මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට නියමිත සහ එසේ අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන දෙකක් සඳහා මහ බැංකුව විසින් දණ්ඩන පනවා තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා, 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා වූ කාල පරිච්ඡේදය තුළ එකතු කරගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන තුනක් (රු. 3,000,000.00) බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
ඉන්දියන් බෑන්ක් සහ අමානා තකාෆුල් ලයිෆ් පී.එල්.සී. යන ආයතන සඳහා මෙලෙස දණ්ඩන පනවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.











