• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරු කොහොම මොනවා කිව්වත් සංස්කෘතියට කලාවට වැඩිම සේවයක් කරපු නායකයා කවුද? Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
කවුරු කොහොම මොනවා කිව්වත් සංස්කෘතියට කලාවට වැඩිම සේවයක් කරපු නායකයා කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෙළ සිනමාවේ අසහාය නිළි මාලනී ෆොන්සේකාගේ අභාවයත් සමගින් මෙරට කලාකරුවන් සඳහා පාලකයන්ගේ සැබෑ ගෞරවය හා ළෙන්ගතුකම පිළිබඳ සමාජ කතිකාවක් ඇතිව තිබේ. එයට මූලික හේතුව වන්නේ, මෙවන් වූ සැබෑ සමාජ කම්පනයකදී වුවද ඒ සඳහා සාමාන්‍යකරණයක් යටතේ පාලකයන්ගේ ප්‍රතිචාර දැක්වීමයි. Sri Lanka Latest News

එනමුත් එම සන්සිද්ධය සමගින් අතීතයේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලගේ හදිසි අභාවය හා එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතා විසින් දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය හා උපහාරය පිළිබඳ අදද අප මතකයට නැඟේ. 1987 ජූලි මස 03 වැනි දින කතරගම ගම් උදාව ප්‍රදර්ශනය අවසන් දිනයේ නිමාව සනිටුහන් කරමින් සිය තෙවැනි ගීතය ගායනා කළ අවස්ථාවේදී දැඩි ලෙසින් ගිලන්වී වහා රෝහල්ගත කළ ජෝති නම්වූ අසහාය ගායකයා, ඊට සිවු දිනකට පසු අභාවප්‍රාප්ත වී ඔහුගේ අවසන් කටයුතු දහස් සංඛ්‍යාත ජනතා ගෞරවය මැද, කොළඹ කනත්තේදී, ජූලි මස 11 වැනි දින සිදුකරන ලදී.

සිය අසහාය ගායකයා මියගිය මොහොතේ සිට මහත් සංවේදී වූ ප්‍රේමදාස මහතා, තමන් විසින් යෝජිතව, එම වසරට යෙදුණු ජාත්‍යන්තර නිවාස යෝජනාව හා සම්බන්ධ ජාත්‍යන්තර සම්මේලන පවා පසෙකලා, ජෝතිගේ මළගෙදර දෙදිනක් රැය පහන්කොට ඉන් අනතුරුව, පසු දින ගායක ජෝතිපාලගේ අවමංගල්‍ය උත්සවයේ සියලු කටයුතු බොරැල්ල කනත්තේදී නිමවීමෙන් පසු කටුනායක ගුවන් තොටින් සමුළුවට සහභාගි වීම සඳහා අවසන් හෝරාවේදී පිටත්ව ගියේය.

ප්‍රේමදාස මහතා සැබැවින්ම කලාව හා හෙළ සාහිත්‍යය සඳහා ළෙන්ගතු පුද්ගලයෙකි.

හැටේ දශකයේ ඔහු විසින් පවත්වාගෙන ගිය ශ්‍රී සුචරිත ව්‍යාපාරය ඇසුරේ සංවිධාන කළ නාට්‍ය, ගීත සංදර්ශන මෙන්ම කථික තරග වැනි දෑ මගින් සිය සාහිත්‍ය මෙහෙවර ඔහු ඇරඹීය. එමෙන්ම රන් මිණි මුතු, පෙම්වතිය වැනි නවකතා, රස කවි සිතුවිලි වැනි කාව්‍ය සංග්‍රහ මෙන්ම ජීවන කඳුළු වැනි චිත්‍රපට කතා රචනය තුළින් ප්‍රේමදාස මහතා සිය සාහිත්‍යමය හැකියාවන් මනාව සමාජගත කොට ඇත.

ප්‍රේමදාස මහතා වඩාත් ළෙන්ගතු වූයේ නාට්‍ය රංග කලාවටයි. ටවර්හෝල් යුගයේ සිට පැවත ආ නුර්තීන් සඳහා වඩාත් ඇලුම් කළ ඔහු, ඒවා වත්මන් සමාජ භාවිතය සඳහා සුරැකීමට අදිටන් කරගත්තේය.

ඒ අපේක්ෂාව සපුරාලීම උදෙසා අග්‍රාමාත්‍යවරයා ලෙසින් පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනෙමින්, ටවර් හෝල් රඟහල රජයට පවරා ගැනීම 1978 වසරේ සිදුකළ අතර, එයට සමගාමීව ටවර් හෝල් රඟහල ඉපැරැණි ගෘහ නිර්මාණය සුරකිමින් පිළිසකර කිරීම හා එහි නාට්‍ය හා රංග කලා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ටවර් හෝල් රඟහල පදනම පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කරන ලදී.

ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් ඉතිහාසයට කෘතවේදී වෙමින් එය මතකයට නගමින් සිය සමාජ මෙහෙවර ඉටුකළ අයෙකි.

ඒ අනුව යමින් පිළිසකර වූ ටවර්හෝල් රඟහල ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විවෘත කළ අවස්ථාවේදී එහි රඟදැක්වූයේ, 1911 වසරේ ටවර්හෝල් රංග ශාලාව මුල්වරට ඉදිකොට අනාගාරික ධර්මපාලතුමන් විසින් විවෘත කළ අවස්ථාවේදී රඟදැක්වූ මුල්ම නූර්තිය වූ ‘සිරිසඟබෝ’ නාටකයේ නවතම නිෂ්පාදනයයි. එම නාට්‍ය රංගනයේ නවතම නිෂ්පාදන වගකීම ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම පරිදි සිදුකරන ලද්දේ කීර්තිධර නාට්‍යකරුවකු වූ හෙන්රි ජයසේන විසිනි.

ප්‍රතිසංස්කරණය වූ ටවර්හෝල් රඟහල විවෘත කළ අවස්ථාවේදී අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා සිය මතකයෙන් සිරිසඟබෝ නෘත්‍ය ගීත රැසක් සිය මතකයෙන් ගැයූ බව එහි සංරක්ෂිත කතා සාක්ෂි දරයි.

පිළිසකර වූ ටවර්හෝල් රඟහලේදී මෙලෙසින් සිරිසඟබෝ නාටකය රඟදැක්වීමෙන් පසු ශ්‍රී වික්‍රම, සමුද්‍රදේවි වැනි ඉපැරැණි නූර්තීන් නවක නළුවන් යොදාගනිමින්, නව නිෂ්පාදන ලෙසින් රංගගත වූ අතර, එය වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයට හේතු විය.

මෙලෙසින් ප්‍රතිනිර්මිත ටවර්හෝල් රඟහල, ඉපැරැණි නාට්‍ය නවක ශීල්පීන්ගේ දායකත්වයෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීම සහ නාට්‍ය රංග ශිල්පය විධිමත්ව දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසින්ද භාවිත කළේය. මෙලෙසින් එවක පැවැති රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙසින් ප්‍රේමදාස මහතා සිය සමාජ මෙහෙවර ඉටුකිරීමේදී හැකිතාක් දුරට රාජ්‍ය ප්‍රතිපාදන අවම වශයෙන් භාවිත කරමින්, එම කාර්යය ඉටුකළ අතර, ටවර්හෝල් රඟහල පිළිසකර කිරීම හා ඒ අශ්‍රිත උපකරණ වැනි දේ මිලදී ගැනීම ඇතුළු එහි කළමනාකරණ කාර්යයන් නිසි පරිදි ඉටුකිරීම වෙනුවෙන් ස්ථාපිත වූ ටවර්හෝල් රඟහල පදනම සඳහා ලැබුණු දෙස්විදෙස් පරිත්‍යාග බොහෝ දුරට දායක කරගනු ලැබීය.

රංගනය, නාට්‍ය කලාව පිළිබඳ හසළ දැනුමකින් හෙබි පුද්ගලයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අයුරින් ටවර්හෝල් පාලක මණ්ඩලය පත්වූ අතර, එහි ප්‍රධාන කාර්යාලය කොළඹ විජේරාම මාවත සව්සිරිපායේ ස්ථාපිත කළේය.

සැඳෑ සමය ගතකරන මෙරට ඉපැරැණි රංග ශිල්පීන් සඳහා මාසික මූල්‍ය අනුග්‍රහයක් ලබාදෙමින් ඔවුන් සුරැකීමත්, එවන් වූ ඉපැරැණි නෘත්‍ය හා නාට්‍ය නැවත නිෂ්පාදනය කොට නව සමාජය අතර ප්‍රචලිත කිරීම මෙම ටවර්හෝල් පදනම ඇසුරෙන් සිදුකිරීම ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූ අතර, එකී බලාපොරොත්තු එදා සැබැවින්ම ටවර් හෝල් රඟහල පදනම වෙතින් ඉටුවිය.

මෙම පදනම ආශ්‍රිතව සියලු රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් හා සිනමා නළු නිළියන් පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු පද්ධතියක් මෙම පදනම සතුවිය. එහි දායකත්වයෙන්, අනුග්‍රහ ලැබිය යුතු කලාකරුවන් සඳහා මාසික දීමනා සහ වෛද්‍ය පහසුකම් සැපයීම සිදුවිණි. එයට අමතරව මෙම කලා ශිල්පීන්ගේ නිවාස ප්‍රශ්නය සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන් සඳහා රජය මගින් එවක ක්‍රියාත්මක කළ නිවාස සංවර්ධන වැඩසටහන වෙතින් නිවහනක හිමිකම ලබාදීම ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙසින් එවක මෙරට සිටි ජනප්‍රිය කලාකරුවන්ට මෙන්ම ඉපැරැණි කලා ශිල්පීන් සඳහා තම අමාත්‍යාංශය විසින් මෙහෙයවූ නිවාස වැඩසටහන තුළින් නිවාස පහසුකම් ලබාදීම ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ මාලිගාවත්ත, මොරටුව සොයිසාපුර වැනි නිවාස ක්‍රම වෙතින් මෙම කලාකරුවන් රැසකට සහන පදනමක් යටතේ නිවාස පහසුකම් හිමිවිය. මෙයට අමතරව රත්මලාන ටෙම්ප්ලර් පාරේ වටිනා බිම් කොටසක් වෙන්කොට එහි කලාකරුවන් සඳහා ‘කලා පුර’ නමින් වූ නිවාස ක්‍රමයක් ඉදිකිරීම ප්‍රේමදාස මහතාගේ පූරෝගාමීත්වයෙන් සිදුවිය.

මේ සියලු පහසුකම් කලාකරුවන්ට හිමිවීම ටවර්හෝල් රඟහල පදනම ස්ථාපිත වීමත් සමග වඩාත් ක්‍රමවත් විය.
කොළඹ සව්සිරිපායේ ස්ථාපිත වූ ටවර්හෝල් රඟහල පදනමේ ප්‍රධාන කාර්යාලය ඇසුරේ මෙරට නාට්‍ය නූර්ති හා සම්බන්ධ සංරක්ෂණාගාරයක් සමගින් වූ එකී විෂය බැඳුණු කෞතුකාගාරයක් නිර්මාණය විය.

එමෙන්ම මූලික පහසුකම් සහිත ශබ්දාගාරයක් මෙහි සකස්වූ අතර, අවම වත්කම් සහිත කලාකරුවන්ට මෙම ශබ්දාගාරය මහත්වූ සහනයක් ලබාදුන් සේවාවක් විය.
මෙලෙසින් ටවර් පදනම හරහා මෙරට බහුතර නාට්‍යකරුවන් හා ගායකයන් ඇතුළු පැරණි හා වත්මන් කලාකරුවන් එක්රැස් කිරීමෙන් පසු ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ මොවුන්ගේ රංගන සහ ගීත හැකියාව තම මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක උදාගම් ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත රැගෙන යාමයි. ටවර්හෝල් පදනම් මෙහෙවරින් කිසියම් ප්‍රතිලාභ ලැබූ සෑම කලාකරුවෙක්ම, ප්‍රේමදාස මහතා විසින් ඉටුකරන ජාතික මෙහෙවර ශක්තිමත් කිරීම සඳහා තම හැකියාවෙන් දායක වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. අගමැති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කළ සෑම උදාගමක ජනහමු අවස්ථාවක්ම වඩාත් ආකර්ෂණය කිරීම සඳහා ජනප්‍රිය වත්මන් සහ පැරණි ගායකයන්ට ගීත ගායනය සඳහා අවස්ථාව සලසා දුන් අතර, ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් සිදුවූ මෙම මෙහෙවර හේතුවෙන් දිවයිනේ ඈත එපිට දුෂ්කර ගම්මානයන්හි ජනතාවට තම සිතැඟි කලාකරුවන් සැබැවින් දැකබලා ගැනීමට අවස්ථාව සැලසිනි. මෙයට අමතරව මේ සෑම උදාගම් උත්සවයක් අවසානයේ එවක මෙරට ජනප්‍රිය වූ නාට්‍යයක් නූර්තියක් රඟදැක්වීම ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් සිදුවිය.

මෙම වැඩසටහන හේතුවෙන් සුබ සහ යස, හුණුවටය වැනි එවක ජනප්‍රිය නාටක මෙන්ම සිරිසඟබෝ, ශ්‍රී වික්‍රම වැනි ඉපැරණි නූර්ති රංගන දැකබලා ගැනීමේ අවස්ථාව උදාගම් වැසියන්ට හිමිවිය. උදාවූ සෑම උදාගමක් ඇසුරේ ගීත ගායන හැකියාවෙන් සමන්විත වූවන් සිටි අතර, ඔවුන්ට සිය හැකියාවන් ඔප්නැංවීමට අවස්ථාවක් නොතිබිණි. ඒ සඳහාවූ මහඟු අවස්ථාවක් සලසමින් අගමැති ප්‍රේමදාස මහතාගේ අදහසක් පෙරදැරිව ‘උදාගමින් උදාගමට’ නම්වූ ආධුනික ගායනා වැඩසටහනක් ආරම්හ කළ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ටවර්හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් පැවැති මෙම වැඩසටහන හේතුවෙන්, දිවයින පුරා උදාගම් ඇසුරේ සිටි ආධුනික ගායක ගායිකාවන් සඳහා සිය හැකියාවන් ඔප්නැංවීමට අවස්ථාව සැලසිනි.

මේ සෑම වැඩසටහනක්ම පටිගත කොට එළැඹි ඉරුදින පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශය වීමත් සමගින් එම ග්‍රාමීය කලාකරුවන්ට මහත් ප්‍රසිද්ධියක් ලැබිණි.

එමෙන්ම සන්නිවේදන විද්වතුන්ගේ අදහසට අනුකූලව ‘උදාගමින් උදාගමට’ සංගීත වැඩසටහන මෙරට රියැලිටි ගීත කලාවේ මූලාරම්භයයි. එමෙන්ම එකී වැඩසටහන්හි ජයග්‍රාහකයන් තෝරා ඔවුන් හැම දෙනකුම එම වසරේ ගම් උදාව ප්‍රදර්ශන අවස්ථාවට කැඳවා, මහා තරගය පවත්වා ඉන් ජයග්‍රහණ කරන තරගකරුවන් සඳහා කුසලාන සමගින් ත්‍යාග ප්‍රදානය සිදුකරන ලදී. එමෙන්ම එම ජයග්‍රාහකයන්ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගීත ගායනා කිරීමේ අවස්ථාවද සලසා දෙනු ලැබීය.

මෙවන් ආකාරයක සමාජ මෙහෙවරක් ඉටුකළ ටවර්හෝල් රඟහල පදනම, වාර්ෂිකව සුවිශාල ජනතා සහභාගීත්වයෙන් පැවැති ගම් උදාව ප්‍රදර්ශනය පැවැත්වූ දින දහය තුළ ගම් උදාව ප්‍රදර්ශන වේදිකාවේ සෑම දිනකම පවත්වනු ලැබූ සංස්කෘතික සංදර්ශනය සංවිධාන වගකීම් දැරීය.

දිවයිනේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන්ගෙන් සමන්විත සංගීත සංදර්ශන සුපතළ නාට්‍ය සංදර්ශන සමගින්වූ වෙනත් සංස්කෘතික සංදර්ශන සංවිධාන කිරීම මෙහිදී සිදුකළ අතර, එදා මෙම සංවිධාන ‍ වගකීම් අගමැති ප්‍රේමදාස මහතා විසින් පවරා තිබුණේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ ජයසුමන දිසානායක සහ ක්‍රිස්ටි කුරේ යන මහතුන්ටය.
දිවයිනේ දස දෙසින් පැමිණෙන ජනතාව ගම් උදාව ප්‍රදර්ශනය නරඹන්නට නොඉවසිල්ලෙන් බලා සිටියේ, තමන් වඩාත් ඇලුම් කරන ගායකයන්ගේ ගීත ප්‍රධාන වේදිකා සංදර්ශනයේදී ඇසීමටය.

මෙහිදී අප මතයේ රැඳුණු වඩාත් සංවේදී සිදුවීම වන්නේ 1987 ජූලි මස 03 දින පැවති කතරගම ගම් උදාව ප්‍රදර්ශනයේ අවසන් දින රාත්‍රී මැදියම එදින උත්සවය නිමා කරමින්, ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල සිය ගායනය නිමා කිරීමත් සමග දැඩි ලෙසින් රෝගාතුරව ඉන් දින කිහිපයකට පසු සිය දිවියෙන් සමුගැනීමයි.

කලාකරුවන් සඳහා මෙවන් සුවිශේෂ මෙහෙවරක් ප්‍රේමදාස මහතාගේ උපදෙසින් හා මඟපෙන්වීමෙන් ඉටුකිරීමෙන් සැහීමකට පත්නොවූ ප්‍රේමදාස මහතා, පිළිසකර වූ මරදාන ටවර්හෝල් රඟහල ඇසුරේ ගරාවැටුණු ලෙස පැවැති ඉපැරණි එල්ෆින්ස්ටන් රංග ශාලාව පිළිසකර කොට කලාකාමී සමාජය වෙත පිරිනැමීමට තීරණය කළේය.
බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරට පාලනය බැඳුණු ඉන්දියාවේ සිටි ආණ්ඩුකාරයකු නමින් වසර සියයකට පමණ පෙරදී මෙරට ඉදිවූ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ප්‍රේමදාස මහතාගේ උපදෙසින් යළි පිළිසකර කිරීම සිදුකළ අතර, එම ප්‍රතිසංස්කරණ කාර්යයන් සියල්ල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුග්‍රහයෙන් සිදුකළ අතර ඒ සඳහා වූ මූල්‍ය අනුග්‍රහය ටවර්හෝල් පදනම විසින් පරීත්‍යාගශීලී දායකත්වයන්ට මුල්තැනක් දෙමින් සිදුකරන ලදී. ඉපැරණි එල්ෆින්ස්ටන් රඟහලේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සුරකිමින් නැවත පිළිසකරවූ එල්ෆින්ස්ටන් රඟහල ‘සරසවිපාය’ නමින් අගමැති ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් දේශීය කලාකරුවන් සඳහා පුදකරන ලදී.

මෙම ඓතිහාසික සිනමා පීඨය නාට්‍ය රඟ දැක්වීමට මෙන්ම, වටිනා දෙස් විදෙස් සිනමා පට තිරගත කිරීමත් භාවිත කළේය.
එයට අමතරව කොළඹ නගරයේ වඩාත් පහසුකම් හෙබි රංගන පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින්ද සරසවිපාය ප්‍රචලිත විය.

මෙලෙසින් ටවර්හෝල් රඟහල සහ සරසවිපාය සමගින් ටවර්හෝල් පදනමේ අනුග්‍රහයෙන් මෙම ජාතික මෙහෙවර කලාකරුවන් සඳහා ඉටුකළ ප්‍රේමදාස මහතා, තමන් නිරතව ළෙන්ගතු වූ කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසයන්හි කලාකාමී ජනතාව කලාකාමී රංගනයන් සඳහා යොමුකර ගැනීමට අපේක්‍ෂා කළේය. මෙවන් වූ කටයුත්තක් සාර්ථක කරගැනීම සඳහා ප්‍රේමදාස මහතාගේ වඩාත් සුදුසු තේරීම වූයේ සයිමන් නවගත්තේගම කලාකරුය.

ඔහු නාට්‍ය හා සිනමාකරුවකු මෙන්ම ජනප්‍රිය නවකතා හා කෙටිකතා රචකයෙක් විය. ඔහුගේ නිර්මාණ, කොළඹ අඩු ආදායම්ලාභී සමාජයට වඩාත් සමීප බව නිවැරදිව වටහාගත් ප්‍රේමදාස මහතා, එම සමාජය නියෝජනය කරන, කලාකාමී තරුණ තරුණියන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් නාට්‍ය හා වෙනත් අනුසාංගික කලා කෘතීන් නිර්මාණය කොට සමාජගත කිරීමට තීරණය කළේය. එකී තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් සයිමන් නවගත්තේගම මහතාගේ අධ්‍යක්ෂණයෙන් ‘ජන උදාව’ ව්‍යාපෘතිය බිහිවිය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අනුබද්ධිත ව්‍යාපෘතියක් වූ ජන උදාව තුළින්, කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසයන්හි ජීවත් වන තාරුණ්‍යය නියෝජනය කරන කලාකාමීන් සිය ජනාවාස ඇසුරේ රැස්වී නාට්‍ය හා වෙනත් අනුසාංගික නිර්මාණ සිදුකරන ලදී.

සයිමන් නවගත්තේගම මහතාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ මෙහිදී නිර්මාණය වූ මෙකී නාට්‍ය, පසු කලෙක වඩාත් ඉහළ මට්ටමින් නිෂ්පාදනය වීම හේතුකොට එකී නිෂ්පාදන ජාතික නාට්‍ය තරගයේ ජයග්‍රහණ හිමිකර ගැනීමට පවා සමත් විය.

ජන උදාවේ මෙවන්වූ කලා නිර්මාණ සමීපව අධීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස සංවිධානය (ඹභක්‍්‍යී) පවා, මෙම නිෂ්පාදන අගයමින් ඒ සඳහා අනුග්‍රහය ලබාදීම පසු කලෙක සිදුකරන ලදී. කලාව, රංගන ශිල්පය පිළිබඳ වඩාත් ළෙන්ගතු වූ ප්‍රේමදාස මහතා, කොළඹ සමාජයේ වඩාත් දරිද්‍රතාවයෙන් හෙබි ජනකොටස්හි කලා කුසලතාවන් වඩාත් වර්ධනය කිරීම සඳහා පියවර ගත්තේය.

පොදු ප්‍රවාහනයේ බස් රථ හා දුම්රියේ මෙන්ම මහමග පදික වේදිකාවේ ගීත ගායනා කරමින් යාචකයන් ලෙසින් කටයුතු කරන අය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ ප්‍රේමදාස මහතා ඔවුන්ගේ සහජ කලා හැකියාවන් වර්ධනය කොට, එමගින් එකී ජනකොටස සමාජ ආකර්ෂණය යොමුකරගත් ජනකොටසක් බවට පත්කිරීමට දායක විය.
එය, ටවර්හෝල් රඟහල පදනම අනුග්‍රාහකත්වයෙන් ‘මාවතේ අපි’ වැඩසටහනේ උදාවයි. ඔවුන් හැම දෙනෙක් සඳහා නිසි සමාජ ඇගයුමක් ලබාදී, ඔවුන්ගෙ විචිත්‍රාංග සඳහා ටවර් සහ සරසවිපාය වේදිකා මෙන්ම ගම් උදාව වේදිකාව තුළින් නිසි සමාජ පිළිගැනීම ලබාදෙන ලදී.

කිසිදු සුවිශේෂ රාජ්‍ය බලයක් නොමැතිව, හුදෙක් නාමික බලයකට හිමිකම් කී අගමැති ධුරය දරමින්, සමාජයේ සියලු ජනකොටස් සඳහා වඩාත් මතකයේ රැඳුණු, මෙවන්වූ ජනතා මෙහෙවරක් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් සිදුවූ අතර, ඔහුගේ වියෝවයෙන් දශක කිහිපයකට පසුව වුවද ඒවා මෙලෙසින් ජනතා හදවත්හි මතක ගැන්වේ.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

පරිසරය අමතක කරන ලංකාවේ පරිසර දිනය! Sri Lanka Latest News

Next Post

හැමෝම කතාකරන ආණ්ඩුවටත් නැති විපක්ෂයටත් නැති මොකක්ද මේ බහුතරය? Sri Lanka Latest News

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.