පොලිස් ස්ථානාධිපතිවරු සදහා ස්ථාන මාරු වීම් ලබා දීමේ බලය ඇත්තේ පොලිස්පතිවරයාටද නැතිනම් පොලිස් කොමිසමට ද යන්න පිළිබදව නීතිපතිගෙන් විමසීමට පොලිස් කොමිසම සූදානමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ සදහා, පොලිස් කොමිසම එළැඹෙන සතියේ දී නීතිපතිවරයා හමුවීමට නියමිත ය.
පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ බලය තමන්ට හිමි බව, නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරන ලද විමසීමකට පසුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කර තිබුණි.
ඉන් පසුවයි, පොලිස් කොමිසම නීතිවරයා හමු වී මේ පිළිබදව කරුණු විවසීම සදහා සූදානම් වන්නේ.
පොලිස් ස්ථානාධිපති පත් කිරීම සහ ස්ථානමාරුවීම් ලබා දීමේ බලය ස්වාධීන පොලිස් කොමිසමට හිමිවන බව පොලිස් කොමිසමේ ස්ථාවරයයි.
විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පොලිස්පතිවරයා හැර, අනෙක් පොලිස් නිළධාරීන් පත් කිරීම, උසස්වීම් ලබා දීම, ස්ථානමාරුවීම්, විනය පාලනය සහ සේවයෙන් පහකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිසමට පුළුල් බලතල හිමි වේ.










