පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් අතර හිටපු එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසනවා.Sri Lanka Latest News
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අප කළ විමසීමකදී කියා සිටියේ අදාළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශයක් බවයි.










