• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ආයු කාලයෙන් දහයෙන් පංගුවක් ඉවරයි! මාස 6ට මාලිමා ආණඩුව මොකුත්ම කළේ නැද්ද? Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න මාලිමාව රටට කියපු ලොකුම බොරු දෙක දැන් එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් මාස 6කට වැඩියි. අද අපි බලාපොරොත්තු වෙන්නේ මාලිමා ආණ්ඩුවේ පසුගිය මාස 6 තුළ අපට දකින්න ලැබුණු විශේෂ ලක්ෂණ පිළිබඳ තුලනාත්මක විවරණයක් කරන්න. දේශපාලන පක්ෂපාතීත්වයකින් තොරව තමයි මේ විවරණය කරන්නේ. Sri Lanka Latest News

මාස හයක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. මේ වගේ තව දහගුණයක කාලයක් තමයි තියෙන්නේ අවුරුදු 5ට. ඒක ආණ්ඩුවක ආයු කාලය මාස 6 ඒවා 10ක්. ඉතින් දැන් 10න් පංගුවක් ඉවරයි. මේ 10න් පංගුව තුළ ජාතික ජන බලවේගය මොනවද කළේ කියන එකයි දැන් විශ්ලේෂණය කරන්න හදන්නේ. මොනවද කළේ කියන එක සම්බන්ධයෙන් බොහෝ අය විවේචනාත්මක කියනවා කරපු දෙයක් නෑ කියලා. කරපු දෙයක් නෑ කියන එක මම කියන්නේ නෑ. කැපීපෙනෙන දේවල් කරන්න බැරිවුණා. දින 100 වැඩසටහන්වලදී කළා වගේ කැපීපෙනෙන සංවර්ධනයන්, කැපීපෙනෙන නීති ප්‍රතිසංස්කරණ වගේ දේවල් කළේ නෑ, නමුත් කරපු දේවල් තියෙනවා. ඒ කරපු දේවල් කළේ අභියෝග මධ්‍යයේ තමයි. මොනවද මේ අභියෝග? ඇත්තටම අභියෝග තියෙන්නේ දේශපාලන පෙරමුණේ නෙවෙයි. මේ ආණ්ඩුවට ඉදිරියේ තියෙනවා පළාත් පාලන මැතිවරණයක්. ඒ පළාත් පාලන මැතිවරණයේදී වුණත් මම හිතන්නේ නෑ විපක්ෂය විසින් සැලකිය යුතු අභියෝගයක් එල්ල කරයි කියලා. ඒකට හේතුව තමයි විපක්ෂය තවම සූදානමක නැහැ ආණ්ඩුවට ඒ විදියට අභියෝග කරන්න. විපක්ෂය තවමත් බොහොම ආරක්ෂාකාරී විදියට පහර එල්ල කරන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ.
විපක්ෂයටත් ලොකු පරිවර්තනයක් කරගන්න සිදුවෙනවා. කොහොම වුණත් ආණ්ඩුවට තමන්ගේ සීමාවන් නිර්මාණය වුණේ ආර්ථික පෙරමුණේ තියෙන අභියෝගත් එක්ක. ආර්ථික පෙරමුණේ තියෙන අභියෝග අතර ප්‍රධානම අභියෝගයක් තමයි අයි.එම්.එෆ්. වැඩසටහන ඇතුළේ අපි කරගෙන යායුතු ක්‍රියාමාර්ග ටික. ඒක ඇතුළේ එක පැත්තකින් ආදායම් වියදම් තුලනය කරගැනීම තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි 2028 විතර වෙනකොට ණය ගෙවන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් හදාගැනීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අයි.එම්.එෆ්. වැඩසටහන සකස් කරලා තියෙන්නේ. ඒ අයි.එම්.එෆ්. වැඩසටහන ඇතුළේ ආණ්ඩුව කළයුතු බොහෝ දේ තිබෙනවා. ඒ හැම දෙයක්ම ආණ්ඩුව අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේගයෙන් පහුගිය මාස 6 තුළ ඉටුකළ බවක් දකින්න ලැබෙන්නේ නෑ.

ආදායම් වැඩිකර ගැනීම සඳහා රජය නව බදු හඳුන්වා දීලා තියෙනවා. හැබැයි ඒ අතරම පුද්ගල ආදායම් බද්ද අයකරන සීමාව අඩුකරන්නටත් කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ අප්‍රේල් 01 වැනිදා ඉඳලා රුපියල් 150,000කට වැඩි ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් විතරයි බදු අයකරන්නේ. 150,000 සිට ක්‍රමානුකූලව බදු අයකිරීම වැඩිකරනවා. නමුත් 150,000 දක්වා බදු සහනයක් ලැබෙනවා. මේක ලොකු සහනයක්. විශාල පිරිසක් පහුගිය කාලේ බදු දැලට හසුවෙලා හිටපු පිරිසකුත් බදු දැලෙන් ගිලිහී යනවා. ඒ අනුව ලැබෙන ආදායම් සම්බන්ධ අභියෝගයක් තියෙනවා. කෙසේ වෙතත් රජය ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගන්න අපේක්ෂා කරනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් බවට පත්කරගන්න උත්සාහ කරනවා බදු ආදායම. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. වෙරිටේ රිසර්ච් ආයතනය කරපු අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනවා හැම අවුරුද්දකම අයවැයෙන් ඉලක්ක කරනු ලබන ආදායමෙන් 12%ක් විතර ලබාගන්න රජය අසමත් වෙනවා කියලා. ඉතින් මේ අවුරුද්දෙත් ඒක එහෙමම වෙන්න පුළුවන්.
මේ අතර රජය විශාල වැටුප් වැඩිකිරීමකුත් කරලා තියෙනවා. අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට විශාල වැටුප් වැඩිකිරීමක් සිදුවෙනවා. ඒත් එක්කම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් වැඩිවෙනවා. අලුතෙන් විශ්‍රාම යන අයට. එහෙම වුණාට පස්සේ රජයට විශාල වැය බරක් දරන්න සිදුවෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න. මේක නරක දෙයක් කියලා කියන්නේ නෑ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන ප්‍රශ්න කොතරම් තිබුණත් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකළාම මෙහෙම දෙයක් වෙනවා. රජයේ මුදල් සමාජය තුළ සංසරණය වෙන්න පටන් ගන්නවා. එතකොට රජයේ සේවකයෝ වාහන මිලදී ගන්න පෙලඹෙන්න පුළුවන්. රජයේ සේවකයෝ ඉදිකිරීම් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඔවුන් හෝටල්වලින් වැඩිපුර කන්න පෙළඹෙන්න පුළුවන්. ටියුෂන් පන්තිවලට යන ළමයින්ට වැඩිපුර වියදම් කරනවා වෙන්න පුළුවන්. ඔය විදියට ඒ අයගේ මුදල් සමාජයේ සංසරණය වෙනකොට සමාජයේ සෙසු අංශවලටත් වැඩි ආදායමක් ලැබෙනවා වෙන්න පුළුවන්.

ඒ විදියට සමාජයේ ආර්ථික සක්‍රීයභාවය වැඩිකරන්න මේක ඉවහල් වෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ වැඩිකරපු වැටුපත් එක්ක වැඩිවන රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ආදායම් ලබාගැනීමේ හැකියාවක් රජයට තියෙනවද කියන එක. මේ වැඩිවෙච්ච වියදම් පියවා ගන්න ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන ආදායම තමයි වාහන ආනයනයෙන් අයකරනු ලබන බදු. වාහන ආනයනය සඳහා තිබුණු සීමාවන් ඉවත් කරන්න පහුගිය දවස්වල රජය කටයුතු කළා. දැන් වාහන ආනයනය කරන්න පුළුවන්. අලුතෙන් වාහන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වාහනවලට මේ වෙනකොට රජය 200%, 300% වගේ අතිවිශාල බදු පනවලා තියෙන්නේ. ඒ බදුවලින් රජයට පුළුවන් විශාල රුපියල් ආදායමක් ලබාගන්න බදු විදියට. ඒ ආදායම ලබාගත්තොත් හරියට අපේක්ෂා කරන පරිදි රජයට මේ වැටුප් වැඩිවීම සඳහා වූ වියදම පියවගන්න පුළුවන්. හැබැයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මේ ආදායම් ලබාගැනීම ලේසි කාර්යයක් නොවන බව පෙන්වා දුන්නා. ඔහු කියපු විදියට රුපියල් බිලියන 300ක විතර ආදායමක් රජය අපේක්ෂා කරනවා වාහන ආනයනයෙන් ලැබෙන බදුවලින්. හර්ෂ ද සිල්වා කියන පරිදි මේ ආදායම ලබාගන්න නම් මසකට වාහන 2000ක් විතර අලෙවි කළ යුතුව තිබෙනවා. ඔහු කියන පරිදි නම් ඒක එහෙම වෙන එකක් නෑ. ඒ නිසා රාජ්‍ය ආදායම පිළිබඳ බරපතළ ගැටලුවක් මේ අවුරුද්ද අන්තිම වෙද්දී සිදුවෙන්න පුළුවන් බව තමයි ඔහු කියන්නේ.
කෙසේ වෙතත් රජය ආර්ථික පෙරමුණ යම් ආකාරයකට තුලනය කරගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලන පෙරමුණේ ඔවුන්ට සැලකිය යුතු අභියෝගයක් නැති වුණත් දේශපාලන පෙරමුණ තුලනය කරගැනීම සඳහා ඔවුන් මේ ආර්ථික ක්‍රියාමාර්ගත් උපයෝගී කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම පඩි වැඩිකිරීම, අස්වැසුම ප්‍රතිලාභීන්ට දෙන බඩු මල්ල විතරක් නෙවෙයි දන්ත ධාතු ප්‍රදර්ශනය පවා සිද්ධ වෙන්නේ පළාත් පාලන මැතිවරණය අබියස. පළාත් පාලන මැතිවරණය තියනකොට මේ දේවල් මේ විදියට පැවැත්වීම කොයි තරම් ආචාරධාර්මිකද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කලින් ප්‍රශ්න කරපු පාර්ශ්ව දැන් ඒවා ප්‍රශ්න කරන්නෙත් නෑ. මැතිවරණ කොමිෂන් සභාව හරි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන රාජ්‍ය නොවන සංවිධාන හරි අපිට පේන්නේ නෑ බඩු මලු බෙදාදීම ගැන ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි දන්ත ධාතු ප්‍රදර්ශනය නරඹන්න ජාතික ජන බලවේගයේ සංවිධාකයන් ටි්‍රප් සංවිධාන කරනවා කියලත් වාර්තා වෙනවා. ඒවා කොයි තරම් දුරට මැතිවරණවල සාධාරණත්වයට බලපානවද කියන එක පිළිබඳ නිරීක්ෂකයන්ගේ අවධානය යොමුවිය යුතුව තිබෙනවා. යොමුවෙලා නෑ. ඒක අපිට අදාළ නැහැ. නමුත් අපි මේක දකින්නේ ජාතික ජන බලවේගය විශාල බරක් දාලා තිබෙනවා මේ ආර්ථික පෙරමුණේ අභියෝග මධ්‍යයේ පවා දේශපාලන බලය තහවුරු කරගන්න. ඒක ඔවුන්ට අවශ්‍ය බව පේනවා. ඒ නිසා තමයි ඔවුන් කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමටත් මේ ආර්ථික සාධක පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ.

ඒ අතර සලකා බැලිය යුතු තවත් කාරණයක් තමයි 2028 වෙනකොට අපි විදේශ ණය ගෙවන්න පුළුවන් විදියට ආර්ථිකය ගොඩනගාගත යුතුව තිබෙනවා. ඒක කරන්න නම් අපි විශාල අපනයන වර්ධනයක් කරගත යුතුව තිබෙනවා. අපනයන වර්ධනයක් කරගන්න නම් දැනට තියෙන කර්මාන්තවලට අමතරව අලුතෙන් කර්මාන්ත සේවා අංශ සංවර්ධනය වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එහෙම සංවර්ධනය වෙන්නට ආයෝජන කෙරෙනවද කියන එක. දේශීය ආයෝජනවල සීමාවක් තියෙනවා කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් විදේශ ආයෝජන වැදගත් වෙන්නේ මෙතැනදී. ලංකාවට විදේශ අයෝජකයන්ගේ ආකර්ෂණයක් අපිට දකින්න ලැබෙන්නේ නෑ. විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා මුලපිරීම සඳහා තමයි ඉන්දියාව විසින් අපට අදානිගේ ව්‍යාපෘති ලබාදුන්නේ. අදානිට ලංකාවේ මේ කරන ව්‍යාපෘතිවලට වඩා වැදගත් ව්‍යාපෘති වෙනත් රටවල තියෙන්න පුළුවන්. හැබැයි ඉන්දියාව අදානිව අපිට හඳුන්වා දීලා තියෙන්නේ ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්. ඉතින් ආයෝජන ආකර්ෂණය වැඩි කිරීමට මුලපුරන්න නම් අපිට එක්තරා විදියක එවැනි ආයෝජන එක්ක යන්න සිදුවෙනවා.

ඉතින් මේ වෙනකොට ආණ්ඩුව බාල්දියක් පෙරළගෙන ඉවරයි අදානි සමාගම එක්ක. මන්නාරම සුළං විදුලි බලාගාරයේ ගිවිසුම්ගත විදියට විදුලිය ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලය නියම කරපු මිලක් තියෙනවා. ඒක ඩොලර් ශත 8කට කිට්ටු මුදලක්. රුපියල් 23ක් වගේ මුදලක්. ඒකකයක් වෙනුවෙන්. සාමාන්‍යයෙන් වහළවල සවිකරන සෝලා පැනල්වලින් ජනනය කරන විදුලිය එක්කයක් මිලදී ගන්නේ රුපියල් 27ක වගේ මිලකට. ඒ මිල 30%කින් විතර අඩුකරන්න විදුලිබල මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒ වගේ අදානිගේ ඒකකයක් ගන්න මිලත් වැඩියි කියලා, ඒක අඩුකරන්න කියලා රජය අදානිට කියලා තියෙනවා. නමුත් අදානි එකඟ වෙලා නෑ ඒ වෙනුවෙන්. එතැන පොඩි ගැටුමක් ඇතිවෙලා තියෙන බව දකින්න ලැබෙනවා. කොහොම නමුත් අදානි ලංකාවට වැදගත් වෙනවා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළට මුලපිරීමක් සඳහා. ඉතින් ආයෝජකයන් ආවේ නැත්නම් ඊළඟ අභියෝගට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ තමයි අපිට ඩොලර් ආදායම් වැඩිකර ගන්න බැරි වෙනවා. ඩොලර් සංචිත ඉහළ නංවාගන්න බැරි වෙනවා. එහෙම වුණොත් 2028 වෙනකොට අපිට විදේශ ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නෑ.

කොහොම වුණත් මේ මාස හය ඇතුළත අපි කියන්නේ ජාතික ජන බලවේගය මොනවත්ම කළේ නෑ කියලා. ඔවුන් කරපු ප්‍රධාන දෙයක් පිළිබඳ කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඔවුන් කරපු ප්‍රධානම දෙයක් තමයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට මුලපිරීමක් කරපු එක. ඒ කියන්නේ ඔබ දන්නවා දේශපාලන සංස්කෘතිය තුළ තිබුණු ලක්ෂණය තමයි දේශපාලකයන් විශාල වශයෙන් දූෂණයට නාස්තියට නැඹුරු වෙන එක. ඔවුන් විශාල වශයෙන් මහජනතාවට නොමැති වරප්‍රසාද භුක්ති විඳිමින් දේශපාලනය සමාජ හිණිපෙතේ ඉහළට යෑම සඳහා කෙටි මාර්ගයක් බවට, පහසු මාර්ගයක් බවට පත්කර ගන්න ලක්ෂණයක් තමයි පහුගිය කාලේ දකින්න ලැබුණේ. කෙනෙක් කියන්න පුළුවන් දේශපාලකයන් හොරකම් කරන සල්ලි, එහෙම නැත්නම් ඔවුන් කොමිස් හෝ වෙනත් ආකාරයකින් ලබාගන්නා සල්ලි නැවත දේශපාලනයට යෙදෙව්වා කියලා. ඒකේ ඇත්තක් තියෙනවා.

කෙසේ වෙතත් ඒ දේශපාලන ක්‍රමය තුළ තිබුණේ එවැනි දූෂණය නාස්තිය එක්ක බැඳුණු ක්‍රමයක්. දැන් ජාතික ජන බලවේගය අලුත් සංස්කෘතියකට මුලපුරලා තිබෙනවා. ඒ සංස්කෘතිය තුළ දේශපාලනඥයා කියන කෙනා දැඩි විදියට සකසුරුවම් සහිතව කටයුතු කරන කෙනෙක්. ඒ සකසුරුවම්කම කියන්නේ එක්තරා විනයක්. මේ විනයට පටහැනි සමහර දේවල් ජාතික ජන බලවේග ආණ්ඩුව තුළින්ම සිදුවෙලා තියෙනවා. උදාහරණයක් විදියට හිටපු කතානායක අශෝක රංවලගේ ආචාර්ය උපාධිය පිළිබඳ මතුවෙච්ච ප්‍රශ්නය. ඒ ආචාර්ය උපාධිය බොරුවක් බව මේ වෙනකොට පැහැදිලිව දකින්න ලැබෙනවා. එවැනි තත්ත්වයක් තුළ පොඩි ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා ඔවුන් විසින්ම ඇතිකරන්න යන නව දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන්. හැබැයි ඒ කීප දෙනෙක් එහෙම නොවුණට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් බහුතරයක් දෙනා ඇත්තටම නව දේශපාලන සංස්කෘතියක් සඳහා මුලපුරලා තිබෙනවා. මම කියන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව පසුගිය මාස 6 තුළ කරපු දේවලින් වඩාත්ම වැදගත් වෙන්නේ අන්න ඒ කාර්යය කියන එකයි.

මේ මුලපුරපු දේශපාලන සංස්කෘතිය දේශපාලනය තුළ තහවුරු වෙන්න ඕනේ. ඒ තහවුරු වීම පළාත් පාලන මැතිවරණයත් එක්ක ඉදිරියට යයි. පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන අපේක්ෂකයන් ඒ දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පළාත් පාලන මැතිවරණයට ඔවුන් ඉදිරිපත් කරන වැඩි දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයේ හිටපු අය කියලා තමයි කියන්නේ. කොහොම වුණත් ඔවුන් ඒ සංස්කෘතිය ඉදිරියට යෙන යාවි. ඒ දේශපාලන සංස්කෘතිය, දේශපාලනය තුළ විතරක් තිබිලා මදි. එය රාජ්‍ය යාන්ත්‍රය තුළට කාන්දු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් මහජනතාවට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. රාජ්‍ය සේවය ඉතා අකාර්යක්ෂමයි. මහජනතාව ඒකෙන් විශාල පීඩාවකට පත්වෙලා තියෙනවා. ඒ පීඩාවේ එක පැත්තක් තමයි තමන්ට අවශ්‍ය සේවාවන් රාජ්‍යයෙන් ලබාගන්න බැරිවීම.

අනිත් පැත්තෙන් මේ රාජ්‍ය සේවයේ අධික බර දරාගන්න සිදුවෙලා තියෙන්නේ බදු ගෙවන ජනතාවට. රාජ්‍ය සේවය කාර්යක්ෂම විය යුතුව තිබෙනවා.ඒ නිසා රාජ්‍ය සේවයටත් නව සංස්කෘතියක් කාන්දු විය යුතුව තිබෙනවා. හැබැයි ඒක කරන්න තවම නම් ජාතික ජන බලවේගය සමත් වෙලා නැහැ. පහුගිය කාලයේ ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ වැඩ කළේ රාජ්‍ය සේවකයන්ට වර්ජන කරන්න, ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙන්න, කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරන්න තමයි වෘත්තීය සමිති එක්ක ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ වැඩ කළේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේ බලයේ සිටින නිසා ඔවුන්ට තවදුරටත් එසේ කරන්න පුළුවන්කමක් නැහැ. ඔවුන්ට සිදුවෙනවා අනිවාර්යයෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළට මේ නව සංස්කෘතිය කාන්දු කරන්න. ඒකට පුළුවන් පදනම, පසුබිම නිර්මාණය වෙලා තිබෙනවා වැටුප් වැඩිවීමත් එක්ක. දැන් ඔබේ වැටුප් අපි වැඩකරලා තියෙන නිසා, දැන් ඉතින් වැඩ කරන්න කියලා කියන්න පුළුවන්. එහෙම පසුබිමක් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නිර්මාණය කරලා තිබෙනවා.

ඉතින් ඉදිරි මාස 6දී අපි බලමු කොහොමද ඔවුන් මේ අභියෝග එක්ක ඉදිරියට යන්නේ කියන එක ගැන.

අජිත් පැරකුම් ජයසිංහ

SendShareShare
Previous Post

පොලිස් කොමිසමටත් උඩින් ගිහින් වැඩබලන පොලිස්පති බිංගිරිය OIC මාරු කරපු විදිහ පත්තු වෙයි! වහාම පොලිස්පතිට දී තිබූ OICලා මාරු කිරීමේ බලය අයින් කරයි! බිංගිරි OICගේ ස්ථාන මාරුවත් අවලංගු කරයි!  I Sri Lanka Latest News

Next Post

නෙවිල් ගියා! ශිරාණි යැව්වා! දේශබන්දු? Sri Lanka Latest News

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.