පාතාල සාමාජිකයන්ගෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ගෙන බන්ධනාගාරය තුළ දූෂිත පාලනයක් ගෙන යාමට සහාය දක්වා ඇති දූෂිත නිලධාරීන් සොයා ප්‍රබල විමර්ශනයක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
පසුගිය දිනෙක නීතිපතිවරයා සහ බන්ධනාගාර නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ජාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව දැනටමත් පැමිණිලි ලැබී ඇති නිලධාරීන් රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
නව බන්ධානාගාර කොමසාරිස්වරයා ලෙස තුෂාර උපුල්දෙණිය මහතා පත්වීමෙන් අනතුරුව මේ සම්බන්ධ කටයුතු වේගවත් වී ඇති බවද දැනගන්නට තිබේ.










