කුමන තත්ත්වයක් යටතේ හෝ ලබන අගෝස්තු මාසයේ සිට දැනට ඉදිකිරීම් නවතා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ චීන සංචාරයේදී අදාළ කොටස ඉදිකිරීම සඳහා චීන රජය මගින් ප්‍රතිපාදන ලබාදීමට එකඟතාව පළකොට තිබිණි.
එහිදී චීනය සඳහන් කොට තිබුණේ මෙතෙක් කල් ව්‍යාපෘතිය අතරමග නතර කර තිබීම හේතුවෙන් චීනයට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුද අත්හිටුවීමට පියවර ගන්නා බවකි.
කෙසේ නමුත් පසුව චීනය මගින් ඒ සඳහා යන වියදම චීන මුදල් ඒකකය වන යුවාන්වලට පරිවර්තනය කර ලබාදෙන ලෙසට ඉල්ලීමක්ද කොට තිබිණි.
ඒ සම්බන්ධයෙන් පසුගිය මාස කීපය තිස්සේ සාකච්ඡා පැවැත්වෙමින් ඇති නමුත් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව, චීනයෙන් අදාළ ව්‍යාපෘතිය සඳහා මුදල් ලැබුණද නොලැබුණද ලබන අගෝස්තු මාසයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආණ්ඩුව මේ වනවිට තීන්දු කොට ඇති බවක් දැනගන්නට තිබේ.










