පසුගිය වසර 5ක් තිස්සේ තමන් මහබැංකුවේ දූෂීතයන් ගැන කතා කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වනවිට තමන් මෙතෙක් දැරූ මතයට පැමිණ විත් තිබීම තමන්ගේ සටන ජයග්‍රහණය කිරීමක් බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
මෙම මහබැංකු දූෂිතයන් මහබැංකුව විසින් කළ යුතු කාර්යභාරය සිදු නොකර පැහැර හරිමින් රටේ ආර්ථිකය විනාශ කර ඇති බවද කරුණානායක මහතා කීය.
මේ පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තන් බවත්, අද වන විට මේ පිරිස රට නැවතත් 2015ට පෙර තිබූ තත්ත්වයට රැගෙන යමින් සිටින බවද ඒ මහතා කීය.










