ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීමත්, දේශීය ආර්ථිකයක් ගොඩ නැංවීමත් අරමුණු කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්තරා විශේෂ පුද්ගලයකු ලංකාවට ගෙන්වාගෙන ඇති බව දැනගන්නට තිබේ.
හෙතෙම සිංහල බෞද්ධ තරුණ මහාචාර්යවරයකු බවත්, කලක් අමෙරිකාවේ නාසා ආයතනයේ සේවය කළ අයකු බවත් දැනගන්නට ඇත.
මෙම මහාචාර්යවරයා ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති විශේෂඥයකු බව පැවසේ.
දැනට ලංකාවට පැමිණ සිටින මෙම මහාචාර්යවරයා මේ වනවිටත් ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් රජයට යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවත්, ඉන් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් දැනගන්නට තිබේ.
එමෙන්ම නුදුරේදීම දේශීය නිෂ්පාදනයන් සිදු කෙරෙන දැවැන්ත සමාගමක් ලංකාවේ ආරම්භ කිරීමටද මෙම තරුණ මහාචාර්යවරයා කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ඇත.










