• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙළිකරන බව කිව්ව මහමොළකරු කෝ? පිල්ලෙයාන් අල්ලන්න ගියාද? ගම්මන්පිල කියන්නෙ ඇත්තද? Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු වාර්තාවට විරෝධය පා කතෝලික සභාව කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කරයි
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයට වසර 6 සම්පූර්ණ වුණා. ඒත් එක්කම මහමොළකරු ප්‍රසිද්ධ කරන බවට විශේෂ ප්‍රකාශයක් පහුගිය දවසක එළියට ආවා. ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මහමොළකරුවෙක් ඉන්නවද, ඔහු කවුද, ඔහු සම්බන්ධව සත්‍යය කුමක්ද කියන එක ගැන අපි හැමෝම උනන්දුවෙන් බලාගෙන හිටියා. ඇත්තම කතාව තමයි ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ විට කියැවෙන්නේ අසත්‍ය ප්‍රකාශ සහ තමන්ට වාසි යැයි හිතන ප්‍රකාශ. ඒක තනිකරම දේශපාලනික ක්‍රියාදාමයක් බවට පත්වෙලා ඉවරයි. ඒක අනුර කුමාර දිසානායක මහත්තයලා හෝ මේ ආණ්ඩුව විසින් කරන දෙයක් නෙවෙයි. ලංකාවේ හැම දේශපාලන කණ්ඩායමක් විසින්ම විවිධ අවස්ථාවලදී කරපු දෙයක්. ඒ අය බොහෝ විට උත්සාහ කරන්නේ පාස්කු ප්‍රහාරය භාවිත කරලා තමන්ගේ කණ්ඩායමට වාසි ගන්න. ඒ වැඩේ ඉතාම වැරැදියි, ඉතාම නරකයි කියලා දැන දැනමත් මේ වැඩේ එදා ඉඳන්ම සිද්ධ වුණා. Sri Lanka Latest News

දැන් පාස්කු ප්‍රහාරයට මහමොළකරු විදියට චෝදනා ලබන්නේ කවුද කියන එක බලාගෙන ඉන්න අතරතුරේ පහුගිය දවසක ගම්මන්පිලලා එළියට ඇවිල්ලා කියනවා මේක පිල්ලෙයාන්ව මහමොළකරු බවට පත්කරන්න කරපු වැඩක් කියලා. ඇත්තටම ගම්මන්පිල මහත්තයලා කියන විදියට පිල්ලෙයාන් කියන්නේ අහිංසක හුරතල් හාපැටියෙක් නෙවෙයි. පිල්ලෙයාන් කියන්නේ ත්‍රස්තවාදියෙක්. ඔහු තමයි ත්‍රස්තවාදීන්ගේ කොටසකට නායකත්වය දුන්නේ. ප්‍රධාන ප්‍රහාර වැඩි ප්‍රමාණයකට ඔහු තමයි නායකත්වය දුන්නේ. ඒ නිසා අපිට පිල්ලෙයාන්ව හුරතල් කරන්න, පිල්ලෙයාන් අහිංසකයි කියලා කියන්න, පිල්ලෙයාන් පවු කියලා කියන්න කිසිම වුවමනාවක් නෑ. අපි දන්නවා පිල්ලෙයාන් කියලා කියන්නේ ලංකාවේ විශාල මනුෂ්‍ය ජීවිත ප්‍රමාණයක් විනාශ කිරීමට වගකිව යුත්තා. හැබැයි එහෙමයි කියලා මේ වෙලාවේ පිල්ලෙයාන් පිටින් මේ වැරැද්ද තියලා අත පිහදාගෙන, ඇඟ පිහදාගෙන ලකුණු දාගෙන අපි තමයි කළේ කියලා කියන්න කාටවත් ඉඩ දෙන්න බෑ. මේ මොහොතේදී අපිට මේ ආණ්ඩුවට චෝදනා කරන්නත් බෑ. ඒකට හේතුව මේ ආණ්ඩුව පත්වෙලා තාම මාස 6යි. ඒගොල්ලෝ මාස 6ක් තිස්සෙත් මේ වාර්තා තියාගෙන ඉඳලා මේ වෙලාවේ ඒක එළියට දාන්න ට්‍රයි කරන්නේ මොකටද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙනම කතාවක්.

හැබැයි අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට මේ විදියට චෝදනා කරන හැමෝම විවිධ අවස්ථාවල ආණ්ඩුවක් කරලා හෝ කරන ආණ්ඩුවකට සහාය දක්වලා තියෙනවා. ඒ නිසා කාටවත් මේ වෙලාවේ එහෙම කතන්දර කියන්න බෑ. මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව තිබුණා. ඉන් පස්සේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව තිබුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තිබුණා. ඔක්කොම ආණ්ඩු මේ වැඩේට කොලේ වහලා ඇඟ බේරගෙන හිටපු කට්ටිය. ඒ නිසා ඒගොල්ලන්ට කිසිම අයිතියක් නෑ දැන් මේ අනුර කුමාරලා මේක හොයන්නේ නෑ, හෙළිකරන්නේ නෑ කියලා කියන්න.

සාමාන්‍යයෙන් ලංකාවේ සිරිත වෙන්නේ මොනවා හරි දෙයක් වුණාට පස්සේ ඒක තව කෙනෙක්ගේ පිටින් දාලා බේරෙන එක. ඉතා සංකීර්ණ ප්‍රශ්නවලදී පවා අපි චෝදනාව කාගේ හරි පිටට එල්ල කරනවා. ඒක ලංකාවේ තියෙන පුරුද්දක්. අපි පහුගිය කාලේ දැක්කා ලංකාවේ සිද්ධ වෙච්ච සමහර පහරදීම්වලදී බෝම්බ ප්‍රහාරවලදී පවා එවක හිටපු ජනාධිපතිවරුන්ට චෝදනා එල්ල වෙන ආකාරය. ඉන් එක් අයෙක් තමයි රණසිංහ ප්‍රේමදාස. ප්‍රේමදාසට බරපතළ විදියට චෝදනා එල්ල වුණා සමහර සිදුවීම් සම්බන්ධයෙන්. ඉන් එකක් තමයි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය. ඒ වගේම අපි දැක්කා කොබ්බෑකඩුව සහ විජය විමලරත්න ඝාතනය. මේ ඝාතන සම්බන්ධයෙන් ලංකාවේ එවක රජයේ රස පරීක්ෂකවරයා ලෙස හිටපු ගුණතිලක මහත්තයා නොහිටියා නම් ඔවුන් ජාත්‍යන්තරයේ අය ගෙන්වාගෙන පවා කිව්වේ මේක මේ වාහනයේ අටවලා තිබුණු බෝම්බයක් කියලා. නමුත් ගුණතිලක මහත්තයා විතරයි පැහැදිලි කළේ මේක පිටින් ආපු බෝම්බයක් කියලා. මුළු ලෝකෙම අවධානය යොමුවෙච්ච එක්තරා බරපතළ තීන්දුවක් ඒක.
ඒ වෙලාවේ ආර්. ප්‍රේමදාස මහත්තයට චෝදනා කරමින් ඔහු තමයි මේ මරණවලට වගකිව යුත්තා කියලා දිගින් දිගටම අපි කිව්වම වෙන දේ මොකක්ද, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවැරැදිව පරීක්ෂණ සිදු නොවීම සහ වැරැදිකරුවන් අත්අඩංගුවට පත් නොවීම. දැන් මේ පාස්කු ප්‍රහාරය කියන කාරණාවෙදීත් දිගින් දිගටම වෙන්නේ ඒ වගේ දෙයක්. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙක් කොහේ හෝ ඉන්නා බව අපි හොඳාකාරවම දන්නවා. ඒ පිළිබඳ පරීක්ෂණ තවම සිදුවෙන්නේ නෑ කියන එකත්, ඒවා අනාගතයේ සිදුවේද කියන එකත් අපිට ප්‍රශ්නයක්. නමුත් අපිට අවශ්‍ය නැහැ මේ වෙලාවේ වෙන වෙන මිනිස්සුන්ව මේකට ඈඳලා අපි තමයි මේක කළේ කියලා බොරුවක් කියලා කාගෙ හෝ කෙනෙක්ගේ ඇස් වස්සලා මේ වැඩේ ඉවර කරලා දාන්න. එක්කෝ කතෝලික සභාව විසින් තීරණය කරලා අපි ඔවුන්ට සමාව දෙනවා කියලා මේ කතන්දරේ ඉවර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අදාළ පරීක්ෂණ හරියට කරලා, නිවැරැදිව මේ මාර්ගය දිගේ ගිහිල්ලා මේ කතන්දරේ හොයාගන්න ඕනේ.

අපි තමයි ලංකාවේ පළමු වතාවට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ කාත්තන්කුඩියට ගිය මාධ්‍ය කණ්ඩායම. වෙන කිසිවෙක් කාත්තන්කුඩියට නොයන වෙලාවක අතිශය අවදානම් තත්ත්වයක් යටතේ අපි ගියා කාත්තන්කුඩි. අපි ගියා සියොන් පල්ලි. මළ සිරුරුවල ලේවත් හේදුවේ නැති සියොන් පල්ලියට අපි ගියා. ඒ නිසා අපි දන්නවා මේක ඇතුළේ තිබුණු බරපතළකම සහ සංකීර්ණ බව. පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතුව තියෙද්දී ගත්තේ නැත්තේ කවුද, පුද්ගලයන් ගැන සැකයි කියලා බුද්ධි අංශ දිගින් දිගටම චෝදනා කරද්දී නිහඬව හිටියේ කවුද? මේ සියල්ලම බරපතළ ප්‍රශ්න. ඒ නිසා මහමොළකාරයෙක් කියලා සැඟවුණු අමුත්තෙක් ඉදිරිපත් කරන්න අපට අවශ්‍ය නෑ.

මේ වෙලාවේ මේ කතන්දරේ මිනිස්සුන්ට අමතක වේ යැයි ඔබ හිතනවා නම් නෑ, මිනිස්සු එය අමතක කළ යුතු නෑ. අවුරුදු 6ක් තිස්සේ අපට තවම හොයාගන්න බැරුව ගියා මේ වැඩේ පිටිපස්සේ හිටියේ කවුද කියලා. අපි දන්නවා ලංකාවේ පොලිසියට මේ වගේ දේවල් පිළිබඳ ප්‍රශ්න කරන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි මේ කාරණාවේදී පොලිසියට හෝ වෙනත් ආශ්‍රිත ආයතනයකටත් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා ඔවුනුත් බොහොම ප්‍රවේශම්සහගතවයි මේ කාරණාවේදී පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඉතින් අපිට බැහැ පොලිසිය කරන මෙහෙවර අගය නොකර ඉන්න. මොකද අපි පොලිසිය සම්බන්ධයෙන් මේ කියන්නේ තැන් තැන්වල කියැවෙන කාරණා නෙවෙයි. අපි ඇහින් දැකපු සාක්ෂි. අපි හොයාගෙන ගියපු කාරණා. අපි හොයාගෙන ගිහිල්ලා අපි හොයාගත්ත කාරණා. අපි දන්න කාරණා. දැක්ක කාරණා. ඒ නිසා කරුණාකරලා මහමොළකාරයා කියලා කාව හරි ඉදිරිපත් කරලා මේ වැඩෙන් බේරෙන්න හදනවා නම් ඒක මියගිය 270ට විතරක් නෙවෙයි ජීවත් වෙලා ඉන්න මිලියන ගානකට කරන අසාධාරණයක් විදියටයි අපිට පේන්නේ. අපි කියන්නේ නෑ කවුරුත් එහෙම කරන්න හදනවා කියලා. හැබැයි එහෙම කරන්න හදනවා යැයි කරන චෝදනාව සත්‍යයක් නම් තමයි අපි මේ කියන්නේ. එහෙම නැතුව අපිට ගම්මන්පිල මහත්තයා කියන කාරණාව 100%ක් පිළිගන්න පුළුවන්කමක් නෑ. ඒගොල්ලන්ගේ ජාතිකවාදය, ජාතිවාදය, ආගම්වාදය, සිංහල බෞද්ධවාදය, පිල්ලෙයාන්ට ඇතිවෙච්ච ආදරය මේවා ඔක්කොම එකිනෙකට පරස්පර සහ දේශපාලනික බව අපි හොඳට දන්නවා.

කොහොම වුණත් ඇත්තම මහමොළකරු දන්නවා නම් ජනාධිපතිතුමනි, හෙළිකරන්න. ඒක හෙළිකරන්න ඔබතුමාට පොලිසියට ගිහිල්ලා, රහස් පොලිසියට ගිහිල්ලා කරන්න දෙයක් නෑ. අවශ්‍ය නම් ජාතිය අමතලා හරි හෙළිකරන්න. එතකොට අපිටත් දැනගන්න පුළුවන් කවුද මේ තක්කඩියා කියලා. එහෙම නැතුව මේවා සැඟවුණු අමුත්තා හොයනවා වගේ හොයන්න අවශ්‍ය කරන දේවල් නෙවෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ධම්මික පෙරේරා තවත් ලොකු වැඩකට අත ගහයි! I Sri Lanka Latest News

Next Post

මේවට උත්තර දෙන්න කියාපිය! Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.