• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්නේ හොඳකට නෙවෙයි! ආණ්ඩුවත් සීරුවෙන්! කවුද මේ වෝල්කර් ටර්ක්? Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වගවීම පිළිබද ඇතැම් යෝජනා ලංකා රජය ප්‍රතික්ෂේප කරලා! කනගාටුදායකයි! ජිනීවා මානව හිමිකම් ‌මහකොමසාරිස්ගෙන් බරපතළ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා ජුනි මස අගදී ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබෙනවා. මෙලෙස මානව හිමිකම් කොමසාරිස්වරයකු මෙරටට පැමිණෙන්නේ වසර 9කට පසුවයි. මෙයට පෙර අවසාන වරට 2016 පෙබරවාරි මාසයේදී එවක කොමසාරිස් අල් හුසේන් මෙහි පැමිණියා. මෙවර වත්මන් මහකොමසාරිස්වරයාගේ සංචාරය ඉතා සුවිශේෂ එකක් වනවා. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට අදාළව සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි. එනම් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා නව රජය ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට මහකොමසාරිස්වරයා කටයුතු කරන හෙයිනි. ඔහුගේ ඉදිරි සංචාරයේදී මෙම විෂය ගැන දැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත…’ Sri Lanka Latest News

මානව හිමිකම් විෂයට අදාළව මෙසේ ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙය ප්‍රකාශ කරන්නේ කවරකු විසින්ද? මෙම කතාව අපට පසුගියදා අසන්නට ලැබුණේ මෙරට දේශපාලන විශ්ලේෂකයකුගේ මාධ්‍ය විග්‍රහයක් හරහාය. වත්මන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වන වොල්කර් ටර්ක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව මෙම විග්‍රහය සිදුකෙරී තිබිණි. එහි තවදුරටත් කියන්නේ කුමක්දැයි සොයා බලමු.

‘මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය තීරණාත්මක අවස්ථාවකට පැමිණෙන්නේ ජාතික ජන බලවේගයේ රජය දිගුකාලීනව පැවැති මානව හිමිකම් ගැටලු විසඳීම සඳහා අඛණ්ඩ ජාත්‍යන්තර පීඩනයකට මුහුණ දෙන බැවිනි. මෙහිදී විශේෂයෙන් මතභේදාත්මකව ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි රැස්කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියයි. මෙම ගැටලුවට මුහුණ දීමට සිදුවූ පසුගිය අනුප්‍රාප්තික ආණ්ඩු තුනම එයට දැඩි ලෙස විරුද්ධ වී ඇත. ඉහත කොමිසමේ ක්‍රියාවලිය හරහා මානව හිමිකම් අපරාධවලට අදාළව මූලාශ්‍ර 470කට අධික සංඛ්‍යාවකින් රැස්කරන ලද වගවීමේ ක්‍රියාවලීන් සඳහා භාවිත කළ හැකි අයිතම (සිද්ධීන්) 96,215ක් අඩංගු විය. කෙසේ වෙතත් මෙවැනි වටපිටාවකදී මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ සංචාරයේ අභියෝගයට මුහුණ දීමට එන්.පී.පී. රජයට පහසු කාර්යයක් නොවනු ඇත. එනම් මෙහිදී ප්‍රධානතම අර්බුදය ලෙස පෙනීයන්නේ වත්මන් ජාතික ජන බලවේග රජය මේ දක්වා බලයේ සිටි ප්‍රථම මාස 06 තුළ කොමිසමේ යෝජනාවේ ඇති කැපීපෙනෙන ගටලු විසඳීමට සැලකිය යුතු දෙයක් සිදුකර නොතිබීමයි. ජනවාර්ගික ගැටුම සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ පැහැදිලි කිරීමට රජයට සිදුව තිබේ….’

මෙම සුවිශේෂ විශ්ලේෂණය තවදුරටත් මෙසේ කියා සිටියි. හෙට අනිද්දාම සිදුවන මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී වත්මන් නව රජය මුහුණ දීමට නියමිත අර්බුදය ගැන මෙහිදී අර්ථකථනය කෙරෙයි.

‘ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්කරන ලද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රශංසනීය පොරොන්දු කීපයක්ම ඇති අතර, ඒවා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළහොත් ජාතික සංහිඳියා ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී නීති අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ඔවුන්ගේ නිදහස් සමාජගත කිරීම සහතික කිරීම ඇතුළුව තවත් පොරොන්දු ගණනාවක්ම වෙයි. මෙම පොරොන්දු ඉදිරියට ගෙන යෑමට රජය අපොහොසත් වීම නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් දැන් සිදුකරන විවේචනයට රජය ගොදුරු වෙයි. මෙම පොරොන්දු බොහොමයක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මෙතෙක් රජයට හැකිවී නොමැත. මේ නිසා රජය මානව හිමිකම් විෂයේදී දැඩි අර්බුදයකට මැදිවනු ඇත…’
දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එසේම ඔබට පැහැදිලි කරන මෙම විෂය කුමක්දැයි බොහෝ දුරට අවබෝධ වනවා ඇත. එසේනම් ඉහත විශ්ලේෂණය සිදුකළේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත් විද්වතකු වන ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් මෙම විශ්ලේෂණය සිදුකර තිබිණි. ඉංග්‍රීසි පුවත්පතකට සිදුකළ මෙම ලේඛනය දිගු එකකි. එහෙත් සියල්ලක්ම ලියන්නට මෙහි ඉඩකඩ මදිය. ආචාර්ය ජෙහාන් පෙරේරා යනු ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා වන අතර, ඔහු පසුගිය වසර 29ක් පුරා එම තනතුර දැරීය. ඔහු ලොව අතිශය කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය ගැන ඔහු තම විශ්ලේෂණය සිදුකර ඇත.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන වත්මන් රජය පැත්තෙන් අසන්නට ලැබුණේ අපූරු කතාවකි. පාර්ලිමේන්තුවේ වත්මන් සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය කළේය.

‘දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජයේ ප්‍රතිපත්තියේ හෝ අභිලාෂයන්ගේ හෝ කොටසක් නොවන නමුත් නව නීතියක් හඳුන්වා දෙනතුරු එය ප්‍රවේශමෙන් භාවිත කිරීම රජයේ බලාපොරොත්තුවයි. නව නීතියක් කෙටුම්පත් කරනතුරු මෙම පනත රටට අත්‍යාවශ්‍ය වෙනවා. වර්තමානයේ මෙම රජයේ ස්ථාවරය වන්නේ එයයි. එහෙත් නව නීති රාමුවක් ස්ථාපිත කරන තෙක් එම පනත භාවිත කරන බැව් නැවත වරක් අවධාරණය කර සිටිනවා…’

දැනට වසර 45කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ බලගැන්වී තිබෙන ප්‍රධානතම නීති පද්ධතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙරට තුළ බොහෝ ආන්දෝලනයකට ලක්ව ඇති පනතකි. එසේ වන්නේ එම පනත තුළින් සිදුවන යහපත මෙන්ම අයහපත ගැනද බොහෝ පාර්ශ්ව සිදුකරනු ලබන විචාරයන් හේතුවෙනි. මේ තාක් බලගැන්වී තිබෙන මෙම පනත හරහා මෙරට බලයෙහි සිටි රජයන් ගණනාවක්ම විවිධ පල ප්‍රයෝජන ලබා ගත්තේය. මෙම පනත හරහා එම රජයන් බලතල අයුතු ආකාරයට පරිහරණය කළේ යැයි දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවක්ම එකල දෝෂාරෝපණය කළේය. එහෙයින් මෙම දරදඬු පනත වහා අහෝසි කර දැමිය යුතු යැයි කරුණු ප්‍රකාශ කෙරිණි. මෙම වටපිටාවේදී මෙම පනතට තදබල විරෝධයක් ප්‍රකාශ කළ මෙරට සිටින ප්‍රධානතම පාර්ශ්වයක් වූයේ වත්මන් රජයේ ජාතික ජන බලවේගය පක්ෂයයි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැති සමයේදී මෙම තදබල විරෝධය අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර සිටියේය. ඔවුන් බලයට පත්වූ විට මෙම පනත අහෝසි කර දැමීමක් ජනතාව බලාපොරොත්තු වුවද මෙතෙක් එවැන්නක් සිදුව නැත. මෙලෙස ජාතික ජන බලවේග රජය මේ වනවිට බලයට පත්ව මාස 06ක කාලයක් ඉක්මවා ඇතත් එවැනි පොරොන්දුවක් ඉටුව නොමැත. වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක විසින් සිදුකරන ලද ඉහත ප්‍රකාශය අසන්නට ලැබෙන්නේ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදීය. එයින් පැහැදිලිවම අවබෝධ වන්නේ දැනට වසර 45ක් පුරා බලගැන්වී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම නව රජය විසින්ද මෙම අවස්ථාවේදී අනුගමනය කරනු ලබන බවයි.

ශ්‍රී ලංකා නව රජය පසුගියදා ප්‍රථම වතාවට මානව හිමිකම් කොමිසමේ 58 වැනි සැසිවාරයට සහභාගි වූ අතර, රජය 50 වැනි සැසිවාරයට මෙම ජුනි 19 සිට ජූලි 09 දක්වා සහභාගි වනු ඇත. මෙවර සැසිවාරයේදීද පෙර සැසිවාරවල මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ මානව හිමිකම් චෝදනා එල්ල වනු ඇතැයි මානව හිමිකම් විශ්ලේෂකයන් කරුණු ප්‍රකාශ කරයි. මෙම වත්මන් නව රජය පත්වීමෙන් පසුවද මිනිස් ඝාතන රැල්ලක් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී තිබීමද මෙම කරුණු අතරට අයත් වනු ඇත. මෙරට තුළ ප්‍රබල පාතාල අපරාධ රැල්ලක් සිදුවෙමින් තිබෙන ආකාරයද දක්නට හැකිය. මෙම වසර (2025) ආරම්භයේ සිට මේ දක්වා කෙටි කාලයට මිනිස් ඝාතන 35කට අධික ප්‍රමාණයක් සිදුව ඇත. මේ අතරම මෙයට පෙර බලයේ සිටි රජයන් විසින් සිදුකරන ලද විවිධ මානව හිමිකම් අපරාධද මෙවර සැසිවාරයේදීද අවධානයට ගනු ඇතිය. එම අපරාධ සිදුකරන ලද අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීමට අවශ්‍ය කාර්යභාරයන් ගැනද සාකච්ඡා වනු ඇතිය. දින 40ක පමණ දීර්ඝ කාලයක් සැසිවාරය සඳහා තිබෙන හෙයින් මේ වනවිට මෙම තීන්දු තීරණ සහ නිගමනයන් ගැන ස්ථිර වාර්තාවක් සැකසී නොමැත. අවසාන වාර්තාවලදී ඒවා එළිදැක්වීම සිදුකෙරෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වසරකට සැසිවාර තුනක් පවත්වනු ලබයි. මේ සියල්ලක්ම සඳහා ශ්‍රී ලංකාව සහභාගි වනු ලබයි. පසුගිය කාලයේදී සැසිවාර ගණනාවකදීම ශ්‍රී ලංකාවට එරෙහිව තදබල මානව හිමිකම් චෝදනා ගොනු කළේය. එහෙත් එම බොහෝ චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේය. ඒ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය පියවර ගත් ආකාරයද දක්නට හැකි විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අපරාධ චෝදනා අදාළව නීතිමය පියවර ගැනීමට සහ පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වෙන්වූ විශේෂ කාර්යාලයක්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා ප්‍රධාන මූලස්ථානයේදී විවෘත කරන ලදී. එසේම පසුගිය කාලයක් පුරාම මානව හිමිකම් අපරාධ චෝදනාවලට ලක්වනු ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විවිධ සම්බාධක ගණනාවක්ම පනවන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන් හා නිගමනයන් මත මෙම ශ්‍රී ලාංකිකයන්ට විවිධ රටවලින් සම්බාධක පනවන ලදී. මෙම සම්බාධක සඳහා සංචාරක තහනම්ද අදාළ විය. මෙම පියවරයන්ට අමතරව තවත් සුවිශේෂ කරුණක් ලෙස වාර්තා වී තිබුණේ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන ජාත්‍යන්තර අපරාධ මහාධිකරණය තුළ මෙම අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට යම් පියවරයන් ගැනීමය. එහෙත් එම නීතිමය කටයුතු මෙතෙක් ස්ථාවරව සිදුව නොමැත. මේ ආකාරයට අප සිතනවාටත් වඩා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යනු අතිශය ප්‍රබල ජාත්‍යන්තර ආයතනයකි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ප්‍රබල ඇමැතිලා දෙන්නට ලොකු අකරතැබ්බයක්! Sri Lanka Latest News

Next Post

අවුරුදු 7කට කලින් නැවතුණු 9.05! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.