොහෝ දෙනා මේ ‘ගොන් බන්නා’ චරිතය නිරූපණය කරන ශිල්පියා ගැන හොයන්නට පටන්ගෙන ඇති පසුබිමක ‘මව්රට’ ‘හාට්’ අපි ‘ගොන් බන්නා’ හොයාගෙන ගියේ ඔහු ගැන ඔබට තොරතුරු කියන්නටයි. Sri Lanka Latest News

ඔහු නමින් අරුණ ශාන්ත. ජාතික පුවත්පතක් සමග ප්‍රථම වතාවට සම්මුඛ සාකච්ඡාවකට එක්වන අරුණ, ‘මව්රට’ ‘හාට්’ සමග දොඩමලු වුණේ මේ විදියටයි.

මේ දවස්වල ගොන් බන්නා ගැන හැමෝම හොයනවා නේද?

ඔව්. තාම ගොඩක් අයට හිතාගන්න බෑ ගොන් බන්නා චරිතය නිරූපණය කරන්නේ කවුද කියලා.

ඉතින් අරුණ ‘ගොන් බන්නා’ට ලැබෙන මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. මේ දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘මුරුගසන් වරුසාව’ ටෙලි නාට්‍යය ගොඩ දෙනෙක් නරඹනවා. හැබැයි ඉතින් ඒ බලන අයට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා ගොන් බන්නා චරිතය රඟපාන කෙනාව හඳුනගන්න බැරි නිසා. මොකද මගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වේශ නිරූපණයෙන් වෙනස් කරලා තියෙන්නේ. ටෙලිනාට්‍යයේ වේශ නිරූපණ ශිල්පී තරිඳු පතිරණ ගොඩක් මහන්සි වෙනවා මගේ ස්වරූපය වෙනස් කරන්න. මාව චරිතයට ගැළපෙන විදියට වේශ නිරූපණය කරන්න ඔහුට පැය එකහමාරක් විතර ගතවෙනවා.

‘ගොන් බන්නා’ චරිතයට මේ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න හේතුව මොකක්ද?
මම නළුවෙක් වෙන්න පොඩි කාලේ ඉඳලා උත්සාහ කළා. පසුව මම අධ්‍යාපන කටයුතු අවසන් කරලා රංගනය හදාරන්න සුදුසු පාසලක් හෙව්වා. ඔය විදියට කුමුදු නිශාන්ත අයියාගේ රංගන පාසලට සම්බන්ධ වුණා. ඒ අතරතුර තමයි ‘මුරුගසන් වරුසාව’ ටෙලිනාට්‍යයේ සංඛ වීරසිංහ අයියා මාව ගොන් බන්නා චරිතයට තෝරාගත්තේ. සංඛ වීරසිංහ අයියාට මම ස්තුතිය පුදකරනවා මේ චරිතයට මාව තෝරා ගැනීම ගැන. ඒ වගේම ටෙලි නාට්‍යයේ සියලු දෙනාගෙන් මට ලොකු සහායක් ලැබුණා. මම ආධුනික ශිල්පියෙක් කියලා මාව අයින් කළේ නැහැ. ඒ සියලු දෙනාගෙන්ම ලැබුණු ආශීර්වාදය ගොන් බන්නා චරිතය සාර්ථක කරගන්න හේතුවක් වුණා.

මේ, අරුණගේ කුලුඳුල් ටෙලි අත්දැකීමද?
ඔව්. මම පළමු වතාවට තමයි ටෙලිනාට්‍යයක මේ විදියට රඟපාන්නේ. මේ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු අවසන් වෙනකම් වෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. මොකද මම තවම ගොන් බන්නා තුළ ජීවත් වෙන නිසා.

මේ චරිතයට ජීවය දෙන්න අරුණ මොන වගේ කැපකිරීමක්ද කළේ?
අඩු මානසික මට්ටමක් සහිත පුද්ගලයෙක් තමයි ගොන් බන්නා කියන්නේ. ඔහුගේ ජීවිතය වැඩිපුරම ගතකරන්නේ හරක් සමග. සමාජයේ මේ වගේ චරිත මම ඕනෑ තරම් දැකලා තියෙනවා. මගේ ගම් පළාත පොළොන්නරුව. මම සමාජයේ දැකපු චරිත සහ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂතුමාගේ උපදෙසුත් අරගෙන මේ චරිතයට උපරිම සාධාරණයක් මම කරනවා. ඒ වගේම මේ චරිතය වෙනුවෙන් මම උපරිම මහන්සි වෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දූෂණයක් කරලා? බිමල්ට නඩු දානවාමයි! Sri Lanka Latest News

Next Post

දයාසිරිටයි-ගම්මන්පිලටයි වෙන්න යන දේ ඇමැති වටගල කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.