• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෆේස්බුක් එකේ ඇවිලෙන රොෂාන්-ජින්ජර් ගින්න! Sri Lanka Latest News

June 10, 2025
in Heart
Reading Time: 4 mins read
A A
ෆේස්බුක් එකේ ඇවිලෙන රොෂාන්-ජින්ජර් ගින්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාකරුවන්, සංවේදී සියුම් සිත් ඇත්තන් යැයි කිව්වාට කලා ලොවේ කැපිලි කෙටිලි මෙන්ම කාගේ හෝ වේවා කකුලෙන් ඇද බිමට දමන අවස්ථාද ඕනෑ තරම්ය. Sri Lanka Latest News

ගැටුම්, වාද විවාද මෙන්ම බාල්දි පෙරළීම්ද එහි අසන්නට දකින්නට ඇත. වැඩි ඈතකට නොයා යුතු මෑතක ‘හිරු ස්ටාර්’ තරගයේදී අමල් පෙරේරා, ශිහාන් මිහිරංගටත්, රුවන් හෙට්ටිආරච්චිටත් පෙරලූ බාල්දිය අන්න ඒ තාලේ එකකි.

පරණ බාල්දි සහ කැපිලි කෙටිලි ගැන මේ අව් අස්සේ මතක් කරන්නට හිතුණේ ප්‍රසංග වේදිකාවේ ප්‍රවීණයෙක් තමන්ගේම සහෝදර කලාකරුවන් කිහිප දෙනකුට දානවාය කියන පහත් කැපිල්ල ගැන කතාව මෙලෙස ලියන්නට හිතුණු නිසාය. එහෙම කැපිල්ලක් දානවාය කියන කතාව දැනගත්තේ ප්‍රවීණ ගායිකා ජින්ජර් වයිට් සෝෂල් මීඩියා හමුවේ මුදාහළ වීඩියෝව නිසාය.

‘යම් දයෙක් කියනකොට මම ඒක හරි වගකීමෙන් කියනවා. ඒ වගේම මේ කියන ටිකත් කියන්නේ ඒ වගකීමෙන්මයි. මම අවුරුදු දෙකක විතර කාලයක ඉඳන් බොහෝ විට බොහෝ අවස්ථාවල ප්‍රසංග වේදිකාවෙන් අයින් වෙලා වගේ හිටියා.

ඇයි එන්නේ නැත්තේ?
මොකක්ද ප්‍රශ්නේ?
හේතුව මොකක්ද?

හැමෝම වගේ අහන්න ගත්තා. දෙන්න උත්තර නැහැ. ඇයි උත්තර නැත්තේ? තමන්ගෙම එකෙක් තමන්ගෙම එකෙක් තමාගෙ මට්ටමේම කලා ශිල්පිනියක්ව කපනවාය කියන කතාව කියන්න හිතන ලැජ්ජාවක් දැනුණු නිසයි එහෙම නිහඬව පාඩුවේ හිටියේ. හැබැයි ඒ ඉවසීමයි දරාගැනීමයි සීමාව පැන්න නිසයි ඈ මෙහෙම කතාකරන්න හිතුණේ. ඇත්තටම කියනවා නම් ප්‍රසංග වේදිකාව කියන්නේ හරි ලස්සන ෆීල්ඩ් එකක්. කොයි තරම් ලස්සන වුණත් ඒ ෆීල්ඩ් එකෙත් ඉන්නවා පහත් වැඩ කරන කැත මිනිස්සු. ‘මමයි පොර’ ‘මමයි ලොක්කා’ කියන සිස්ටම් එකට මේක පාලනය කරන තමන්ගෙම මිනිස්සුන්ව අහේතුකව කපලා දාන කට්ටියක් මේකේ ඉන්නවා. ‘පොරනාන්දු’ කියන්නෙත් ඒ ජාතියේ මිනිහෙක් තමයි. ‘පොරනාන්දු’ හිතාන ඉන්නේ එයයි ප්‍රසංග වේදිකාවේ අණදෙන රජතුමා කියලා. ඒ වගේම මිනිහගෙ ඔළුවෙ තියෙනවා එයත් තව රාජපක්ෂ කෙනෙක්ය කියන උණ. රාජපක්ෂලාගේ රෙජීමයේ කෙනෙක් වෙන්න පොරනාන්දු ලොකුවට දඟලනවා…’

ජින්ජර් වයිට් ඇගේ කතාවට අඩිතාලම දාලා තිබුණේ එහෙමයි. ‘පොරනාන්දු’ කියන ව්‍යංගයෙන් ඇය හැඳින්වූයේ ප්‍රසංග වේදිකාවේ වගේම සංගීත කලාවේ ප්‍රවීණයකු වන ෆ්ලෑෂ් බැක් බෑන්ඩ් එකේ ලීඩර් වෙච්ච රොෂාන් ප්‍රනාන්දුවයි. ජින්ජර් කරන වේදනාත්මක චෝදනාවට අනුව රොෂාන් ප්‍රනාන්දු ඔහුගේ බෑන්ඩ් එක ප්ලේ කරන්න එන ෂෝවලදී ජින්ජර්ගේ නම ලිස්ට් එකෙන් කපනවා. ජින්ජර්ව විතරක් නෙවෙයි, ෂෝ එක ඕගනයිස් කරන කට්ටිය ෂෝ එකට දාලා තියෙන ලිස්ට් එක බලන රොෂාන් තමාට ඕනෙ ගායක ගායිකාවන්ව එතැනට දාගන්න ඔහුට දිරවන්නේ නැති අයව ඒ ලිස්ට් එකෙන් කපනවලු.

‘අපි ප්ලේ කරනවා නම් මේ කට්ටිය බැහැ. මම කියපු අයව ලිස්ට් එකට දාන්න…’
රොෂාන්ගේ සංවිධායකයන්ට අණ කරන්නේ එහෙමයිලු. ඒ කපන ලිස්ට් එකේ ජින්ජර් වාගේ ප්‍රවීණයොත් ඉන්නවලු. ජින්ජර්ව කිහිප වතාවක්ම ඒ කතුරට අහුවුණාලු. ඇය කියන විදියට මේ දිරවන්නේ නැතිය කියන කට්ටිය ගැන රොෂාන්ගේ හිතේ තියෙන නෝක්කාඩුව මොකක්ද?
‘පොරනාන්දු කියනවා අපි පරණයිලු. වයසයිලු. දෙයියනේ වයසයි පරණයි කියලා ගායක ගායිකාවන්ව එහෙම කපන්න පුළුවන්ද? මොකද එයා තරුණයිද? නවකයිද? මිනිහා මටත් වැඩිය වයසයි…’

කැපිල්ලට රොෂාන් දක්වන හේතුව ගැන ජින්ජර් කිව්වේ එහෙමයි.
‘වයසයි පරණයි කියලා ගායක ගායිකාවන්ව කැපුවම එයාලා හම්බකරගන්නේ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? වෘත්තිය විදියට ෂෝ කරන අයගේ බඩට එහෙම කැතට ගහපුවාම එයාලා ජීවත් වෙන්නේ කොහොමද?’

රියැලිටි කලාවෙන් ඇවිදින් තරුවක් වෙච්ච රූනිත් ජින්ජර්ගේ කතාවට එහෙම එකතු වුණා කියන විදියට රොෂාන්ගේ කතුරට කැපෙන ප්‍රවීණයෝ පිරිසක් ඉන්නවා. හැබැයි කතා කළේ ජින්ජයි රූනියි විතරයි.

‘ෂෝ නැහැ කියලා මම පාරට වැටෙන්නේ නැහැ. හැබැයි පොරනාන්දු ඔයා ඇවිදින් බෑන්ඩ් එක ප්ලේ කරලා ගෙදර යන්න. ෂෝ එකට ලිස්ට් එක හදන වැඩේ ඕගනයිසර්ලට භාරදෙන්න. අපිටත් බැරි නෑ රූල්ස් හදන්න. මමත් දැන් කියනවා ‘ආ… ෆ්ලෑෂ් බැක්ද ගහන්නේ? අපෝ එයා අපිව කපනවා එයා කපන්න කලින් අපි අයින් වෙන්නම්. මොකද මිනිහා ඩබල් ගේම්වලට හරි සූරයි…’

ජින්ජර් වයිට් එයාගේ කතාව අවසන් කරලා තිබුණේ ඒ විදියටයි.

‘ඇත්තටම රොෂාන් ප්‍රනාන්දු එහෙම කැපිල්ලක් කරනවද? එහෙම කරනවා නම් ඒක වස කැතයි..’
ජින්ජර්ගේ චෝදනාත්මක කතාව අහපු බොහෝ දෙනෙක් එහෙම කිව්වාය කියලයි ආරංචිය.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

පරීක්ෂණ කරගෙන යද්දී බන්ධනාගාරය ඇතුළේ ගහන ගේම් හෝ ගාලා එළියට එනවා! ගිය වෙසක් පෝදා නීතිවිරෝධී විදිහට තවත් සිරකරුවන් තුන්දෙනෙකුට ජනාධිපති සමාව දීලා! පහුගිය කාලයේ භයානක සිරකරුවන් 26 දෙනකුටම නීතිවිරෝධී විදිහට ජනාධිපති සමාව දීලා!  Sri Lanka Latest News

Next Post

දූෂණයක් කරලා? බිමල්ට නඩු දානවාමයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.