• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගහපු බොරුවලට සූකාට බුද්ධි අංශ ප්‍රධානී සලේට කෝටි 100ක් ගෙවන්න වෙයිද?

June 23, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ගහපු බොරුවලට සූකාට බුද්ධි අංශ  ප්‍රධානී සලේට කෝටි 100ක් ගෙවන්න වෙයිද?
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි 100ක් නැතහොත් මිලියන 1000ක්, තවත් විදියකින් කියනවා නම් රුපියල් මිලියනයක්. මේ මහා ගණන් හිලව්වේ කතාව කුමක්ද? එක්තරා මිනිසකු විසින් එක්තරා ගැහැනියකගෙන් තමයි මේ වන්දිය ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ රුපියල් බිලියනයක වන්දියක් තමයි මේ මිනිසා එම ගැහැනියගෙන් ඉල්ලා සිටින්නේ. මේක අපි එදිනෙදා අහන කසාද වන්දියක් වගේ එකක් නම් නොවෙයි. මේ වන්දි කතාව නම් වාර්තාගත එකක්. අනෙක මේක ලෙහෙසි, පහසු කතාන්දරයකුත් නෙවෙයි. රුපියල් බිලියනය වහාම දවස් 14ක් ඇතුළත් දෙන්න ඕනෑ. නැත්නම් නඩු පිට නඩු තමයි වැටෙන්නේ. කවුද මේ මිනිසා. කවුද මේ ගැහැනිය. මොකක්ද මේ වන්දිය?
මේ සතිය ආරම්බ වුණේ මේ වන්දි කතාවෙන් තමයි. මේ කතාවේ ගැහැනියක්, මිනිසාගේ බොහෝ නම් දරාපු දෙදෙනෙක්. මිනිසා තමයි රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ. ගැහැනිය තමයි ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සුකා. තමන්ගේ කීර්ති නාමයට හානි සිදු කිරීම සහ තමන්ගේ ජීවිතයට හානියක් විය හැකි සේ සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම පිළිබඳව තමයි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් රුපියල් කෝටි 100ක වන්දිය විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සුකාගෙන් ඉල්ලා ඇත්තේ. මෙය නිල වශයෙන් සිදුවූ බොහෝ බැරෑරුම් ක්‍රියාවලියක්. එනම් මේජර් ජෙනරාල් සුරේෂ් සලේස්ගේ නීතිඥ පසන් වීරසිංහ විසින් අධිකරණමය එන්තරවාසියක් මගින් මෙම වන්දි ඉල්ලීම සිදුකොට ඇත. එම අදාළ එන්තරවාසිය ඩී.එච්.එල්. කුරියර් සේවාව මගින් එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි යස්මින් සුකාගේ ලිපිනයට සහ ජාත්‍යන්තර මූලස්ථානයටද යවා තිබෙයි.
බි්‍රගේඩියර් තනතුරෙහි කටයුතු කළ සුරේෂ් සලේ ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනකු පසුගිය මැයි 22දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් තනතුරට උසස් කිරීමත් පසුව යස්මින් සුකා විසින් එම නිලධාරීන් විවේචනය කරමින් පසුගිය ජුනි 01දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. දමිළ ඊළාම් එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය සම්බන්ධකම් පැවැත්වූ වෛද්‍ය වර්ධරාජා තුරෙයිරාජන් නමැති දකුණු ඇමෙරිකාවේ පදිංචිව සිටින වෛද්‍යවරයා 2009 වන්නි මානුෂික මෙහෙයුමෙන් පසුව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වූ බව සහ තවත් චෝදනා නඟමින් යස්මින් සුකා විසින් සුරේෂ් සලේට එරෙහිව එම නිවේදනය නිකුත් කර තිබිණි.
එසේම ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට චෝදනා නැඟුණු හමුදා නිලධාරියකුද, මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවටද යස්මින් සුකාගේ නිවේදනයෙන් චෝදනා නඟා තිබිණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවන කාලය වන විට සුරේෂ් සාලේ විදේශගතව සිට ඇති බවත්, එවැනි පසුබිමක් තුළ මෙම සාවද්‍ය චෝදනා නඟා ඇතැයි සුරේෂ් සලේගේ නීතිඥ පසන් වීරසිංහ පෙන්වා දෙයි. ඒ අතරම මේජර් ජෙනරාල් සුරේෂ් සාලේගේ කීර්ති නාමයට හානි සිදුවීම මෙන්ම, ඔහුගේ පෞද්ගලික දත්ත අනාවරණය කරමින් කටයුතු කිරීම මඟින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමටත් යස්මින් සුකා පියවර ගෙන ඇති බැව්ද එන්තරවාසියෙන් පෙන්වා දී ඇත. එසේම එම එන්තරවාසිය මගින් ඉල්ලා ඇති වන්දි මුදල වන රුපියල් කෝටි 100 දින 14ක් තුළදී ලබා නොදුන්නහොත් අයි.ටී.ජේ.බී. වෙබ් අඩවිය මඟින් යස්මින් සුකා කල පරිභවාත්මක ප්‍රකාශයන්ට එරෙහිව මෙරට අධිකරණය හමුවේ නඩු පැවරීමටද නියමිතව ඇත.
එසේම ඉදිරියේදීත් මෙවැනි ප්‍රකාශ දෝදනා සහිත ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, යස්මින් සුකා සහ අයි.ටී.ජේ.පී. සංවිධානයට එරෙහිව සිවිල් සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බවද එන්තරවාසිය මඟින් පෙන්වා දී ඇත. සක්‍රීය සේවයේ නිරත හමුදා නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති ප්‍රකාරව කටයුතු කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වශයෙන් සැලකෙයි. එමෙන්ම එවැනි නිලධාරියකු විසින් මෙතරම් සුවිශාල වන්දි මුදලක් නීති ප්‍රකාරව ඉල්ලා සිටින ප්‍රථම අවස්ථාව වශයෙන්ද මෙම සිදුවීම වාර්තාගත වනු ඇතිය.
ශ්‍රී ලංකාවේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සමඟ මෙසේ එරෙහි වන්නට යන යස්මින් සුකා නමැති කාන්තාව කවුද? සැබෑ ලෙසම යස්මින් සුකා ශ්‍රී ලංකාවට ආගන්තුක නමක් නොවේ. එසේම ඇය ප්‍රධානත්වය දරණ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියද ශ්‍රී ලංකාවට අමුත්තකු නොවේ. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය අවසාන සමයේ සිට ඇයත්, යටකී සංවිධානයේ නමත් බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව තුළින් අසන්නට ලැබිණි. යස්මින් සුකා නමැති ගැහැනිය වෘත්තියෙන් නීතිඥවරියක් වන අතර, ඇය ලොව ප්‍රකටව සිටින්නේ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව ප්‍රධානම සංවිධාන කිහිපයක නිලතල දැරූ ඇය දකුණු අප්‍රිකාණු ජාතික කාන්තාවකි. වත්මනෙහි ඇය දකුණු අප්‍රිකානු මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂිකාව ලෙස කටයුතු කරන්නීය. එසේම ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය ඇයගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගන්නා ලද සංවිධානය වෙයි.
යස්මින් සුකා නමැති ගැහැනියගේ තර්ජන, ගර්ජන ශ්‍රී ලංකාවට ජනිත වන්නේ 2000 වසරේදී සිටය. එනම් එම වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වූ බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී අවසානයේ සිදුවුණා යැයි චෝදනා නැඟුණු මානව හිමිකම් කඩකිරීම සහ යුද අපරාධ පිළිබඳ සෙවීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ දෙවැනි සාමාජිකයා වූයේ මෙම යස්මින් සුකා ය. එහිදී නිකුත් කෙරුණු මෙමවාර්තාව ‘ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද විශේෂඳ කමිටු වාර්තාව ලෙස ප්‍රසිද්ධ විය. මෙම කමිටුවේ ප්‍රධානියා සහ සභාපති වූයේ ඉන්දුනීසියාවේ නීතිපති ධුරය හෙබවූ මර්සුකි දරුස්මාන් වූ අතර, ඒ හෙයින් මෙම වාර්තාව ‘දරුස්මාන් වාර්තාව’ ලෙස අතිශය ප්‍රකට විය. එසේම දකුණු අප්‍රිකානු මහාධිකරණයේ විනිසුරුවරියකද වන යස්මින් සුකා මෙම ‘දරුස්මාන් වාර්තාව’ පිළියෙළ කිරීමේදී එකල ශ්‍රී ලංකා රජයට එරෙහිව ප්‍රබල මානව හිමිකම් චෝදනා රැසක්ම ගෙන ආවේය. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන සමයේදී මෙහෙය වූ ශ්‍රී ලාංකික දේශපාලන නායකයන් සහ හමුදා නිලධාරීන් රැකීම ඉතාමත් ප්‍රබල ලෙස චෝදනා ගොනු කෙරිණි. එම කතාන්දර කලින් කලට අප දැනුවත් අතර, ඒවා දැන් මෙහි ලියා තැබීම අනවශ්‍යය.
ලෝකයේ ඕනෑම රටක සිවිල් යුද්ධයකදී මානව හිමිකම් යම් අයුරකින් කඩවීම සාමාන්‍ය සිරිතකි. ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේදී ශ්‍රී ලාංකික හමුදා කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව මහත් දැඩි සටනක් සිදුකරමින් සිදුකළ බැව් අපි අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය. එසේම දමිළ සාමාන්‍ය ජනතාව යුද බිමෙන් බේරාගෙන රැගෙන ඒමට ඔවුන් කටයුතු කළේය. කෙසේ හෝ කුමන පසුබිමක් තිබියදී හෝ ශ්‍රී ලංකා හමුදාව මානව හිමිකම් කඩකළේ යැයිද ප්‍රබල චෝදනාවක් ජාත්‍යන්තරයේ එල්ල විණි. මෙම තත්ත්වයට ඉතාමත් ප්‍රබල ලෙස බලපෑවේ බටහිර රටවල සිටින දමිළ ඩයස්පෝරාවය. ඔවුන්ගේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධාන හිතවත්කම මෙයට බලපෑවේය.
කෙසේ හෝ මෙවැනි වටාපිටාවක් යටතේ යස්මින් සුකා නම් ගැහැනියද ශ්‍රී ලංකාවට එරෙහිව බොහෝ දැඩි ලෙස කටයුතු කළේය. ඇයගේ ප්‍රවීනතම කුරුමානම වූයේ ශ්‍රී ලංකා දේශපාලකයන් සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ය. ඒ අනුව පසුගිය වසර 10ක කාලයක් පුරාම ඇයගෙන් ශ්‍රී ලංකාවට එල්ලවන තර්ජන, ගර්ජන බොහෝය. මෙයට දින කිහිපයකට පෙර මේජර් ජෙනරාල් සුරේස් සලේට එල්ල වූයේ එහි අලුත්ම ප්‍රහාරයයි. මෙයට පෙරද යස්මින් සුකා විසින් සුරේෂ් සලේට එරෙහිව ප්‍රහාරයන් කිහිපයක්ම එල්ල කර තිබිණි.
කෙසේ හෝ වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේස් සලේ විසින් යස්මින් සුකාගෙන් රුපියල් බිලියනයක් නොහොත් රුපියල් කෝටි 100ක් වහාම දින 14ක් ඇතුළදී වන්දි ලෙස ලබා ගැනීමට මුල්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය ප්‍රකාශය කුමක්ද? ජාත්‍යන්තර සත්‍ය්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කළ එම මාධ්‍ය ප්‍රකාශය ගැන පූර්ණ වාර්තාවක් කිසිදු මාධ්‍යක පළවී නොතිබිණි. අප එම යස්මින් සුකාගේ ප්‍රකාශය මෙහි පළ කරමු. අයි.ටී.ජේ.පී. සංවිධානයේ වෙබ් අඩවිය මගින් 2020 ජුනි 1 වැනිදා මෙම ප්‍රවෘත්තිය ලොව වටා ප්‍රචාරය කෙරිණි. ඉංග්‍රීසි, සිංහල හා දමිළ යන භාෂා තුනෙන්ම එය ප්‍රකාශිත වී තිබිණි. මේ සිංහල ප්‍රකාශයයි.
මාධ්‍ය නිවේදනය – තවත් ගැටලුසහගත හමුදා උසස්වීම්
ජොහල්සේබර්ග් : 2009 දී අත්අඩංගුවේ සිටි දෙමළ වෛද්‍යවරයකුට දිය යුතු වෛද්‍ය ප්‍රතිකාරවලටත් තර්ජනය කරමින් බලහත්කාරයෙන් අසභ්‍ය ප්‍රකාශ කරවූ බවට චෝදනා ලැබ සිටින හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ තුවාන් සුරේෂ් සලේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් පදවියට උසස් කොට තිබේ. රජයේ වෛද්‍යවරයකු වූ දොස්තර තුරෙයිරාජා වර්ධරාජා 2009 යුද කලාපයේ සේවය කොට, ඉන් අනතුරුව යුද්ධය අවසානයේදී දින සියයක් පමණ රඳවා තබාගනු ලැබුවෙකි. නඩු විභාගයකින් තොරව ඒ තරම් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම වධහිංසාවට එරෙහි සම්මුතිය උල්ලංඝණය කරමින් කෲර අමානුෂික සැළකිළි සහ දඬුවම් පැමිණවීමට.
මානසික වධහිංසාව සහ වෛද්‍ යප්‍රතිකාර අහිමි කිරීම යන මේ චූදිත චර්යාව, ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති වධහිංසාවට එරෙහි සම්මුතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, විධාන වගකීම් උසුලන්නක් විශ්ව විනිශ්චය ඇතුළු ක්‍රම යටතේ වගඋත්තරකාරීත්වයෙන් බැඳ තැබිය හැකි වන්නකි’ යැයි සත්‍යය හා යුක්තිය සඳහන් වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සුකා පැවැසුවාය. අවශ්‍ය නිර්මිත රජයේ සේවකයකු වන දොස්තර වර්ධරාජා තමන් දැවැන්ත අනතුරකට මුහුණ පා සිටියදී දහස් සංඛ්‍යාත ජීවිත ගලවාගත් වෛද්‍ය කණ්ඩායමක් මෙහෙයවූවෙකි. ඔහුට දිය යුතුව තිබුණේ සම්මානයක් මිස සිරකුටියක් නොවේ.’
‘තමන්ගේ ආරක්‍ෂාව සිතා රටින් පලාගිය දොස්තර වර්ධරාජා මේ දිනවල එක්සත් ජනපදයේ වත්මන් ‘කොවිඞ්-19’ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ යෙදී සිටියි. යුද්ධයේදී සාමාන්‍ය වැසියන් මියගිය ප්‍රමාණය ප්‍රතික්‍ෂේප කරන්නට තමන්ට සහ අනෙකුත් වෛද්‍යවරුන්ට බල කොට සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී අවශ්‍ය ප්‍රකාශ කිරීමට තමන්ට බලපෑම් සිදුකළ සහ එම ප්‍රකාශය සකස් කළ හමුදා බුද්ධි අංශ නිලධාරියා සුරේස් සලේ ලෙස දොස්තර වර්ධරාජා විසින් හඳුනාගෙන තිබේ.’
තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුද කාලයේ රැඳී සිටි දෙමළ වෛද්‍යවරුන්, ලෝකයේ ජනමාධ්‍යවලට ඉතා වැදගත් වන යුද සමයේ තොරතුරු පැවසීමේ අත්‍යවශ්‍ය කාර්යභාරය ඉටුකළ පුද්ගලයන් ලෙසින්, ‘දේශ සීමා නොමැති වාර්තාකරුවෝ’ විසින් ඇගැයීමට ලක්කෙරිණි. ඒ කාර්යභාරය නිසා යුද්ධය අවසානයේ ඔවුහු ඉලක්ක බවට පත්වූහ. 2009 ජූලි 08 වැනිදා මාධ්‍ය හමුවකදී බොරු කීමට බල කරන ලද දොස්තර වර්ධරාජා ඇතුළු වෛද්‍යවරුන් ඔවුන්ගේ රැකවල්කරුවන් විසින් ඉන් අනතුරුව කූඩු කිරීමට පෙර දෙන ලද අරුම පුදුම සංග්‍රහයක්’ සඳහා ‘කෙන්ටකී ෆ්‍රයිඞ් චිකන්’ අවන්හලට කෑම වේලකට විකාරරූපී ලෙස කැඳවාගෙන ගොස් තිබේ.’
මීට අමතරව 2009 දී ‘සන්ඬේ ලීඩර්’ කර්තෘගේ මරණය සම්බන්ධ විමර්ශනයට අදාළව 2016දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සුරේස් සලේ කැඳවා තිබිණි. සලේගේ ප්‍රධාන ඝාතකයා ලසන්ත වික්‍රමතුංග නඩුවේ සැකකරුවකු ලෙස 2016 පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගන්නා ලද බව වාර්තා වන අතර, දෙවැනි සැකකාර කන්දෙගෙදර පියවංස, සලේගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙක් වෙයි.’
ඉහත දැක්වූයේ සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් එම ආන්දෝලනාත්මක ප්‍රකාශයේ ප්‍රධානතම කොටස් කිහිපයකි. මෙය ඉංග්‍රීසි සහ දමිළ බසින්ද ප්‍රකාශිතය.
අපි මේ දකිමින් සිටින්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ආරක්‍ෂක සේවාවල එකිනෙකා ආරක්‍ෂා කරගනිමින් කල්ගත කළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන්නවුන්ගේ සංකීර්ණ ජාලයක් ජනාධිපතිවරයා විසින් ඉහළම තනතුරුවලට පත්කෙරුණු ලැබීමයි. කිසියම් හෝ ආරකායක ආයතනික ප්‍රතිසංස්කරණයක් ගැන කතා කිරීම අපහසු වන තරමටම දණ්ඩ යුක්තිය කිඳා බැස තිබේ’ යනුවෙන් යස්මින් සුකා විසින් මෙම නිවේදනයේ අවසානයේදී තදබල ලෙස ප්‍රකාශ කර ඇත.
යස්මින් සුකා යනු සැබෑ ලෙසම කාලයක් පුරා ඉතාමත්ම බලවත්ව සිටි ගැහැනියකි. එහෙත් මෙවර සුරේස් සලේ සමඟ ඇය පැටලෙන සටන බොහෝ තීරණාත්මක එකකි. ‘සුකා – සලේ’ සටන සූකාට කෙසෙල් ගසේ හොට පටලවා ගැනීමක්ද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත් හදිසි රැස්වීමක් කැඳවයි: කට පරිස්සම් කරගන්න උපදෙස් දෙයි

Next Post

ප්‍රශ්න ගොඩක් මැද නිහඬව ඇයි මේ…? කියන්න අපෙ හාමුදුරුවනේ…

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.