• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීපු පොරොන්දු ඉටු කරලා නෑ! චීනය අඩියක් පස්සට ගනී! අත්සන් කරනවා කියපු ගිවිසුම් 78 මග නවතී? I Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරට චීනෙන් සුපිරි පිළිගැනීමක්! චීන ජනාධිපති එක්ක ගිවිසුම් 15ක් අත්සන් කරයි! දිගටම උදව් කරන්න පොරොන්දුවක් දෙයි! රාත්‍රී භෝජන සංග්‍රහයකටක් එක්වෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

 මේ වනවිට මතුවෙමින් පවතින තවත් අර්බුදයක් සම්බන්ධයෙන්ද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරව් කිරීමට අප සූදානම්ය. මෙම අර්බුදය පැනනැගුණේ ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් අනතුරුවය. එම චීන සංචාරය අතරතුරදී සහ චීන සංචාරයෙන් පසුව ආණ්ඩුව පැත්තෙන් ප්‍රචාරය වූ පුවත් දුටු ජනතාව සිතා සිටියේ ලංකාව ගොඩදැමීමට චීනය සූදානමින් සිටිනවා යැයි කියාය. ලංකාවට ආර්ථික වශයෙන් ගොඩ ඒම සඳහා චීනය අත දීමට සූදානමින් සිටිනවා යැයි කියාය. චීන සංචාරයේදී ගිවිසුම් 78ක් අස්සන් තැබීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බව ප්‍රචාරය වීම නිසාත්, ලැබුණු ආධාරවලින් විශාල ප්‍රමාණයක් ප්‍රදාන වශයෙන් ලැබුණු බව සඳහන් වීම නිසාත් ජනතාවද එය විශ්වාස කිරීමට කටයුතු කොට තිබූ බවක් ඒ කාලයේදී දැකගත හැකි විය.
නමුත් මේ වනවිට සිදුව ඇත්තේ කුමක්ද? චීනය සමග අස්සන් කරනවා කී ගිවිසුම් 78ට වූයේ කුමක්ද?Sri Lanka Latest News

අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ මේ ගිවිසුම් අස්සන් කිරීම සම්බන්ධනේ ආණ්ඩුවද යම් හිරවීමක සිටින බවය. අනුරගේ චීන සංචාරය අතරතුරදී ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවකින්ම ආණ්ඩුව වෙත පණිවුඩ ගණනාවක්ම ලැබී තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ආණ්ඩුව චීනයත් සමග ඇතිකර ගන්නට යන ගිවිසුම් මොනවාද යන්න විමසමින්ය. අනුරගේ චීන සංචාරය සිදුවද්දී ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු තවත් රටවල් කීපයක් ඒ දෙස ඉතා සමීපව බලා සිටි බව ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප එකල වාර්තා කර සිටියෙමු. එමෙන්ම ආණ්ඩුව සහ චීනය ඇතිකර ගන්නා ගිවිසුම්වලට ප්‍රතිචාර දැක්වීමට ඔවුන් සූදානමින් සිටින බවද අපි එහිදී සඳහන් කළෙමු.

අනෙක් පැත්තෙන් අනුරගේ චීන සංචාරය ආරම්භ වද්දීම චීනය දැඩි අවධානයක් යොමුකොට තිබුණේ මේ වනවිට නවතා ඇති චීන පර්යේෂණ නෞකාවන්ට යළිත් වතාවක් ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ලබාගැනීමය. ගෝඨාභයගේ පාලන සමය දක්වාම චීන පර්යේෂණ නෞකා ඉන්දියාවේ දැඩි විරෝධය මැද වුවද ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණියේය. නමුත් ගෝඨාගෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ බලපෑමට යටවී චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු තීරයට ඇතුළු වීම වසරකට තහනම් කිරීමට පියවර ගත්තේය. එම වසරක තහනම අවසන් වූයේ පසුගිය දෙසැම්බර් 31 වැනි දිනය. ඒ අනුව චීනය සූදානමින් සිටියේ පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් අනුරගේ ආණ්ඩුව සමග චීන සංචාරය අතරතුරදී අලුත් එකඟතා ගිවිසුමකට ඇතුළු වීමටය. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී යෝජනා රැසක් ඉදිරිපත් වූ අතර ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීමටද පියවර ගෙන තිබිණ. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක්ද පත්කිරීමට පියවර ගත්තේය. ඒ අනුව චීන ආණ්ඩුවද බලාපොරොත්තුවෙන් සිටියේ ජනාධිපතිවරයා දුන් වචනයට අනුව චීන නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවස්ථාව හිමිවෙතැයි කියාය. විශේෂයෙන්ම මෙය චීනයේ අභිමානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වන නිසා ඊට ඉක්මන් පිළිතුරක් චීනය පැත්තෙන් බලාපොරොත්තුවෙන් සිටියේය.

නමුත් තවමත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා චීනයද මේ වනවිට දැඩි තීන්දුවක් ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, ලංකා ආණ්ඩුව සමග එළඹීමට නියමිතව තිබූ සියලු ගිවිසුම් තාවකාලිකව අත්හිටුවීමටය. අනුරගේ චීන සංචාරය අවසන් වීමත් සමග ආණ්ඩුව චීන ගමනේ ප්‍රතිඵල පිළිබඳ මහා ඉහළින් කතා කළද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් මේ ගැන කිසිම සද්දයක් නැත්තේ මේ හේතුව නිසාය. ඒ අනුව චීනයෙන් ලැබෙනවා යැයි කී ආර්ථික වාසි මේ වනවිට තරමක් අඩාළ වී ඇති බවක් දැකගන්නට පුළුවන. අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ බොහෝ විට ඉදිරි දින කීපය ඇතුළත මේ ගැන සිහි කැඳවමින් චීනයෙන් රාජ්‍යතාන්ත්‍රික ලිපියක් ලැබීමට හෝ චීනයේ ඉහළ පෙළ නිලධාරියෙක් ලංකාවට පැමිණිමට නියමිතව ඇතැයි කියාය. මීට අමතරව ඉදිරි කාලයේදී ලංකාව ඉලක්ක කර ඇමෙරිකාවෙන් තීරුබදු පැනවීමේ අවදානමක්ද මතුව ඇති නිසා රටේ ඉදිරි ආර්ථිකය මේ වනවිට තරමක් අර්බුදයට යන ලකුණු පහළ කොට ඇති බවක් දැකගන්නට තිබේ.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

පුංචි ඡන්දෙට ගමේ අපේක්ෂකයන් හොයාගන්න බැරිව UNP එක නන්නත්තාරයි! I Sri Lanka Latest News

Next Post

උත්සව සමයේ ලාබෙට බඩු බෙදනවා! I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.