• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රියැලිටි තරුවගේ හීනයට ගිනි පිම්බේ කවුද? Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රියැලිටි තරුවගේ හීනයට ගිනි පිම්බේ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රියැලිටි ලෝකයේ කා අතරත් මෑත කාලයේ ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් චරිතයක් තමයි මෙවර හිරු ස්ටාර් කිරුළ හිමිකරගත් චමෝද් කවිෂ්ක කියන්නේ. ඔහු මේ ගමන ආවේ දුක් කම්කටොළු රාශියක් හිතේ දරාගෙන දැඩි උත්සාහයක ප්‍රතිඵලක් විදියට. ඒත් ඒ උත්සාහයෙන් ගොඩනගාගත් ජීවිතය දිහා ඇස්වලින් බලන්න බැරි මිනිස්සු මේ සමාජයේ හිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුර කලැත්තෑව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙස ඉදිරිපිට නවතා තැබූ ඔහුගේ මෝටර් රථයට පසුගියදා රාත්‍රියේ කවුරුන් හෝ පිරිසක් ගිනි තබා තිබුණේ අනපේක්ෂිත ආකාරයටයි. Sri Lanka Latest News

තමන්ට වඩා අනෙකා දියුණු වෙයි කියලා දුර්වල හිත්වල ඇතිවන බියටයි ඉරිසියාව කියන්නේ. අද සමාජයේ බොහෝ දෙනෙකු අන් අයගේ වත්පොහොසත්කම්, අධ්‍යාපන මට්ටම්, තනතුරු වැනි දියුණුවේ මංපෙත් දැකලා මට නැති දේ ඔවුන්ට හිමිවුණා කියලා ආතතියෙන් කල් ගෙවනවා. තමන්ට ආසකරන දේවල් නොලැබෙනකොට, අනිත් අය ඒවා ළඟා කරගන්නකොට එය දරාගන්න බැරි හිත්පිත් නැති කෲර සමාජයක් තමයි වර්තමානයේ බිහිවෙලා තියෙන්නේ. එවැනි අකාරුණික මිනිස්සු තමන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වූ පුද්ගලයාගේ ගමනට අකුල් හෙළනවා ඔහුගේ යහපත සතුට විනාශ කරන්න. මෙය ඉතා පහත් මානසිකත්වයක්.

මේ සමාජයේ බහුතරයක් දෙනකුට අනෙකාගේ සතුට, දුක් මහන්සියෙන් ගොඩනගාගත් ජීවිතය දිහා බලලා සතුටු වෙන්නට බැහැ. ඒ නිසයි මෙවැනි කුහකකම් කරන්නේ, ඒ සතුට වෙනුවෙන් වළ කපන්නේ, අනෙකාගේ ජීවිතය අඝාධයට ඇද දමන්නේ.

චමෝද් කවිෂ්ක අනුරාධපුරයේ ඉඳලා කොළඹ අවිත් ලොකු කට්ටක් කාලා මේ කිරුළ ගමට අරන් ගියේ මහා ජනකායකගේ අත්පොළසන් නාදය මැදින්. ඉන් පස්සේ ඔහුගේ හිතේ තිබුණු ලොකුම සිහිනයක් තමයි මෝටර් රථයක් මිලදී ගැනීම. ඒ හීනය සැබෑ වුණාම ඔහුගේ ළඟින් හිටපු කෙනෙක්ට ඒ සතුට දරාගන්න බැරිව යන්න ඇති. ඒ කවිෂ්කගෙ මේ පුංචි කාර් රථයට කවුරුන් හෝ පිරිසක් ගිනි තබා තිබුණේ ඔහුගේ සතුට දකින්නට බැරි නිසයි. මේ සමාජයේ කෙනෙක් දියුණු වෙලා නැගිටිනවාට තව එකෙක් කැමැති නැහැ. ඒක තමයි අද අපේ සමාජයේ දකින්න තියෙන කනගාටුදායකම තත්ත්වය.

චමෝද් මෝටර් රථය මිලදීගෙන එහි ගමන්කරන ඡායාරූප පවා අන්තර්ජාලයට මුදාහැර තිබුණේ ඒ ගැන ඔහුගේ හිතේ තිබුණු සතුට නිසාමයි. ඒත්, චමෝද්ගෙ මේ සිහිනය බොඳවෙන්න ගියේ ඉතා කෙටි කාලයක් විතරයි. පසුගිය 17 වැනිදා අලුයම 1.45ට පමණ තමයි මෙම විනාශකාරී ක්‍රියාව සිදුකර තිබුණේ.

එම සිදුවීමෙන් පස්සේ චමෝද් මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙවැන්නකි.
‘පාන්දර 1.42යි වෙලාව. කවුරු හරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනේට පෙට්‍රල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දී වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. ඔක්‌කොම වාහනේ ගිනි අරන් තිබුණේ. මම එළියට එද්දී සේරම ගිනි අරන් ඉවරයි. බොහොම ස්තුතියි මේක කරපු කෙනාට. බොහොම ස්තුතියති…’

අසල්වැසියන් සහ චමෝද්ගේ මවුපියන් එක්ව ගින්න නිවාදැමීමට මහත් උත්සාහයක් දැරුවත් ඒ වන විටත් වාහනයේ බොහෝමයක් කොටස් විනාශයට පත්ව තිබුණා.
ඊර්ෂ්‍යාව මිනිස්සුන්ගේ හදවතේ දැවෙන ගින්නක් ලෙස බුදුදහමේ හඳුන්වා දෙනවා. ඒ ගින්නෙන් දැවෙන්නේ ඊර්ෂ්‍යා කරන පුද්ගලයාමයි. අසල්වැසියෙකුගේ ඥාතියෙකුගේ දියුණුව සතුට දරාගන්න බැරි මිනිස්සු මෙවැනි විපතක් කරලා මහත් අකුසලකර්මයක් සිදුකරගත්තා. ඊර්ෂ්‍යාව ඇතිවූ විට ස්වභාවධර්මයෙන්ම ඒ පුද්ගලයාගේ සිත කිළිටිභාවයට පත්කරනු ලබනවා. ඒ නිසාම එවැනි කිළිටි හිත් ඇති අයට සොබාදහමෙන්ම දඬුවම් ලැබෙන්න වැඩි කාලයක් නම් ගතවෙන්නේ නැහැ.

මනෝ වෛද්‍ය විද්‍යාවේදී කෙනෙකුගේ මානසික ආතතිය වර්ග කර ඇත්තේ ධනාත්මක ඍණාත්මක් දිගුකාලින හා ක්ෂණික වශයෙන්. මේ නිසා නිතර හිත්වලට දුක ඇතිවීම අවධානයට යොමුකරගැනීමට නොහැකි වීම නිසා මිනිස්සු ආතතියෙන් මානසිකව කඩාවැටීම තුළ දරුණු තීරණවලට එළඹෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඉරිසියාව කියන්නෙත් මේ මානසික ආතතියේ එක් පැතිකඩක්. මෙවැනි ඊර්ෂ්‍යාවෙන් පෙළෙන පුද්ගලයෙක් ඔබගේ පවුලේ සිටීනම් ඔවුන්ව වහාම හඳුනාගෙන වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරවන්න. එසේ නොකළහොත් අපට දැකගන්නට හැකිවන්නේ අනෙකෙකුගේ සතුට විනාශයට පත්කරන්නට උත්සාහ දරන පුද්ගලයන්ය.

කවුරුන් මොනවා කළත් කෙනකුගේ ලැබීම තව කෙනෙකුට නවත්තන්න බැහැ. මොනවා විනාශ කළත් චමෝද්ගේ මිහිරි කටහඬ කාටවත් සොරාගන්න බැහැ. ඔහු ඒ ශක්තියෙන් කවදා හෝ දවසක තවත් වාහනයක් ගනියි. මේ සමාජයේ කවුරුන් කළත් ඒ වැඩේ කිසිසේත්ම අනුමත කරන්නට බැරි ඉතා පහත් වැඩක් බවයි විශාල පිරිසක් පවසා තිබුණේ. මිනිසුන්ට ඊර්ෂ්‍යා කරලා, මිනිසුන්ව නැති කරලා ලබන්නට පුළුවන් සතුට මොකද්ද? ඔවුන් මොනවාද මේවායෙන් බලාපොරොත්තු වෙන්නේ? කාට හෝ ගින්නක් දීලා ඔවුන්ට සතුටෙන් ඉන්න නම් බැහැ. මේ ලෝක ධර්මය අනුව මෙවැනි මිනිසුන්ට මේ මිහිපිටදීම ඒ ගිනි පත්තුවෙනවා. කෙනෙක්ගේ සතුට දැකලා සතුටුවෙන්න පුළුවන් හදවතක් අපිට තියෙන්න ඕනේ. මිනිස්සුන්ව වට්ටලා ලබන්න පුළුවන් සතුටක් නැහැ. චමෝද්ගේ ජීවිතයට අනතුරක් කරන්න බැරිකමට තමයි ඔහුගේ වාහනය විනාශකරලා තියෙන්නේ. මේ සම්බන්ධව කිසිවෙකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබන බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කවුරු හරි වාහනයක් ගන්නේ පෙරුම් පුරලා. එක්කෝ සල්ලි එකතු කරගෙන එහෙම නැත්නම් ලිසිං සමාගමක් හරහා ගෙවීමේ ක්‍රමයට. එහෙමත් නැත්නම් බැංකු ණයක් අරගෙන. මේ වගේ විනාශකාරී දේවල් කළාට කවිෂ්කගේ ගමන නතර කරන්නට කාටවත් බැරි වේවි.

චමෝද් මල්ලිට කියන්න තියෙන්නේ, ඔයාගේ වාහනයට ගිනිතිබ්බාට ඔයාගේ කටහඬට හැකියාවට දක්ෂතාවට කවදාවත් ගිනිතියන්න බැහැ. කාගෙවත් සතුට විනාශ කරන කෙනෙක්ට නීතියෙන් දඬුවම් ලැබුණත් නැතත්, ස්වභාවධර්මයේ නීතියෙන් නම් ඔවුන්ට දඬුවම් ලැබෙනවාමයි. චමෝද්, ඔයාගේ නැතිවුණු සතුට ඉක්මනින්ම ලැබේවි. සතුටින් ඉන්න…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සජිත් කොළඹට අරන් ආපු කවුද මේ දොස්තර රුවේස් හනීෆා! කොළඹ ප්‍රබලයා M H මොහොමඩ්ගේ මුනුපුරා! I Sri Lanka Latest News

Next Post

ටිල්වින් උත්තර බඳී! කැරැල්ලෙ රහස් ටිකත් එළියට දායි! Sri Lanka Latest News

MORE NEWS

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.