කරුණා අම්මාන් විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව ජාතික විද්වත් සංඝ සභාව වෙනුවෙන් පුජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේ අද (22) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ජාතික විද්වත් සංඝ සභාව වෙනුවෙන් මේම පැමිණිල්ල ඉදිරිපත් කරමින් නායක ස්වාමින්වහන්සේ පවසා සිටියේ තවමත් හමුදාවේ ආරක්ෂාව හා පොලිසියේ ආරක්ෂාව මත සිටින ඔහුට එවැනි ප්‍රකාශයක් කිරිමට සදාචාරාත්මක අයිතියක් නැති බවත්, එම ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්ය.
එමෙන්ම ගිනිඅවියක් ළග තබා ගත්තා යැයි පවසමින් ස්වාමින්වහන්සේ කෙනෙක් ජිවිතාන්තය දක්වා හිරේ යැවිමට හැකි නම් තමන් මිනිස් ජිවිත 2000 විනාශ කරා ඇයි තමන්ම පවසන කරුණා අම්මාන්ට නීතිය ක්‍රියාත්මක වන හැටි රටේ ජනතාව ඉතාමත් ඕනැකමින් බලාසිටින බවද, නිතිපතිවරයාට තමන්ගේ ස්වාධිනත්වය හා වැඩ පෙන්විමට මෙය හොදම අවස්ථාවක් යැයිද පුජ්‍ය ඕමල්පේ ස්වාමින්වහන්සේ පවසා සිටියහ.











