• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැව් බැඳි රටේ සංහිඳ පාමුල හිටියේ – කියතක අයිතිකරු ගැන කවුරුද දුටුවේ! Sri Lanka Latest News

March 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැව් බැඳි රටේ සංහිඳ පාමුල හිටියේ – කියතක අයිතිකරු ගැන කවුරුද දුටුවේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
වැව්බැඳි රාජ්‍යයේ තුරුලතා ඉතිහාසය හා ඉහළ බව මට දනුණේ මේ වීඩියෝව බැලුවට පස්සේ. සමාජ මාධ්‍යයේදී අපි දැක්ක එක්තරා වීඩියෝ පටයක ඉතාම තරුණ භික්ෂුන් වහන්සේ නමක් කියනවා අපේ ගමේ මිනිස්සුන්ගේ අයිතිය තමයි මේ ගස්කොළන් ටික, මේවා ආරක්ෂා කරන එක අපේ වගකීමක්, දැන් මහ කැලේවත් පළු ගහක් වීර ගහක් දැකගන්න නෑ, ඒ නිසා ඇයි මේ පළු ගස් කපන්නේ කියලා. පළු ගස් කපන්නේ ඇයි කියන එක දුරදිග යනවා. ඒ සම්බන්ධයෙන් ගොවි සංවිධානවල ඉන්න විවිධාකාරයේ ප්‍රධානීන් උන්වහන්සේ සහ පිරිස ඉදිරියට රැගෙන එනවා. එහෙම රැගෙන ආවට පස්සේ මේ කතාවේ අගමුල පැහැදිලි වෙන්න පටන් අරගන්නවා. ගහ කපන්න අනුමැතිය දුන්නු කෙනෙක් මේ වීඩියෝව බලපු මට නම් හොයාගන්න බැරුව ගියා. හැබැයි ගහ කැපිය යුතු බව දැනුම් දීලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්. මේ ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමිය විසින් ලබාදුන්නු නිර්දේශය ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු පහකට පස්සේ. Sri Lanka Latest News

මේකේ ක්‍රමවේදය විදියට අපි දැක්කා ගහක් හෝ ගස් කීපයක් කපන්න අවශ්‍ය වුණාම, ඒවායේ යම් අනාරක්ෂිත බවක් තියෙන බව දැනුණාම ටෙන්ඩර් කැඳවනවා මේ ගස් ටික කැමැති කෙනෙක් ගණන් කියන්න කියලා. එක්තරා මහත්මයෙක් මේකට ටෙන්ඩර් ඉදිරිපත් කරලා ඒ හරහා තමන් තමයි මේකට සුදුස්සා කියලා ඔහුව තෝරගෙන තියෙනවා. එහෙම කැපුවට පස්සේ මේ ගස් ටික පරීක්ෂා කරලා දැව සංස්ථාවෙන් යම් වාර්තාවක් හදනවා මේ ගස්වල වටිනාකම පිළිබඳ. ගහක දිරුමක් තියෙනවද, බෙණයක් තියෙනවද, ගහ කඩාගෙන වැටෙයි වගේ තත්ත්වයක් තියෙනවද, දැවමය වටිනාකමකින් අඩුද වැඩිද කියන එක සම්බන්ධව නිශ්චිත නිගමනයකට එනවා. එතකොට දැව සංස්ථාවට තියෙන වගකීම වෙන්නේ ගහ කප්පවාගෙන තමන් ගාවට අරගෙන ගිහිල්ලා ඒ සම්බන්ධව මිලක් නියම කරලා එය අලෙවි කිරීමේ කටයුතු. ගහ අනාරක්ෂිත බව දැනගත්තට පස්සේ ප්‍රාදේශීය ලේකම් හෝ වෙනත් බලධාරියෙක් විසින් ඒ පිළිබඳ දැනුම් දෙන්නේ දැව සංස්ථාවට. රාජ්‍ය දැව සංස්ථාව තමයි මේ ගස කැප්පවීමේ කටයුත්ත සිද්ධ කරන කෙනා.
මේ විදියට ගියාම මේ ගහ කපන්න ඕනේ කවුද, මේ ගහ කපන්නේ කවුද සහ, මේ ගහ කපන්න ඕනේ කාටද කියන එක ගැන අපි දැක්කා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වෙන ආකාරය. පළමුවෙන්ම කියනවා මේ ගහේ කොළ වැටිලා ඇළ අවහිර වෙනවා කියලා. අපි දන්නෑ මහත්තයෝ ලංකාවේ ගස් කොළන් කපන්නේ කවුද කියලා ඇළවල් අහවිර වෙන හින්දා. මොකද අපි අහලා තියෙන විදියට වැව්, ගංගා, ඔයවල් මේ හැම දේම ගලාගෙන යන්නේ කිලෝමීටර් ගණනක් තිස්සේ දුරට දිවෙන තුරුලිය යටින් තමයි. මේ විදියට තුරුලිය යටින් ගලන ගංගාවකට, නැත්නම් ඔයකට, එහෙම නැත්නම් වෙනත් ජලය ගලායන දේකට කොළ වැටිලා හානි වෙන්නේ නෑ. ස්වභාවිකවම මේ සංසිද්ධිය ගහයි, ගඟයි, ඔයයි, වැවයි විසඳගෙන තියෙනවා. දැන් මේක ප්‍රශ්නයක් විදියට දකින්න පුරුදු වුණේ කවද්ද, කොතැනද කියන එක ප්‍රශ්නයක්. ඊළඟට අවුරුදු හාර පන්සීයක් පරණ ගහක් දිරුමක් නිසා කඩාවැටෙයි කියලා නිර්දේශ කරන්න හෝ ඒ සම්බන්ධව මත ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණේ කවුද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. මේ ගස් කපන්නේ කොහොමද, මේ ගස් කැපුවට පස්සේ යන්නේ කොහෙටද කියන එක ගැන පහුගිය කාලේ ඕනේ තරම් කතා තිබුණා. මාර ගස් ටික කපලා, ඒ මාර ගස්වලින් ටයිල් හදලා, වතුර මාර ගස් ටික ගෙවල්වල පාවිච්චියට ගත්තා කියලා, කුඹුක් ගස්වලින් කුඹුක් ටයිල් හැදුවා කියලා ඉතිහාසයේ නෙවෙයි වර්තමානයේ ආසන්න කාලෙත් අපිට ඕනේ තරම් කයිකතන්දර දේශපාලකයන්ගේ නම්ගම් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිටත් මේවා දැක්කම සැකයි. හාමුදුරුවෝ දැක්කම ආඩම්බරයි. ගමේ මිනිස්සු ගැන අපිට දැනෙනවා යම් හැඟීමක්.

මේ ගස්කොළන් ටික කපලා මේක කාන්තාරයක් කරලා ජල මූලාශ්‍ර ටික හින්දවා ගත්තට පස්සේ අපිට රකින්න ආයෙත් ජල මූලාශ්‍රයක් නෑ. කොළ වැටෙනවා කියලා කියන්න දෙයක් නෑ. ඇළ පළල් කරන්න අවශ්‍ය නම්, ඇළ විශාල කරනවා මිසක ඇළේ දෑලේ තියෙන ගස්කොළන් කපන එක නෙවෙයි විය යුත්තේ කියලා, ඇළ දෑලක ජීවත් නොවුණාට, වැව් බැඳි රාජ්‍යයේ පාරම්පරිකයෙක් නොවුණාට ලියුම්කරුටත් තේරෙනවා. හාමුදුරුවන්ට තියෙන වුවමනාව තියෙන්නේ මහ ගස් ටික රැකගන්න නම්, ඒ ගස් රැකගැනීමෙන් මහපොළොවට හෝ සතා සීපාවට හෝ කිසි කෙනකුට හානියක් වෙන්නේ නැත්නම් ඒවා ආරක්ෂා විය යුතුයි කියලා හාමුදුරුවන්ගේ කතාවෙන් අපිට තේරුණා. හාමුදුරුවෝ අපූරු පැහැදිලි කිරීමක් කරනවා. හාමුදුරුවෝ කියනවා මේ ගස් අයිති වනජීවී එකටවත්, වන සංරක්ෂණයටවත්, දැව සංස්ථාවටවත්, දිස්ත්‍රික් ලේකම්ටවත් නෙවෙයි කියලා. මේවා අයිති මිනිසාගේ සිට සතා සීපාවා දක්වා කුරුලු කිරිලියන්ට. මේවා රැකගන්න, මේවා ආරක්ෂා කරන්න වගකීම තියෙන්නේ අපිට සහ මේවා රකින්න ඕනේ අපේ අනාගත පරම්පරාවට. ඒ නිසා එක එකාට කපන්න අවසර දෙන්නේ නෑ කියලා. උන්වහන්සේ මේ ගහකොළ රකින්න දරන උත්සාහය විශිෂ්ටයි වගේම ගහකොළවලින් මිනිස්සුන්ට හානි වෙනවා නම්, ඒ හානි වෙන්නේ මොන ආකාරයෙන්ද, ගහක අත්තක් කඩාවැටෙනවා නම් ඒ කඩාවැටෙන්නේ පාරට තියෙන අත්ත මිසක කැලේට තියෙන අත්ත නෙවෙයි. ගහ අවට තියෙන ගෙවල්වල මිනිස්සු ගහ රැකගන්න උත්සාහ කරනකොට ගස් ටික කපන්න ටෙන්ඩර් දාලා කැඳවලා ඒකට ගණන් මිනුම් ඉදිරිපත් කරලා කපන්න භාරගත්ත මහත්තයත් ඇවිල්ලා ගහ කැපීමේ වැදගත්කම ගැන කතාවක් පවත්වන ආකාරය අපි දැක්කා.

තුරුලතා රැකගන්න මහපොළොව ආරක්ෂා කරගන්න දැන් අපිට වගකීමක් තියෙනවා. කලින් වගේ හොරකම් කරන, වංචා කරන, අත්තනෝමතික ලෙස වැඩකරන ආණ්ඩුවක් නෙවෙයි මේ තියෙන්නේ කියන එක ගැන අපිට යම් හැඟීමක් සහ වගකීමක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා අනුර කුමාර දිසානායක මහත්තයත් වැව් බැඳි රාජ්‍යයේ ජීවත් වෙච්ච ඒ මහපොළොවත් එක්ක ඔට්ටු වෙච්ච, ඒ මහ පොළොවේ දුක සැප දන්න මිනිහෙක්. ඒ නිසා අපේ ගරුතර ජනාධිපතිතුමනි, ඔහු වටා ඉන්නා වූ හිතවතුනි. මේ මහ පොළොව ආරක්ෂා කරන්න, ගහ කොළ වැල් මල් ආරක්ෂා කරන්න ඔබට වගේම අපිට වුවමනාවක් තියෙනවා. ඒ නිසා ඒ සියල්ල රැකගැනීමේ වගකීම වෙනුවෙන් පෙනීසිටින මේ හාමුදුරුවන්ට සහ ගම්වාසීන්ට උදව්වක් පදව්වක් කරන්නයි කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නඩරාජාට හීනෙන් පෙනුණු – විසුරුණු හිසකෙස් – තියුණු ඇස් ඇති ලෙඩ සුවකරන්නා ඉනුවිල්! Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 6 පිරෙන අප්‍රේල් 21ට කලින් සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න CIDයේ ලොකු ට්‍රයි එකක්!  I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.