• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවසන් සටන (රටේ පැත්ත)

June 27, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අවසන් සටන (රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

“මහින්ද දැන් වයසයි. මහින්ද විශ්‍රාම යන්න ඕනෙ. මහින්ද විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැන්න ඔක්කොම ගෙදර යන්න ඕනෙ.”
මේ පහුගිය කාලයේ විපක්ෂයේ බොහෝ දෙනා දැකපු හීනයය. තැන් තැන්වල කියපු කතාවය. එහෙම කියපු විපක්ෂයෙ අයට ඕනවෙලා තිබුණෙ මහින්දව කොහොමහරි ගෙදර තියන්නය. මොකද මහින්ද දේශපාලනයේ ඉන්නතාක් තමන් දකින හීන ඉෂ්ඨ කරගන්න බැරි වෙන බව මේ ඔක්කොම හොඳින්ම දන්නා කාරණයකි. ඒ හින්ද ඔක්කොම බලන්නේ දන්න සෙල්ලම් ඔක්කොම දාලා මහින්දව කොහොම හරි ගෙදර තියන්නය.
විපක්ෂයේ අය මේ හීනය 2015ත් දැක්කේය. 2015දී මහින්ද ජනාධිපතිවරණය පරාද වී කොළඹ ඉඳන් හෙළිකොප්ටරෙන් මැදමුලනට ගිහින් ජනෙල් පඩිය උඩට වෙලා ගෙදරට ආපු ගමේ මිනිස්සුන්ට කතා කරද්දී ඔක්කොම හිතුවේ මහින්දගේ දේශපාලනය දැන් ඉවරෙටම ඉවර යැයි කියාය. දෙයියො නැති බිමේ යක්කු බඩපිනුම් ගහනවා කීවා සේ මහින්ද නැති දේශපාලන පිටියේ තමන්ට ඕන ඕන හැටියට බඩ පිනුම් ගැසීමට හැකි බව මේ දේශපාලකයෝ සිතූහ. නමුත් ඔවුන්ට මහින්දගේ ගමන නවත්වන්න නොහැකි විය.
2015 ජනාධිපතිවරණ පරාජයෙන් මාස කිහිපයකට පසු මහින්ද සුළඟ ආරම්භ වූයේ මහින්දගේ ඊළඟ දේශපාලන ගමනේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමිනි. ඒකට මූලිකත්වය ගත්තේ විමල්, උදය, ප්‍රසන්න රණතුංග, වෙල්ගම වැනි පිරිසකි. යහපාලන ආණ්ඩුවේ තර්ජන, ගර්ජන මැද මහින්ද සුළඟ යළිත් නුගේගොඩින් ආරම්භ වී රට වටා යන්නට පටන් ගත්තේය. මේ මහින්ද සුළඟ ආණ්ඩුවට එරෙහි සුළි කුණාටුවක් බවට පත්වන්නට වැඩි කාලයක් ගියේ නැත. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද මන්ත්‍රිවරයකු ලෙස කුරුණෑගලින් යළිත් තම දේශපාලනයේ දෙවැනි ගමන ආරම්භ කිරීමය.
“අයියෝ රටේ ජනාධිපති කෙනෙක් වෙලා ඉඳලා ඔන්න මන්ත්‍රි කෙනෙක් වෙලා පාර්ලිමේන්තු එනවා. මොන ලැජ්ජ නැති වැඩක්ද…”
ආණ්ඩුවේ ප්‍රධානීන් එදා මහින්දට කෝචොක් කළේ මේ විදිහටය.
“බලන්නකො ඇමෙරිකාවේ ජෝර්ජ් බුෂ්ලා, ඔබාමාලා, බිල් ක්ලින්ටන්ලා දෙපාරක් ජනාධිපතිකමේ ඉඳලා ලස්සනට ඒකෙන් අයින් වෙලා ගෙදර ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න හැටි. ඇයි මහින්දට එහෙම ඉන්න බැරි…”
සමහරු එහෙමත් ඇසූහ.
හැබැයි මහින්ද යනු සර්ව සම්පූර්ණයෙන්ම දේශපාලන සත්ත්වයෙකි. මාළුවාට වතුර නැතිව ඉන්න බැරුවා වගේ මහින්දට දේශපාලනය නැතුව ජීවත් වෙන්න බැරිය. අවුරුදු 75ක් වෙලත් මහින්දව අදටත් සක්‍රියව ජීවත් කරවන්නේ මේ දේශපාලනයය.
මහින්ද 2010 දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක හොයාගෙන කාටවත් කරන්න බැරි වූ ව්‍යවස්ථාව වෙනස් කරල තුන්වැනි පාරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් විදිහට 18 වැනි සංශෝධනය ගෙනාවේ මේ නිසාය. මහින්දට කලින් සිටි ජේ.ආර්. පවා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් තවපාරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට උත්සාහ කළේය. නමුත් ඇතුළෙන් ආපු විරෝධය නිසාම ජේ.ආර්.ට ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ලැබුණේ නැත. ප්‍රේමදාස මතුවුණේ ඒ අනුවය.
ඉන් අනතුරුව 1994 ජනාධිපති පුටුවේ වාඩිවූ චන්ද්‍රිකාත් වාර දෙකක් ජනාධිපති පුටුවේ ඉඳලා තුන්වැනි වතාවට ජනාධිපතිවරණයට තරග කරන්නට හැකියාව ලැබෙන ලෙස ව්‍යවස්ථා සංශෝධනය කරන්නට උත්සාහ කළාය. නමුත් චන්ද්‍රිකාටද ඒක කරගන්න ලැබුණේ නැත. මහින්ද මතුවුණේ ඒ අනුවය.
හැබැයි මහින්ද ඒ ජේ.ආර්.ටත් චන්ද්‍රිකාටත් කරන්න බැරි වුණ වැඬේ කරගත්තේය. යුද ජයග්‍රහණයත් එක්ක ලැබුණු ජනවරමට අනුව මහින්ද කොහොම හරි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක හදාගෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් වාර තුනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි පරිදි ව්‍යවස්ථා සංශෝධනය කළේය.
නමුත් මහින්ද ඒ ගහපු ගේම් එක 2015 මහින්දටම ආපසු කැරකිණ. මහින්ද පරදා මහින්දගේ පක්ෂ ලේකම්වරයා වූ මෛත්‍රිපාල ආණ්ඩුවෙන් එළියට ගෙන රනිල් ගහපු ගේම නිසා මහින්දට ගෙදර යන්න සිදුවිය. ඒ අනුව මුලින් කීවා වගේ හැමෝම හිතුවේ මහින්ද ඉවරටෙම ඉවර යැයි කියාය. නමුත් පරාද වෙලා මැදමුලනට ගිහින් නිවී සැනසිල්ලේ කල්පනා කරද්දී තමන් මේ වතාවේ පැරදුණු එක හොඳ යැයි මහින්දට නොහිතුනා නම් පුදුමයකි. මොකද තුන්වැනි පාරත් දිනා මහින්ද ජනාධිපති වුණා නම් මේ රටේ මිනිස්සුන්ට රාජපක්ෂ කියන නමත් අප්පිරිය වන්නට හොඳටම ඉඩකඩ තිබිණ. ඒ අනුව මහින්ද 2015 පැරදුණේ මහින්දගේම හොඳටය. මහින්ද සුළඟින් යළිත් මහින්ද සිය දෙවැනි ඉනිම ආරම්භ කළේ ඒ පරාජයට පින් සිදුවන්නටය.
හැබැයි මහින්දව දේශපාලනයෙන් ඉවත් කර තබන සැලැසුම මෛත්‍රි, රනිල් අතඇරියේ නැත. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් දෙවතාවක් ජනාධිපති ධුරය දැරූ අයකුට තවත් වතාවක් එම ධුරයට තරග කළ නොහැකි බවට වගන්තියක් ඇතුළත් කරමින් මහින්දව ජනාධිපති සටනින් ඉවත් කර තැබීමට මෛත්‍රීපාලලා කටයුතු කළහ. මීට අමතරව ඇමෙරිකානු පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට වගන්තියක් ඇතුළත් කරමින් ගෝඨාභයත්, බැසිලුත් දේශපාලනයෙන් ඉවත් කර තැබීමට පියවර ගත්හ. මීට අමතරව විධායක ජනාධිපතිවරයාගේ බොහෝ බලතල පාර්ලිමේන්තුව යටතට පත්කොට විධායක අගමැතිවරයකු නිර්මාණය කිරීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා මෛත්‍රිගේත්, රනිල්ගේත් සැලැසුම වී තිබුණේ 2015න් පසු රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටෙන් අතුගා දමා ඊළඟ විධායක අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට එන්නටය.
නමුත් යළිත් 2015 දී මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තු ආ මහින්ද මෛත්‍රීගේත් රනිල්ගේත් මේ සැලසුම බකල් කළේය. ඒ අනුව පළමුව මහින්ද කළේ විපක්ෂයේ බලය ඇල්ලීමය. මහින්ද ඒකට ඒකාබද්ධ විපක්ෂය නමින් සන්ධානයක් හදා තමන් සමඟ සිටින සියලු බලවේග එකතු කිරීමට පියවර ගත්තේය. මෛත්‍රිපාල ශ්‍රීලනිපයේ බලය අල්ලා මහින්දව ශ්‍රීලනිපය පැත්ත පළාතේ එන්න නොදුන් නිසා මහින්ද කළේ බැසිල් සමඟ එක්ව අලුතෙන්ම පක්ෂයක් ගොඩනැඟීමය. ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව බිහිවුණේ ඒ ආකාරයටය. මහින්දත්, බැසිලුත් පොහොට්ටුව නිර්මාණය කොට මාස තුනක් ඇතුළත ඉතිහාසයේ පළමු වතාවට පුංචි ඡන්දයක් ඉදිරියේ බලගතු මහ ආණ්ඩුව දණගැස්සවීමට පියවර ගත්තේය. මුළු රටේම ප්‍රාදේශීය සභා, නගර සභා සියල්ලේම බලය මහින්ද එක මිටට ගනිද්දී ආණ්ඩුවේ සිටි එජාපයට හිමි වූයේ නගර සභා හා ප්‍රාදේශීය සභා හත අටක් පමණි.
මේ විදිහට මහින්ද යළිත් දේශපාලනයේ නිරත වෙද්දී ෂෝට්කට් එකකින් බලය අල්ලන්න ගිහින් 2018 දී හතරගාතෙන් වැටිණ. ඒ මෛත්‍රිපාල විශ්වාස කොට ඔහු සමඟ ආණ්ඩු පිහිටුවන්නට ගොස්ය. දින 56කට සීමා වූ ඒ නීති විරෝධී ආණ්ඩුවේ අගමැති වීමට මහින්දට හැකි වුවද මහින්ද ලබාගත් ජාත්‍යන්තර කීර්තිය ඒ සිදුවීම නිසා විශාල ලෙස පලුදු කර ගැනීමට සිදුවිය.
කෙසේ වෙතත් 2019 ජනාධිපතිවරණය මහින්දට තවත් තීරණාත්මක දේශපාලන කඩඉමක් වූ වසරක් විය. ඒ ජනාධිපතිවරණය 2019ට යෙදී තිබීම නිසාය. ඒ වන විට 2015දී මහින්දව පන්නන්නට යටිකූට්ටු වැඩ කළ මෛත්‍රි – රනිල් ඇතුළු නඩය සිටියේ කරකියාගන්න දෙයක් නැතිවය. අන්තිමේදී මහින්ද පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට සිය සහෝදරයා වූ ගෝඨාභය ඉදිරිපත් කොට ජනාධිපති පුටුවේ හිඳුවීමට සමත් විය. මහින්ද යළිත් අගමැති බවට පත්විය.
දැන් මහින්ද මුහුණදී සිටින්නේ 19 වැනි සංශෝධනය යටතේ පවත්වන පළමු මහ ඡන්දයටය. බොහෝ දුරට මේ මහ ඡන්දය මහින්දගේ අවසන් සටන වනවා නිසැකය. මහින්ද එසේ තම අවසන් සටනට සැරසෙද්දී මහින්දව ගෙදර යැවූ මෛත්‍රි සිටින්නේ මහින්ද යටතේ පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වයවත් නැතිව අපේක්ෂකයකු ලෙස තරගයට ඉදිරිපත් වීය. රනිල් සිටින්නේ පක්ෂයද දෙකට තුනට කඩාගෙන එජාපයෙන් මන්ත්‍රිවරුන් 10ක්වත් පාර්ලිමේන්තු යවාගත නොහැකි තත්ත්වයකය.
“එතකොට මේ මහ ඡන්දෙන් පස්සෙ මහින්දට මොනව වෙයිද?”
මහින්ද මේපාර මහ ඡන්දෙන් පස්සෙ යළිත් අගමැති වනේනේ 19 වැනි සංශෝධනය යටතේ මහ ඡන්දයක් දිනා පාර්ලිමේන්තු පැමිණෙන පළමු විධායක අගමැතිවරයා ලෙසටය. 19 වැනි සංශෝධනයට පෙර සියලුම අගමැතිවරුන් විධායක ජනාධිපතිවරයා යටතේ නාමමාත්‍රික අගමැතිවරුන් ලෙස කටයුතු කළද මහින්ද මෙවර අගමැති ලෙස දිවුරුම් දෙන්නේ විධායක බලතල සියල්ලම ලබාදී බලගැන්වූ විධායක අගමැතිවරයකු ලෙසටය.
“එතකොට මහින්දගේ වයස?”
අවුරුදු 93දී මලයාසියාවේ අගමැතිවරයා බවට පත්වීමට මහතීර් මොහොමඞ්ට පුළුවන් වුණා නම් මහින්දට අවුරුදු 75දී මේ රටේ විධායක අගමැතිවරයා ලෙස කටයුතු කරන්නට බැරිකමක් නැත.

SendShareShare
Previous Post

අතිභයානක කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුණා: ලෝක සෞඛ්‍යයෙන් අනතුරු අගවයි

Next Post

ප්‍රශ්නය ඉවරයි: සජිත් හරීන් අරන් කාදිනල් හිමි ළගට යයි (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.