නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රැසක යළි ව්‍යාප්තවීම ඇරඹි ඇති බැවින් මිලියන ගණනක් ජනතාව ඉන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.
අමෙරිකාව, යුරෝපය, ලතින් අමෙරිකානු රටවල සහ ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.
මෙම තත්ත්වය පළමු අදියරට වඩා භයානක වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය බරපතළ අනතුරු ඇගවීමක් කර ඇත.










