අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව බදු ප්‍රතිපත්තිය යටතේ ලංකාවට අලුතින් බදු පැනවෙනු ඇති බව මව්රට පුවත්පත පළමු වරට රටට හෙළි කළේ ඉකුත් මාර්තු 03 වැනි දිනය.Sri Lanka Latest News
අප කළ මෙම අනාවරණයෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරවූවේය.
ඉන් අනතුරුව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අප කළ අනාවරණය තහවුරු කරමින් අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තවදුරටත් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට කණ්ඩායමක් පිටත් කර හැරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කීය.










