කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනා ගැනීමේ කැමරා සවිකිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08ක පමණක් බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.
මෙම වැඩපිළිවෙළ යටතේ ආගමන විගමන කවුලු 30කට එම ආරක්ෂිත උපාංග පොලිසිය මැදිහත්වීමෙන් සවිකිරීමට නියමිතයි.
සංවිධානාත්මක අපරාධ කරුවන්, වරෙන්තු කරුවන් හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් විදේශගත වීම හා විදේශවල සිට පැමිණීමේදී හඳුනා ගැනීම එමගින් සිදු කළ හැකියි.
ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා අධීක්ෂණය කෙරෙනවා.











