හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ “ලක්විරු දිරිය” පදනම මගින් විශ්ව විද්‍යාල සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක් මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අත්හිටවනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ මෙම වසර සදහා විශ්ව විද්‍යාලවලට තේරී සිටින සිසු දරුවන් වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධි මන්ඩපයේ දී අද (15) දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.
කෙසේවෙතත් සිරිසේන මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස කටයුතු කරන බැවින් අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන කටයුතු සිදුකිරීමට ඉඩ දිය නොහැකි බව මැතිවරණ කාර්යාලේ නිලධාරීන් දැනුම් දීමත් සමග සිරිසේන මහතා උත්සවය නවත්වා පිටව ගොස් ඇති බව දැනගන්නට ඇත.










