• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවට උත්තර දෙන්න කියාපිය! Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මේවට උත්තර දෙන්න කියාපිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කෙරෙහි මේ වනවිට බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ. මේ, දේශපාලන විචාරක කැලුම් ජයසුමන මහතා සිය යූටියුබ් නාලිකාවෙන් ඒ පිළිබඳ දැක්වූ අදහස්ය. Sri Lanka Latest News

දැන් මේ මාස 6ක් ඇතුළත මේ ආණ්ඩුව කරගෙන ගිය වැඩ සම්බන්ධව රටේ ජනතාවට සෑහීමක් නෑ. විපක්ෂයේ ඉන්න ක්‍රියාකාරීන් හැටියට අපිටත් මේ ආණ්ඩුව කරගෙන යන දේවල් සම්බන්ධව බරපතළ විවේචනයක් තියෙනවා සහ මාස 6ක් සම්පූර්ණයෙන් නිකන්ම කාලා දාපු තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. මේක එතැනින් එහාට ගිහිල්ලා දැන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් පවා මේ සම්බන්ධ පොඩි අප්‍රසාදයක් පළකරනවා. පොඩ්ඩක් මේ හඬ පටයෙන් කියන දේ බලන්න. මේ විජිත හේරත් මහත්තයා මීට කාලෙකට කලින් කියපු කතාවක්.

‘දැන් මාස කීයක් ගියාද? තාම කුඩු එහෙම්මයි, තාම පාතාලේ එහෙම්මමයි. පාතාලයත් එක්ක සම්බන්ධ වෙච්ච කුඩු ව්‍යාපාරය තාම යනවා. ඉතින් එදා වේදිකාවල කිව්වේ නීතිය ක්‍රියාත්මක කරනවා, කුඩු නවත්තනවා, පාතාලය නවත්තනවා කියලා. අද වෙනකල් බැරිවෙලා තියෙනවා පාතාලය නවත්ත ගන්නත්, කුඩු නවත්ත ගන්නත්. ඒ නිලධාරීන්ව මෙහෙයවලා පාතාලය සහ කුඩු නතර කිරීම ආණ්ඩුවේ වගකීමක්. ජනාධිපතිවරයාගේ වගකීමක්. ඒ නිසා කතා නෙවෙයි වැඩවලින් පෙන්නන්න….’

හරියටම හරි. විජිත හේරත් ඇමැතිතුමාත් එක්ක අපි සීයට ලක්ෂ වාරයක් එකඟයි. කිව්වේ මොනවද? ජනාධිපතිවරයා කිව්වා මම ලෑස්තියි පාතාලයට මුහුණ දෙන්න, ඕවා මට මහ ලොකු වැඩ නෙවෙයි, මම ආපු ගමන් ඉතා කෙටි කාලයක් ඇතුළත, මාස කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම මේ පාතාලය නැතිකරලා, කුඩු වඳ කරලා, ඒ ඔක්කොම ටික කරනවා කියලා. විජිත හේරත්ලා බලාගෙන ඉන්න ඇතිනේ. විජිත හේරත්ලාට වඩා ඉස්සරහට ඇවිල්ලා හමුදාවේ රණවිරුවන්ගේ සාමූහිකයේ ප්‍රධානියෙක් වෙච්ච ජෙනරාල් අරුණ ජයසේකර මොකක්ද කිව්වේ? මාස දෙකෙන් ඔක්කොම ඉවරයි කිව්වා. කුඩුකාරයොත් ඉවරයි, පාතාලෙත් ඉවරයි. අපිට ඕවා මහලොකු වැඩ නෙවෙයි කිව්වා. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න බංකු අරගෙන එන්න කිව්වා. ඇවිල්ලා වාඩිවෙන්න කිව්වා කියලා දෙන්න. දැන් නැෂනල් සිකියුරිටිත් නෑ, අරුණ ජයසේකර හොයාගන්නත් නෑ. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කතාවකුත් නෑ. අන්න දැන් විජිත හේරත් සහෝදරයා පැහැදිලිව ඉතා නිරවුල්ව කියනවා ජනාධිපතිවරයා පොරොන්දු වුණා මාස කීපයක් ඇතුළත මේ කටයුත්ත කරන්න. දැන් මාස 6ක් ගතවෙලා තියෙනවා, කිසිම දෙයක් කෙරිලා නෑ කියලා. එතකොට දැන් කයිවාරු, වැල්වටාරම් එපා. බොරු පූචානම් කතා එපා. කරුණාකරලා වැඩවලින් පෙන්නන්න. මොකද දැන් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා විසිල් විතරයි. බල්ටි නෑ. මේ ඉන්න කාටවත් බල්ටි ගහන්න දන්නේ නෑ. ඒක පැහැදිලියි. වෙලා තියෙන දේ තමයි දැන් විසිල් ගහනවා, බල්ටි නෑ. දැන් ඒකට විජිත හේරත්ට කේන්ති ගිහින්. මේ අපි කිව්ව කතාවනේ. අපි කිව්ව කතාව විජිත හේරත් ඇමැතිවරයත් කියනවා. පොඩි කෙනෙක් නෙවෙයි. ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රමාණය ලබාගත්ත පුද්ගලයා තමයි විජිත හේරත් ඇමැතිතුමා. එතුමාට තමයි කේන්ති ගිහින් තියෙන්නේ. දැන් මොකක්ද මේ වෙලා තියෙන ඇත්ත කතාව. විජිත හේරත්ට මේවා තේරෙනවා ඇතිනේ.

රටේ පොලිසිය පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ කියන කාරණාවලටනේ. ඒ කියන්නේ පාතාලය මර්දනය කරන්න, කුඩු නැතිකරන්න, මේ අපචාර නැති කරන්නනේ පොලිසිය පාවිච්චි කරන්න ඕනේ. හැබැයි අද පොලිසිය පාවිච්චි කරන්නේ මොකටද? පොලිසිය පාවිච්චි කරනවා උතුරු-නැගෙනහිර මහවිරු සැමරුම පැවැත්තුවා කියලා ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදීත් පිළිගත්ත කාරණාව ෆේස්බුක් එකේ ලිව්වා කියලා කැලුම් ජයසුමනව කුදළගෙන යන්න. සී.අයි.ඩී. එකේ දහ දෙනෙක් දවස් දෙකක් මගෙ ගෙදරට ආවා. පාන්දර එකහමාරේ ඉඳලා තුනහමාර වෙනකල් මගේ ගෙදර ළඟ බලාගෙන ඉඳලා ඔන්න මහා අපරාධකාරයෙක් අල්ලගෙන යනවා. ඊළඟට මේ කොළඹ ඉන්න යෝෂිත රාජපක්ෂ අල්ලන්න වාහන තුනක විතර 40ක 50ක විතර පිරිසක් යනවා බෙලිඅත්තේ. ගිහින් රැකගෙන ඉඳලා අල්ලගෙන ඇවිල්ලා ඇප දෙනවා.
ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුවේ අධිකරණ ඇමැතිතුමාට කවුද බලහත්කාරයෙන් ආචාර්ය පට්ටමක් දීලා කියලා. මහා ලොකු වරදක්ලු ඒ ආචාර්ය පට්ටම දීපු එක. එතකොට ඒ ආචාර්ය පට්ටම දීපු කට්ටිය අල්ලන් කියලා අධිකරණ ඇමැතිතුමා යනවා සී.අයි.ඩී. එකට. නිලධාරීන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්නේ. ඔවුන්ට තියෙනවනේ කප්පරක් වැඩ. දැන් තියෙන්නේ පාතාලය අල්ලන් කුඩු අල්ලන්න නෙවෙයි නේ. දැන් යනවා අධිකරණ ඇමැතිතුමාගේ ආචාර්ය පට්ටමේ ප්‍රශ්නය විසඳන්න සී.අයි.ඩී. එක. සී.අයි.ඩී. එක ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න සේවකයෝ සී.අයි.ඩී. එකට ගෙනල්ලා, ප්‍රශ්න කරලා බලනකොට අවසානයේ ආචාර්ය පට්ටම දීලා තියෙන්නේ බිමල් රත්නායකගෙ ඔෆිස් එකෙන්. බිමල් රත්නායක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. හැබැයි අධිකරණ ඇමැතිතුමා මොකක්ද කිව්වේ? පාර්ලිමේන්තුව ඇතුළේ තාම ඉන්නවා පරණ බල්ලන්ගේ කිනිතුල්ලො. ඒ කිනිතුල්ලො තමයි දුන්නේ කියලා. කිනිතුල්ලා හොයාගෙන ගිය අධිකරණ ඇමැතිට හම්බවෙන්නේ බිමල් රත්නායකගේ කිනිතුල්ලෝ ටික තමයි මේ පට්ටම දීම සම්බන්ධයෙන්. ඕවා තමයි දැන් සී.අයි.ඩී. එකට තියෙන වැඩ.

ඊළඟට සුසන්ත දොඩාවත්තගේ බිරිඳගේ ප්‍රාඩ්‍රෝ එකක් පැහැරගෙන ගියා කියලා ප්‍රශ්නයක් ආවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල පළවුණා කියලා ඒකට කොට්ටහච්චිත් යනවා සී.අයි.ඩී. එකට. කෞෂල්‍යා ආරියරත්නත් ගියා. දැන් සී.අයි.ඩී. එක හොයන්න ඕනේ මේ වෙච්ච ප්‍රශ්න. ඒ අතරේ ඔක්කොම නස්පැත්ති වෙන අතරේ චතුරංග අබේසිංහගේ කීර්තිනාමයට මොකක්ද වෙලා. එතුමාගේ කීර්තිනාමය කොහේද හැලිලා කියලා සී.අයි.ඩී. එක යවලා එතුමාගේ කීර්තිනාමය හොයන්න. 70,000ක් විතර ෆේක් එකවුන්ට් හදාගෙන මිනිස්සුන්ට මඩ ගහපු පුද්ගලයෙක්ගේ කීර්තිනාමය නැතිවෙලා. මෙයාට කීර්තිනාමයක් තිබුණද?

ඊළඟට මහින්ද ජයසිංහගෙත් මොකක්ද නැතිවෙලා. ඒකත් සී.අයි.ඩී. එකට භාරදීලා. ඊළඟට ආනන්ද විජේපාලගෙත් මොකක්ද නැතිවෙලාලු. ඒක හොයන්නත් සී.අයි.ඩී. එකට භාරදීලා. ඉතින් කොහොමද විජිත හේරත් මහත්තයෝ මේ මාස ගාන ඇතුළේ ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ ඉන්න අයගේ ප්‍රශ්න විසඳන එක හැරෙන්න පොලිසියට වෙන වැඩක් නෑනේ.

ඒ අස්සේ පොලිසියට තියෙන වැඩ බලන්නකෝ. දැන් පොලිසිය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමියට ආරක්ෂාව දෙනවා. ඇයගේ ඉදිරි පෙළෙනුත් යනවා, පිටිපස්සෙනුත් යනවා. පොලිස් බයිසිකලුත් යනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇහුවාම කියන්නේ ඔව් අපි එහෙම හයර් එකට දෙනවලු ඕනේ කෙනෙක්ට. දැන් ඇත්තටම කුඩු විකුණන පාතාලේ කට්ටියට කරන්න තියෙන්නේ සල්ලි බැඳලා පොලිසියේ ජීප් දෙකක් පිටිපස්සෙනුයි, පොලිස් බයික් හතරක් කුඩු අරන් යන වාහනේ හතර පැත්තෙනුයි අරගන්න. ලක්ෂ 15ක් 20ක් යන්නේ ආරක්ෂාව ගන්න. හරි ලේසියි. පුනරුදය කියන්නේ අන්න ඒකයි. පුනරුදය කියන්නේ එහෙම සරල දෙයක් නෙවෙයි. ඉස්සර ඔහොම දේවල් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වුණේ හොරෙන්නේ. දැන් එහෙම නෙවෙයි. දැන් පොලිසිය සල්ලි දීලා අරගෙන ගේම ගහන්න පුළුවන්. ඒක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඉතින් ආනන්ද විජේපාලලා දැන් මේ වෙලාවේ කරන්නේ ඔය කියන පාතාලයෝ මර්දනය කරන එක නෙවෙයි. මේ වෙලාවේ පොලිසිය හයර් කරනවා. පොලිසිය හයර් කරලා කීයක් හරි හොයාගන්නවා. හොඳයිනේ.

කන්ටේනර් 323ක් අද වෙනකල් ආගිය අතක් නෑ. හෙව්වද? ඒකට මොකක්ද වුණේ කියලා කවුරුවත් දන්නවද? කන්ටේනර්වල ආවේ මොනවද කියලා දන්නවද? මූද දිහා බලාගෙන ඉඳලා වැඩක් නෑ. ඔය කන්ටේනර් 323 ඇතුළේ ලංකාවට ගෙනාවේ කුඩු නම්, ක්‍රි.ව. 2100 වෙනකල් ලංකාවේ විකුණන්න තරම් කුඩු. එහෙම ගෙනාවේ කුඩු නම්. අපි දන්නේ නෑ ඒක. රේගු සංගමයේ සභාපතිත් කිව්වේ අපි දන්නේ නෑ මේකේ ගෙනාවේ කුඩුද කියලා, රත්තරන්ද කියලා දන්නෙත් නෑ, අයිස්ද කියලා දන්නෙත් නෑ. එහෙම නැත්නම් ආයුධද කියලා දන්නෙත් නෑ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ.

දැන් පොලිසියට තවත් වැඩ තියෙනවා. මේ දවස්වල සම්පූර්ණම අනුර කුමාර දිසානායකගේ පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ආරම්භ කරලා තියෙන කැම්පේන් එක තමයි දළදා ප්‍රදර්ශනය. දැන් අද වෙලා තියෙන දේ බලන්නකෝ. ඒකට ගියපු කට්ටිය දැන් මාර මාර කතා කියනවා. මේ අම්මා දළදා ප්‍රදර්ශනයට ගිහිල්ලා ඒගොල්ලන්ට වෙච්ච දේ කියනවා, අහලා බලන්නකො.

‘අපි හම්බන්තොට ඉඳන් එන්නේ. මිනිස්සුන්ට කෑම දෙනවා, බොන්න දෙනවා, හැම පහසුකමක්ම දෙනවා කිව්වා. දැන් ඇවිල්ලා අපේ දරුවො කොහෙද දන්නෙ නෑ. අම්මලා කොහොද දන්නෙ නෑ. කිසිම සංවිධානයක් නෑ. අපිට ටොයිලට් යන්න නෑ. මොන දුකක්ද මේ දෙන්නේ…’

දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මේ වුවමනාව මොකක්ද? මේ වුවමනාව පළාත් පාලන ඡන්දෙට දළදා හාමුදුරුවෝ විකුණන එකනේ. ඒ වුවමනාවට මේ මිනිස්සුන්ව අරන් ගිහිල්ලා අද මොකක්ද මේ කරලා තියෙන්නේ? දැන් මේ අහිංසක මිනිස්සු නන්නත්තාර කරලනේ. මේ කරන තක්කඩි වැඩේ ගැන අනුර කුමාර දිසානායකම ලස්සන කතාවක් කියනවා. ඒකේ කියනවා පාලකයා සෑම විටම අසාර්ථකත්වය වසාගැනීම සඳහා ආගම උපයෝගී කරගන්නවා කියලා. දැන් මේ මාස 6ට වෙච්ච දේවල් වහගන්න මෙන්න දැන් පටන් අරන් තියෙනවා දළදා හාමුදුරුවෝ විකුණන්න. ඒ දවස්වල අනුර කුමාර දිසානායක මොනවද කිව්වේ කියලා බලමුකෝ.

‘මේ පාලකයන් හැම වෙලාවෙම මොකක්ද කරන්නේ. මේ පාලකයන් හැම වෙලාවෙම තමන්ගේ අසාර්ථකත්වය වසාගැනීම සඳහා ආගම උපයෝගී කරගන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතය ආගමිකද මම අහනවා. අපි බලන්න ඕනේ ඒක. අඩුම තරමේ සෑම බෞද්ධ ගිහියෙක්ම පිළිපැදිය යුතු මූලික කරුණු පහක් තියෙනවා. පන්සිල් පද පහ. මේ එක පාලකයෙක්වත් පන්සිල් පද පහ රකිනවද? මල් වට්ටි අරගෙන ඇයි? අර බෞද්ධ ජනතාව තුළ ශ්‍රද්ධාවක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව තමන්ගේ මල්වට්ටිය පෙන්නලා, සුදු ඇඳුම පෙන්නලා, ලයිව් බණ අහලා, පිරිත් නූල් ගණනාවක් අතේ ඔතාගෙන පෙන්නවා මම සැදැහැවත් බෞද්ධයෙක්, මම බෞද්ධ ජනතාවගේ ආරක්ෂකයා කියලා. හැබැයි ආගම කියන්නේ පොදු දෙයක්. ඒ ආගම දළදා වහන්සේ, ශ්‍රීමහා බෝධිය, මේ රටේ පොදු බෞද්ධ ජනතාවට අයිති දෙයක්. ඒක දේශපාලන පක්ෂයකට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා දළදා මාලිගාව මම උපයේගී කරගන්නෙ නෑ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමයි දළදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. දළදා කරඬුව මම වඳින්න යන්නේ නෑ මාධ්‍ය අරගෙන. මම ශ්‍රීමහා බෝධින් වහන්සේ වඳින්න යන්නේ නෑ මාධ්‍ය අරගෙන. ඇයි? එය අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ නම්, එය පොදු ජනතාවගේ මුදුන් මල්කඩ. ඒක පොහොට්ටුවේ මුදුන් මල්කඩ හෝ සජිත්ගේ මුදුන් මල්කඩ නෙවෙයි. ඒක පොදු ජනයාගේ මුදුන් මල්කඩ. ඒක දේශපාලනයෙන් අපහරණය වෙන්න දෙන්න ඕනේ නෑ….’

දැන් කියනවා මගේ ඡන්ද වැඩවලට මම දළදා හාමුදුරුවෝ භාවිත කරන්නේ නෑ කියලා. දැන් මේ මොකක්ද කරන්නේ? මේ තනිකරම පළාත් පාලන ඡන්දය ඉලක්ක කරලා කරන තක්කඩි වැඩක්. ඒකේ මොකක්ද දැන් තත්ත්වේ? අර අහිංසක මිනිස්සු අරගෙන ගිහිල්ලා, ඈත ඉඳලා බස්වල දාගෙන ගෙනල්ලා, ඒ මිනිස්සුන්ට අද වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ, කන්න බොන්න විදියක් නෑ, තමන් එක්ක ආපු අනිත් මනුස්සයව හොයාගන්න නෑ. කොටු කරලා යකඩ වැටවල් අස්සේ මැදින් දාලා. මම දැක්කා අර ගෑනු ළමයෙක් උඩ නගිනවා. ඒකෙන් බිමට වැටිලා එකෙක් දෙන්නෙක් මැරුණොත් එහෙම මේ මනුස්සයට වස් වදිනවා. දැනටම ඒක වෙලා තියෙන්නේ. තමන්ගේ පහත් වුවමනාවන් වෙනුවෙන් ආගම පාවිච්චි කරන එක.

‘තක්කඩියාගේ අවසාන නවාතැන ආගම’ කියලා මාක්ස් කිව්වා. ඒ නිසා අනුර කුමාරගේ අවසානය තීන්දු වෙන තැන තමයි මේ. මේකෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ. මොකද මම විශ්වාස කරනවා මේ රටේ මෙතෙක් හිටපු කිසිම නායකයෙක් දළදා හාමුදුරුවෝ පාවිච්චි කළේ නෑ තමන්ගේ කැත වුවමනාවන් වෙනුවෙන්. අද වෙලා තියෙන්නේ ඒවා ඔක්කොම විනාශයි.

දැන් අලුතෙන් මහමොළකාරයෙක් හොයනවනේ. මේක අහලා බලන්නකො යහපාලන කාලේ ශානි අබේසේකර මහමොළකාරයා අල්ලපු හැටි ගැන කියන කතාව.
‘රන්ජන් රාමනායක මහත්තයත් එක්ක ඇතිවෙච්ච සංවාදය. ඒක වැදගත් මේ වෙලාවේ.

මේ ප්‍රහාරයේ සියලු දෙනා අල්ලලා ඉවරද?
ඔක්කොම අල්ලලා ඉවරයි.
සහරාන් මැරිලද ශානි මහත්මයා?
සහරාන් මැරිලා. ඒ ටීම් එකේ අටදෙනා මැරුණා. ඉතුරු අල්ලන්න ඉන්න කට්ටිය තව ඉන්නවා. 12ක් අල්ලලා.
ඔයා කියන්නේ දෙමටගොඩ ඊබ්‍රාහිමුත් ඉන්නවද මේ වැඩේ? ඌ මැරුණේ නෑනේ? පපුවේ අමාරුව හැදිලා මැරුණා කිව්වේ බොරුවක් නේද තාම ඉන්නවා නේද?
බොරුනේ. ඔය අපූරුවට ඉන්නවා. අදත් මම ඌට කතා කළා.

ඌ දන්නවද පුතාලා මෙහෙමයි කියලා?
පුතාලා රැඩිකල් කියලා දන්නවා. ගෙදර ඉඳන් ඔය ගේම ගහනකොට තාත්තා කෙනකුට තේරෙන්නේ නැත්නම් ඌ පොල් බූරුවෙක් වෙන්න ඕනේ.’
එදා ශානි අබේසේකර ඔක්කොම පරීක්ෂණ අවසන් කරලා, ඒ ඔක්කොම අල්ලලා. එදාට අනුව ඒ සියලු කටයුතු කරලා ඉවරයි.

kelum jayasumana යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

හෙළිකරන බව කිව්ව මහමොළකරු කෝ? පිල්ලෙයාන් අල්ලන්න ගියාද? ගම්මන්පිල කියන්නෙ ඇත්තද? Sri Lanka Latest News

Next Post

විජේවීරගේ හිස්වැසුම, කොණ්ඩය, රැවුල, කණ්ණාඩිය සිතුවම් කළ ‘විනිවිද’ මාධ්‍යවේදියාට වෙච්ච දේ! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.