• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලු රටටම අමතකද? දේශබන්දු පොලිස්පති කරන වෙලාවේ මුලින්ම විරුද්ධ සටන කළේ සජිත්! ව්‍යවස්ථා සභාවේදී බය නැතිව විරුද්ධ වුණා! එදා මාලිමාවේ අයත් මීක් ගෑවේ නෑ කියන්නේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 25, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් රජය අද ඉදිරිපත් කර ඇති බවත් ඒ සදහා සමගි ජන බලවේගය ද පක්ෂ බවත් මේ දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් කළේ පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය බවත් ව්‍යවස්ථාදායක සභාවේ එදා ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ සමගි ජන බලවේගය බවත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඒ ව්‍යවස්ථා උල්ලංඝනය කිරිමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ දේ සම්පූර්ණයෙන්ම විකෘති කර උත්තරීතර නීතිය අමු අමුවේ කඩකරමින් මේ කටයුතු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

ඒ දවස්වල දේශබන්දු තෙන්නකෝන් ව්‍යවස්ථාව කඩකර උත්තරීතර නීතිය පාගා දමා අනීතිකව පත් කරන විට අද කෑ ගහන අය එදා නිෂ්ශබ්ධව සිටි බවත් ප්‍රමාද වී හෝ මෙවැනි විශ්වාසභංගයක් ගෙන ඒම ගැන සතුටු වෙන බවත් ඒ සදහා පුර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් එක කෝ ?

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති කරන්නම් බංකුවක් මේසයක් ගෙන එන්න කියා මැතිවරණ සමයේ කිව්වත් ජනවාරි මාසයේ සිට වෙඩි තැබීම් විශාල ප්‍රමාණයක් සහ මරණ 22කට වැඩි බවත් එයද ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක් බවත් මහජනතාවගේ ජීවිත ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන බවත් අද රටේ නීතියක් නොමැතිව කැලෑ නීතිය ඉස්මතු වී ඇති බවත් මැරයන් දුෂිතයන් මිනිමරුවන් අද ජන සමාජය ගිලගෙන අවසන් බවත් මේවාට විසදුම් රජයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෛරය පතුරවා රටවල් ගොඩනගන්න බෑ

වර්තමානයේ බලයට පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් දේශපාලන පොරපිටියේ සිටි බවත් මේ දශක ගණනාවේ ඔවුන් ජනප්‍රිය වූයේ වෛරය පතුරවා අසමගිය පතුරවා එකමුතුභාවය නැති කරමින් බවත් කෑලි කෑලිවලට වෛරය මූලික කර ගෙන වෙනස්කම් ඇති කර මේ ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ගමන ගෙන ආ බවත් වත්මන් ජනාධිපතිවරයා මාස 60ට පත්ව ඉන් 1/10ක් අවසන් බවත් අයවැය කතාවත් අයවැය අවසන් කතාවත් පැය ගණනක් කතා කරමින් සිටින බවත් මේ අවස්ථාව කතාවට නොව ක්‍රියාවෙන් වැඩ පෙන්වන වෙලාව බවත් වෛරය පතුරනවා වෙනුවට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩ කරනවා කෙසේ වෙතත් වැඩ බැරිව කෙදිරි ගාන එක නම් පේනවා

මේ රජයට හැකියාවක් තිබුණා නම් සේවාව ඉටු කරන්න තිබූ බවත් දින කිහිපයකට සැරයක් ලැයිස්තු ඉදිරිපත් කළත් ඒවාට නීතිය ක්‍රියාත්මක නොවන බවත් වරදක් සිදුව ඇත්නම් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් වෛරය පැතිරවීම තුළ රටක් ගොඩනැගෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව යනු දැවැන්ත බල කේන්ද්‍රස්ථානයක් බවත් වගකීම වගවීම ක්‍රියාත්මක විය යුතු මොහොතේ රජය කයිවාරුවෙන් ඇග බේරා ගන්න දේශපාලනයක නිරත වන බවත් අනාගතය ගැන පුරෝකථනය කර සැලසුම් හදනවා වෙනුවට ලැයිස්තු ඉදිරිපත් කර වැඩක් නොකර කතාවෙන් කයිවාරුවෙන් සෝබනයෙන් ඇග බේරා ගනිමින් කෙදිරි ගාන බවත් කෙදිරි ගාන්න පැය 24ම වෙන් කර ඇති බවත් පොල් ටික රිලව් කනවා කියා කෙදිරි ගාන බවත් බල්ලන්ට බත් දෙන නිසා හාල් හිගය කියා කෙදිරි ගාන බවත් රිලව් බල්ලන් ගැන කියමින් කෙදිරි ගානවා මිස වැඩක් නම් නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවත් අදටත් ඒ කන්ටේනර්වල තිබූ දේවල් ගැන කවුරුත් දන්නේ නැති බවත් ඒවා ගැන තවමත් හොයා බලා නොමැති බවත් මේ හරහා හොර මත්පැන්, රත්රං, මත්කුඩු ජාවාරම්කාරයන්ට පුනරුදය ලැබුණාද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

විශ්වාසභංගයේ දේශබන්දුට බරපතළ චෝදනා 4ක්! Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ඇමැති මණ්ඩලයේ ප්‍රබල රාජ්‍ය ඇමැති අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී! 01 දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.