• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 7කට කලින් නැවතුණු 9.05! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අවුරුදු 7කට කලින් නැවතුණු 9.05! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සුපුරුදු සෙනෙහසින් හමුවෙන්නේ… හදාගත්තු පැල දාලා කොහේද යන්නේ කියලා කතාවක් තියෙනවා. පැල වෙනස් වෙන්නෙත් නෑ. හිත වෙනස් වෙන්නෙත් නෑ. පසුතලය විතරයි වෙනස් වෙන්නේ…’ යනුවෙන් සුපුරුදු සෙනෙහසින් ළයාන්විතව එසේ හඬ අවදි කරන්නේ හරියටම රාත්‍රී 9.05ට ජාතික රූපවාහිනියෙනි. Sri Lanka Latest News

ඒ, මීට වසර 25කට පමණ පෙරය. රාත්‍රී 9.05ට නිවසේ සිටින සියලු පවුලේ සාමාජිකයන් මැද සාලයේ රූපවාහිනිය ඉදිරියට ගෙන්වීමට හැකියාව තිබුණු එම ළයාන්විත හඬ සහිත සොඳුරු සන්නිවේදකයා වෙනින් කවුරුවත් නොවේ. හේම නලින් කරුණාරත්න.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ (රාජ්‍ය/පෞද්ගලික) මේ දක්වා ඉදිරිපත් වී ඇති හොඳම සඟරාමය වැඩසටහන්වලින් ඉදිරියෙන්ම තිබෙන්නේ හේම නලින් කරුණාරත්න ඉදිරිපත් කරන ලද වැඩසටහන්ය.

රූපවාහිනී සඟරාමය වැඩසටහන් පමණක් නොව, කලා ක්ෂේත්‍රයේ නිර්මාණශීලී සංවාද ඇතුළු සාහිත්‍ය, සිනමා, ගීත, කලා ක්ෂේත්‍රවල නිර්මාණයන් පිළිබඳ අපූරු වැඩසටහන් රැසක්ම නිර්මාණය කළේ හේම නලින්ය.

9.05, වසන්ත සමය, දුටු නුදුටු, සුන්දර සෙනසුරාදා, හරබර ඉරිදා, හාහා පුරා, මින්දද හීසර, සිත ළඟ 7 ඇතුළු හේම නලින් නිර්මාණය කරන ලද වැඩසටහන් බොහෝ ඇත.
මෙම වැඩසටහන් එක සේ ජනප්‍රිය වූ අතර අදටත් 9.05 තේමා වාදනය ඇසෙන විට හෘදයාංගමව හිතට දැනෙන සෙනෙහසාත්මක හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකිය.
මෙම වැඩසටහන් මගින් හේම නලින් ජනතාවට ලබාදුන් රසඥතාව තුළින් යහපත් මිනිසකු බිහිකිරීමටත්, ලස්සන සමාජයක් ඇතිකිරීමටත් ගත් වෙහෙස අගය කළ යුතුය.
හේම නලින් ඉදිරිපත් කරන ලද රූපවාහිනී වැඩසටහනකින් අනතුරුව ප්‍රේක්ෂක ජනතාවට හිතන්නට බොහෝ ඉඩකඩක් ලබාදෙයි.

විවිධ පැති ඔස්සේ ප්‍රේක්ෂකයන්ට හිතන්නට ඉඩකඩ සැලසීම හරහා හේම නලින් වරෙක සමාජ ශෝධකයකු ලෙස කටයුතු කරයි.
වරෙක ඔහු කටයුතු කරන්නේ සුන්දරතම සන්නිවේදකයකු ලෙසටය. හේම නලින්ටම ආවේණික වූ ශබ්දකෝෂයක් ඔහු සතුය.
සෑම වාක්‍යයක්ම හේම නලින් ගළපන්නේ ඉතා අපූරු ආකාරයකටය. එම වාක්‍ය එකකට එකක් ගැළපීමද සුවිශේෂය.
මනුෂ්‍යත්වය, ආදරය, හෘදයාංගම බව හේම නලින්ගේ වැඩසටහන්වල නිතැතින්ම දැකගත හැකිය.

හේම නලින් මීට වසර ගණනාවකට පෙර කරන ලද වැඩසටහන් වර්තමානයේ කිසිම රූපවාහිනී නාලිකාවක දැකගැනීමට නොහැකි තරම්ය.
එකක් දෙකක් හැරුණු විට 90%කටම වඩා වර්තමානයේ ඇත්තේ ඉතා හරසුන් වැඩසටහන්ය. එම වැඩසටහන් අවසානයේ ප්‍රේක්ෂකයන්ට ලැබෙන දෙයක් නැත. ඔවුන්ට ලැබෙන්නේ ඉතා බාල ගණයේ රසඥතාවක් පමණි.

රූපවාහිනී සඟරාමය වැඩසටහන් වර්තමානයේදී නොමැති තරම්ය. ඉඳහිට විකාශය වන රූපවාහිනී සඟරාමය වැඩසටහන් තිබුණද ඒ එකකටවත් හේම නලින්ගේ සඟරාමය වැඩසටහන් සමග පෑහිය නොහැක.

කලාකරුවන් වෙනුවෙන් හේම නලින් කළ වැඩසටහන්වලදී එම අදාළ කලාකරුවාට හෝ කලාකාරියට උපරිම සාධාරණයක් ඉටුවන ගමන් එම සාකච්ඡාවේදී කලාකරුවන්ගෙන් ලබාගන්නා කරුණු පොදු මහජනතාව වෙත හේම නලින් ගෙන යන ආකාරය ඉතා විශිෂ්ටය.

ස්වර්ණවාහිනිය සඳහා හේම නලින් විසින් පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් කරන ලද ‘සුන්දර සෙනසුරාදා’ වැඩසටහන ඉතා ජනප්‍රිය වූ අතර, එය අදටත් බොහෝ දෙනකුගේ මතකයන් තුළ පවතී.

ඊට අමතරව විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙනු හේම නලින් නිර්මාණය කරන ලද විශේෂ වැඩසටහන් බොහෝය.
එම වැඩසටහන් බොහොමයක් ජාතික රූපවාහිනිය සහ ස්වර්ණවාහිනී ආයතනය සතුය. එම වැඩසටහන් යූටියුබ් නාලිකා වෙත යොමුකරනවා නම් එය වර්තමාන පරපුරට අනාගත පරපුරට දැකගැනීමට හැකිය.

ජාතික රූපවාහිනියෙන් විකාශය වූ 9.05ට පසුව ස්වර්ණවාහිනියෙන් විකාශය වූ නලින් සමග 9.05 වැඩසටහන්වල නැවත විකාශයන් සිදුකිරීමට එම ආයතනවලට හැකියාවක් පවතිනවා නම් එය හේම නලින් වෙනුවෙන් පමණක් නොව සමස්ත මාධ්‍ය කලාව වෙනුවෙන් සිදුකරනු ලබන මෙහෙවරයකි.

9.05 සඟරාමය වැඩසටහන මගින් සමාජයේ බොහෝ ඉසව් හේම නලින් ස්පර්ශ කළ අතර 9.05 පිළිබඳ බොහෝ දෙනකු කතා කරන්නට විය.
සමාජයේ සානුකම්පිත සිදුවීම්, සාහිත්‍ය, කලාව, ක්‍රීඩාව, පරිසරය, ජාතික උරුමය ඇතුළු බොහෝ ඉසව් 9.05 සඟරාමය වැඩසටහන මගින් ස්පර්ශ කළේ ඉතා සෙනෙහසිනි.
හෝටන්තැන්න, යාල, උඩවලව ඇතුළු මෙරට ජාතික වනෝද්‍යානවල සුන්දරත්වය ප්‍රේක්ෂකයන්ට ඉතා අපූරු ආකාරයට ඉදිරිපත් කරන ලද වැඩසටහනක් වශයෙන් 9.05 සඟරාමය වැඩසටහන හැඳින්විය හැකිය.

හෝටන්තැන්න ජාතික උද්‍යානය පිළිබඳ හේම නලින් ඉදිරිපත් කරන ලද වැඩසටහනට ඉතා ඉහළ ප්‍රතිචාර හිමිවූ බව එවක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද ප්‍රකාශ කළේය.
හෝටන්තැන්න නැරැඹීමට විශාල වශයෙන් පිරිස් පැමිණි නිසා ඊට සමගාමීව එම ප්‍රදේශයේ පරිසරයද යම් ආකාරයට අපවිත්‍ර වූ බව රහසක් නොවේ.
‘ඔන්න හේම නලින් 9.05න් හෝටන්තැන්න පෙන්නුවා. ඊට පස්සේ සෙනඟ ඇවිල්ලා පරිසරය අපවිත්‍ර කළා…’ යනුවෙන් ඇතැම් පුවත්පත් මගින්ද හේම නලින්ට චෝදනා එල්ල වන්නට විය.

ඉන් පසුව ජාතික උද්‍යානවල පරිසරය සුරැකීම වෙනුවෙන් හේම නලින් විශේෂ වැඩසටහන් කීපයක්ම 9.05ට ඇතුළත් කළ අතර, ඊට යහපත් ප්‍රතිචාර ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබිණි.

ජාතික උද්‍යාන ඇතුළු පරිසර සංවේදී ස්ථාන රැකගත යුතු යැයි කියන මතය සමාජගත වූ අතර, එම කාර්යය වෙනුවෙන් හේම නලින්ට පරිසරවේදීන්ගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.

වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස හේම නලින් අත්කරගෙන තිබුණු සාර්ථකත්වය ගුරු මුෂ්ටියකින් තොරව ආධුනික ශිල්පීන්ට ලබාදීමට තරම් හේම නලින් හැම විටම නිහතමානී විය.

මාධ්‍ය ලෝකයට හේම නලින් විසින් දායාද කළ ශිල්පීන් බොහෝය. අදටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හේම නලින්ගේ ගෝලයන් ඉතා හොඳින් වැජඹෙන අතර ඔවුන්ගෙන් සමහරෙකු හේම නලින්ගේ අඩිපාරේ යනවාද යන සැකය මතුවීමද වැළැක්විය නොහැක.

ආධුනික කලා ශීල්පීන්, නිර්මාණකරුවන් හඳුන්වා දීම සඳහා හේම නලින් ඉදිරිපත් කළ ‘හාහාපුරා’ යන වැඩසටහනද එකල බොහෝ සෙයින් ජනප්‍රිය වූ අතර, එම වැඩසටහනට ආධුනිකයන් ලෙස සම්බන්ධ වූ බොහෝ දෙනකු පසුව කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වීමද විශේෂත්වයකි.

1985 දී ජාතික රූපවාහිනියට පුහුණු නිෂ්පාදකයකු හැටියට සම්බන්ධ වන හේම නලින් 1988 වර්ෂයේදී ආරම්භ කරන ලද ‘වසන්ත සමය’ සඟරාමය වැඩසටහන එකල බොහෝ ලෙස ජනප්‍රිය වූ වැඩසටහනකි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඒකකය එක්ව නිර්මාණය කරන ලද ‘වසන්ත සමය’ සඟරාමය වැඩසටහන මගින් ඉදිරිපත් කළේ රට පුරා සිටින තරුණ තරුණියන්ගේ විවිධ නිර්මාණයන්ය.

වගාවන් ඇතුළු කෘෂිකර්මාන්තයට දක්වන නැඹුරුව, ස්වයං රැකියා ඇතුළු බොහෝ අංශවලට තරුණ පරම්පරාව දක්වන නිර්මාණශීලී උනන්දුව ‘වසන්ත සමය’ හරහා රටටම ඉදිරිපත් කිරීමට හේම නලින් සමත් විය.

බොහෝ ඈත පිටිසර ගම්මානවල තරුණ තරුණියන්ටද ‘වසන්ත සමය’ හරහා ජාතික රූපවාහිනිය ඔස්සේ රටටම ආමන්ත්‍රණය කිරීමට ලැබීමද විශේෂත්වයකි.
80 දශකයේ අගභාගයේ සිට ලෝකයේ රටවල් බොහොමයකට ගොස් රූපවාහිනී සන්නිවේදනය පිළිබඳ විදෙස් පාඨමාලා හැදෑරීමට හේම නලින්ට අවස්ථාව උදාවිය.
ජර්මනිය, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කීපයකටම ගොස් ලබාගත් පුහුණුව නිර්මාණකරුවකු ලෙස පෙරළා තම රටේ ප්‍රේක්ෂක ජනතාව වෙත ලබාදීමට හේම නලින් කටයුතු කළේය.

2000 වසරට පිවිසීම වෙනුවෙන් ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ සහස්‍ර ප්‍රසංගය ඉතා කදිමට නිර්මාණශීලීව සැලසුම් කිරීමට හේම නලින් කටයුතු කර තිබිණි.
නමුත් ජාතික රූපවාහිනියේ ඇතැම් ඉහළ නිලධාරීන් මෙම ප්‍රසංගයේ වියදම සම්බන්ධයෙන් හේම නලින්ට චෝදනා එල්ල කරන්නට විය.

එම සිදුවීමෙන් දැඩි ලෙස කම්පා වූ හේම නලින් එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඉන් පසුව ඔහු ස්වර්ණවාහිනියට එක්වීමට තීරණය කළේය.
ස්වර්ණවාහිනියේ ස්වර්ණමය යුගය හේම නලින් යුගය වශයෙන් හැඳින්වීමට හැකි අතර, හේම නලින් පමණක් නොව එච්.ඩී. ප්‍රේමරත්න, රොස්මන්ඩ් සේනාරත්න, ජැක්සන් ඇන්තනී, සිඩ්නි චන්ද්‍රසේකර වැනි විශිෂ්ට නිර්මාණකරුවන්ද එකල හේම නලින් සමග සිටීම තවත් විශේෂත්වයකි.

හේම නලින් කරුණාරත්න සහ ජැක්සන් ඇන්තනී එක්ව ස්වර්ණවාහිනියෙන් ඉදිරිපත් කරන ලද බොහෝ වැඩසටහන් එකල ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණි බව රහසක් නොවේ.

වරක් පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිට ස්වර්ණවාහිනිය ගෙන එන ලද වැඩසටහන මෙහෙයවනු ලැබුවේ හේම නලින් සහ ජැක්සන් ඇන්තනීය.

ඔවුන්ගේ නිර්මාණශීලී ඉදිරිපත් කිරීම සහ ඉතා වැදගත් කරුණු නිසා එදා මුළු රටම නැරඹුවේ ස්වර්ණවාහිනියෙන් විකාශය වූ පොසොන් වැඩසටහනයි.
අද හේම නලිනුත් ජීවතුන් අතර නැත. ජැක්සන් ඇන්තනීත් ජීවතුන් අතර නැත. හේම නලින්ලා, ජැක්සන් ඇන්තනීලා අද ටෙලිවිෂනයට අත්‍යාවශ්‍ය වී තිබේ. හේම නලින් කරුණාරත්න මියගොස් පසුගිය 05 වැනිදාට වසර 07කි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

එන්නේ හොඳකට නෙවෙයි! ආණ්ඩුවත් සීරුවෙන්! කවුද මේ වෝල්කර් ටර්ක්? Sri Lanka Latest News

Next Post

චීනෙන් සල්ලි ආවත් නැතත් කඩවත-මීරිගම අධිවේගයේ කොටස අගෝස්තුවේ පටන් ගන්නවා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.