• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරණ තර්ජන නිසා ලාංකික දේශපාලනඥවරියක් නවසීලන්තයට පලායයි! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙහෙළියගේ උපදේශක හාමුදුරුවන්ට කාන්තාවක් මාර ගේම් එකක් දීලා!
Share on WhatsAppShare on Facebook

බරපතළ ජීවිත මරණ තර්ජනයක් හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තා දේශපාලනඥවරියක පසුගියදා හදිසියේම නවසීලන්තයට පලාගිය බව ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර ඇත. මෙම සුවිශේෂ පුවත මුලින්ම වාර්තා කර තිබුණේ ‘රේඩියෝ නිව්සීලන්ඩ්’ නමැති නවසීලන්තයේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානය විසිනි. Sri Lanka Latest News

මාධ්‍ය වාර්තාවල නමක් සඳහන් නොකෙරුණු මෙම ලාංකික දේශපාලනඥවරියට පසුගිය කාලයක් පුරාම විවිධ ජීවිත තර්ජන එල්ල වී ඇත. පසුගිය සමීප කාලයකදී ඇයගේ ශ්‍රී ලංකාවේ නිවෙස එක්තරා නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වටලන බවටද මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. එසේම ඇය පසුගිය කාලයේ ලිංගික හිංසනයටද ගොදුරු වී ඇති බවටද කරුණු වාර්තා වෙයි. ඇයට එරෙහිව එල්ලවුණු මෙම තත්ත්වයන් පිළිබඳ පසුගිය කාලයේදී අධිකරණ විනිශ්චය සභාවක් මගින් විභාග කර තිබෙන බවටද කරුණු වාර්තා කර ඇත. මාධ්‍ය වාර්තා මෙම සිදුවීම ගැන තවදුරටත් මෙසේ කියා සිටියි.
මෙම ජීවිත තර්ජන අර්බුදයට මුහුණදී ඇති ලාංකික කාන්තාව දැනට 32 හැවිරිදි වියේ පසුවන බව පැවසෙයි. පසුගිය කාලයේ එක්තරා ප්‍රමුඛ මන්ත්‍රීවරයකුගේ සහචරයන් පිරිසක් මෙම තරුණ දේශපාලනඥවරියට යෝජනා කර ඇත්තේ ඇයට දේශපාලන හා වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නම්, යටකී මන්ත්‍රීවරයා සමග ලිංගිකව එක්විය යුතු බවයි. ඇය මෙම සිදුවීම ගැන සමීප මිතුරකුට පැවැසූ බවත්, ඉන් පසු එම මිතුරා එම සිදුවීම සමාජ මාධ්‍යවල පළකළ අතර, එයින් විශාල ආන්දෝලනයක් හටගත්තේය. මෙම තත්ත්වය යටතේ යටකී මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහචරයන් තමන් කෙරෙහි දැඩි වෛරයක් ඇතිකර ගත් බව ඇය විනිශ්ය සභාව ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ඉහත තර්ජන ඉදිරිපත් කළ දේශපාලනඥයා පසුගිය 2020 ජනාධිපතිවරණයටද ඉදිරිපත්වූ නමුත් ඔහු තේරීපත්වීමට සුදුසුකම් ලැබුවේ නැත.

මෙලෙස ජීවිත තර්ජනයට ලක්වූ කාන්තාවගේ මස්සිනා පසුගිය කාලයේ හදිසියේ යතුරුපැදි අනතුරකින් මියගිය පසු ඔහුගේ අවමංගල්‍යයේදී ඔහුගේ මිනී පෙට්ටියේ තිබී සටහනක් හමුවූ අතර, එහි සඳහන් වී ඇත්තේ මින් පසුව මරාදමනු ලබන්නේ ඇය බවත්ය. ඉන් පසුව ඇයට තර්ජනාත්මක දුරකතන ඇමතුම් දෙකක් ලැබුණු අතර, වරෙක ඇය මහමග සිටියදී ඇය දෙසට වේගයෙන් යතුරුපැදියක් ධාවනය වූ බවටද ඇය විනිශ්චය සභාවට පැමිණිලි කර තිබිණි. 2018 ප්‍රාදේශීය මැතිවරණයට පෙර දින ඇයට දේශපාලනයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමින් එක්තරා පිරිසක් තමන්ගේ නිවෙස අසල වෙඩිතබමින් සිටි බවටද ඇය පැමිණිලි කර ඇත. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තාවන්ට සිදුවන හිරිහැර වැඩිවෙමින් පවතින බවට ආරංචි මාර්ග යෝජනා කරන බව විනිශ්චය සභාව ප්‍රකාශ කර ඇත. ජීවිත තර්ජනයට ලක්වූ කාන්තාව විනිශ්චය සභාව ඉදිරියේ මෙසේ ප්‍රකාශ කර ඇත.

‘මාගේ ජීවිතයට ඇති බිය නිසා මම නැවත ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීමට තරම් එඩිතර වන්නේ නැහැ. දේශපාලනයට පිවිසීම මාගේ ජීවිතයේ නරකම තීරණයයි. තමන්ව නැතිකරගෙන, තමන්ගේම ඇතුළත එයින් මියගොස් තිබෙනවා වැනි හැඟීමක් මට ඇතිවෙනවා. 2022දී මගේ මවුපියන්ගේ නිවෙසත් හදිසියේම ගිනිගත් අතර, එම ක්‍රියාවත් මා විශ්වාස කරන්නේ මට විරුද්ධ වූ ඉහත පුද්ගලයන්ගේ ක්‍රියාවක් විය හැකි බවටයි…’

දැනට නවසීලන්තයේ සරණාගතභාවය හිමිව තිබෙන මෙම 32 හැවිරිදි කාන්තාව මේ වනවිට එරටට සංක්‍රමණය වී ඇත. ඇය පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඉහත දේශපාලනඥයා ඔහුගේ දේශපාලන ජීවිතය මා විසින් විනාශ කළේ යැයි සිතමින් තමන්ව මරාදැමීමකට හෝ ලක්කරනු ඇති බවයි. ඒ බිය තමන් තුළ තැන්පත්ව ඇති බව ඇය ප්‍රකාශ කර ඇත. මෙම කාන්තාවගේ මිතුරියක් මෙම සිදුවීම මෙසේ තම ‘ෆේස්බුක්’ පිටුවේ සඳහන් කර තිබිණී.

‘විරුද්ධ පක්ෂවල විවිධ පුද්ගලයන්ගෙන් සහ ලිංගික සබඳකම් පැවැත්වීමට ඇයට බලකළ මන්ත්‍රීවරයාගේ තර්ජන හේතුවෙන් ඇයට දේශපාලන ජීවිතයක් ගතකිරීම වළක්වා ඇත…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඥානසාර හිමිගෙන් අනුරට අභියෝගයක්! Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ලංකාව හිරවෙනවා කියලා ‘මව්රට’ මුලින්ම රටට හෙළිකළා! ඊයේ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට මේ අනතුර පෙන්වා දීලා රාජ්‍යතාන්ත්‍රික සබඳතා උඩ මේක විසඳගන්න කිව්වා! ඔන්න ආණ්ඩුව සජිත් කිව්වට පස්සේ මේ ගැන කතා කරන්න අමෙරිකාවට ටීම් එකක් යවන්න ලෑස්ති වෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.