• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් කොමිසමටත් උඩින් ගිහින් වැඩබලන පොලිස්පති බිංගිරිය OIC මාරු කරපු විදිහ පත්තු වෙයි! වහාම පොලිස්පතිට දී තිබූ OICලා මාරු කිරීමේ බලය අයින් කරයි! බිංගිරි OICගේ ස්ථාන මාරුවත් අවලංගු කරයි!  I Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජාතික පොලිස් කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.Sri Lanka Latest News

මාධ්‍ය නිවේදනයයි

පොලිස් ස්ථානාධිපතිවරයකු ඉවත් කිරීම සඳහා හදිසි සහ සුවිශේෂී අවශ්යතාවක් උද්ගත වූ විට ආයතන ප්‍රධානියා වශයෙන්, වැඩබලන පොලිස්පත්වරයා අදාල පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කර කඩිනමින් සුදුසු නිලධරකු පත්කළ යුතු වූ විට දී ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමටත්, අදාල තීරණ ගැනීමෙන් පසු එළැඹෙන පළමු කොමිෂන් සභා සැසිවාරයට එම කරුනු ඉදිරිපත් කර එකී ක්‍රියාමාර්ග සදහා ආවරණ අනුමැතිය ලබා ගැනීමටත් අවසර දුන් පොදු තීරණයක් මඟින් 2024.12.02 දින වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර තිබුනද එසේ සිදු නොකිරීම තුළින් ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල ද දැනට බලපවත්වන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධිවිධාන ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය කරන ලදි.

එසේම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් තොරව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ක්ෂණිකව ස්ථානමාරු කිරීමට කටයුතු කර ඇති අතර, එමගින් ද ජාතික පොලිස් කොමිෂන් සභාවෙහි ඉහතකී පොදු තීරණයට පටහැනිව කටයුතු කර ඇති බවත් ඒ තුළින් මෙම සිදුවීම පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරන ලදී.

එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක බඳවා ගැනීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම් සිදු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය ලබාගත යුතු බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කර ඇති අංක LAE/2025/06 දරණ 2025.03.03 වන දිනැති චක්‍ර ලේඛයේ සඳහන්ව තිබියදී, වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉහත ස්ථානමාරු වීම සිදු කර ඇත්තේ එකී චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට පටහැනිව බවත්, එසේ කටයුතු නොකිරීම සම්බන්ධව කරුණු දක්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පිටපතක් සහිතව මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් අංක EC/CG/LAE/2025/19 දරන සහ 2025.04.02 දිනැති ලිපියේ සඳහන් කරුණු ද ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අධ්‍යයනය කරන ලදී.

ඉහත සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ස්ථාන මාරු කිරීමට කටයුතු කිරීමේ දී ඉහත තීරණයට අනුකූලව කටයුතු කර නොමැති බැවින් තවදුරටත් මෙම පොදු තීරණය අනුව කටයුතු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා හට අවකාශ සලසා දීම තුළින් ඉමහත් ගැටළුකාරී තත්ත්වයක් ඇති විය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත කී පොදු තීරණය අවලංගු කිරීමට 2025.04.03 වන දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව එකමතිකව තීරණය කරන ලදී.

එමෙන්ම බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීමට හේතු වූ සුවිශේෂ කරුණු ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙතෙක් දැනුම් දී නොමැති බැවින්, සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොමැති බැවින් ද, බිංගිරිය පොලිස් ස්ථානාධිපති වෙත 2025 මාර්තු 25 දින වැඩ බලන පොලිස්පතිවරයා විසින් ලබා දුන් ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටත්, ඒ අනුව ක්‍රියාකර, නොපමාව ජාතික පොලිස් කොමිෂන් සභාව ලිඛිතව දැනුවත් කරන ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කරන ලදී. එම ලිපියේ පිටපතක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට ද ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත.

SendShareShare
Previous Post

‘ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ’! ලංකාවෙන් පුදන ඉහළම සම්මානය අනුර මෝදිගේ ගෙලට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ආයු කාලයෙන් දහයෙන් පංගුවක් ඉවරයි! මාස 6ට මාලිමා ආණඩුව මොකුත්ම කළේ නැද්ද? Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.