හරින් ප්‍රනාන්දු මහතා මැතිවරණ වේදිකාවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් සිත් තැවුලක්, සිත් රිදීමක් සිදුවූවානම් තමන් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගෙන් සමාව ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක මහතා පැවසීය.
වරදක් හෝ අතපසුවීමක් දුටු විට එය නිවැරදි කිරීමට තමන් පසුබට වන්නේ නැති බවත් ඒ මහතා කීය.
ජනාධිපතිවරණ සමයේ අගරදගුරුතුමා ගෙනගිය ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රේමදාස මහතා පැරදුණු බව හරීන් ප්‍රනාන්දු මහතා දේශපාලන වේදිකාවේදී කියා සිටියේය.










