කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ගේ මාතර පිහිටි මහගෙදර ඊයේ (09) රාත්‍රී 11.00 ට පමණ පොලීසියෙන් වටළා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පොලිස් පරීක්ෂක එම්. ආර්. දයානන්දගේ නායකත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් මෙසේ කොළඹ සිට මාතර බලා ගොස් මහ රෑ එම නිවස වටළා ඇති අතර සෝදිසි වරෙන්තුවක් හෝ නොමැතිව එම නිවස සෝදිසි කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.
මෙම පොලිස් නිලධාරීන් සියලු දෙනාම සිවිල් ඇඳුමින් සැරසී එහි ගොස් ඇති අතර ඔවුන්ගේ හැඳුනුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් එය ද ප්‍රතික්ෂේප කරමින් නිවසට ඇතුළු වී ඇති බවත් එම වාර්තාඊ සඳහන් වේ.
මේ අවස්ථාවේදී අදාළ නිවසේ සිට ඇත්තේ බස්නායක නිලමේවරයාගේ 84 හැවිරිදි මව පමණකි.
මේ සම්බන්ධයෙන් කල විමසිකමදී කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර කියා සිටියේ, මෙම වැටලීම සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ ප්‍රදේශය බාර මාලිම්බඩ පොලිසිය හෝ දැනුවත්ව නොසිටි බවයි.
අධිකරණය විසින් සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තම නිවසේ සැඟවී සිටින බවට ලැබුන තොරතුරක් මත ඉහල නියෝගයකින් ලැබුන උපදෙස් මත මෙම වැටලීම සිදුකර ඇතැයි පසුව දැනගන්නට ලැබුන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මේ සිදුවීම සිදුවන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා අද (10) පෙරවරුවේ කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයකි.










