දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ චෝදනා හතරක් දක්වා තිබේ. Sri Lanka Latest News
විෂමාචාර සහ දූෂණ, ධුරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම එම චෝදනා හතරයි.
2002 අංක පහ දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.










