• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑනු එක්ක ගේම ඉල්ලන හේවගේගේ අවුල මොකක්ද? Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජම්බුගහපිටියේ ගෙදර රෝහිණී කුමාරි විජේරත්න වන මම කවිරත්න වුණේ මෙහෙමයි! ජේ.ආර්.‌-ගාමිණී ගැන කියමින් රෝහිණී ඇමැති නලින් හේවගේට මුලු ඉතිහාසයම කියලා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නලින් හේවගේ මහත්තයා. ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් අපි ඔබතුමාට හරි කැමැත්තෙන් හිටියා. මොකද ඔබතුමාලා කතාකරද්දී හරි ලස්සනයි. හරි ආකර්ෂණීයයි. ඒත් පස්සේ පස්සේ එතුමා ගැන ටිකක් හොයන්න හිතුණා. කල්පනා කරන්න හිතුණා සමහර කතා නිසා. දැන් අවුරුදු 56ක්නේ නේද? 1968 පෙබරවාරි මාසේ 29 වැනිදා තමයි ඔබතුමාගේ උපන්දිනේ. උපන්දිනේ එන්නෙත් අවුරුදු 4කට සැරයක්. ඒකත් වෙනම ආතල් එකක් නේද? මේ අවුරුද්දේ උපන්දිනේකුත් නෑ ඔබතුමාගේ. ඒකට කමක් නෑ. 2024 ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්නේ ඔබතුමා ඡන්ද 274,707ක් අරගෙන. ලොකු ගානක්. රටක මේ වගේ තත්ත්වයක් යටතේ ඉතාම විශිෂ්ට ප්‍රතිඵලයක්. ගාල්ල, මාතර, හම්බන්තොට කියලා කියන්නේ මහින්දලගේ බළකොටු. කුඩප්පගෙ දරුවෝ පවා දාගෙන ගේමක් ගහලයි තිබුණේ. එහෙම පැත්තකින් මෙහෙම ගේමක් ගහනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. අපි දන්නවා ඒක. Sri Lanka Latest News

ඔබතුමා මේ වෙද්දී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරකසභාවයි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරකසභාවයි කියන දෙකම ඔබතුමන් විසින් නියෝජනය කරන බව අපට දැනගන්න ලැබුණා. ඉතින් ඔබතුමා බොහොම දක්ෂයෙක්. ඔබතුමාගේ හැකියාවන් එමටයි කියලා කියන අතරතුරේ ඇයි මේ ඔබතුමා පහුගිය දවස්වල බොහොම නරක විදියට කාන්තාවන්ට අපහාස කරමින් වැඩ කරන්නේ? විශේෂයෙන්ම රෝහිණී කවිරත්න මහත්මියට ඔබතුමා කරපු අපහාසය ගැන බොහොම නරක විදියට රටේ කතාවුණා.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සිදු නොවිය යුත්තක් ලෙස තමා සලකන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළා කියලත් පහුගිය දවස්වල මාධ්‍යවල සඳහන් වෙලා තිබුණා. ‘දිවයින’ වෙබ් පිටුවෙන් තමයි මේක උපුටා ගත්තේ. එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් ගත් පියවර ගැන තමා සතුටු වන බවද, තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් යම් වරදක් සිදුවුවහොත් එය නිවැරැදි කිරීමට තම පක්ෂය කටයුතු කරන බවද එතුමිය සඳහන් කරලා තිබුණා. ඇත්තටම අපේ හේවගේ ඇමැතිතුමා ඔබතුමා කීප තැනක මේ වගේ නොපනත් ප්‍රකාශ කරමින් අනවශ්‍ය විදියට නොකිය යුතු දේවල් කියපු බව අපි දැක්කා. මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් එක වතාවකදී කියලා තිබුණා. කසිප්පු පෙරණ, ගමේ හිටපු නරක මිනිස්සු මැරුවා තමයි වගේ ඒවා. එහෙම ඇමැතිතුමනි, මිනිස්සු මරන්න රටක අයිතියක් නෑ කියලයි අපි විශ්වාස කරන්නේ නම්. මම දන්නේ නෑ ඒක මොකක්ද කියලා. කොහොම වුණත් රටක කාන්තාවන් තමයි ඔබතුමාලාව පාර්ලිමේන්තු එව්වේ. ඔබතුමාලට වැඩි ඡන්ද දුන්නේ. ඔබතුමාලා මේ කාන්තාවන් වෙනුවෙන් විශේෂ දේශපාලන ක්‍රියාදාමයකුත් දියත් කළ බව අපි පහුගිය කාලයේ දැක්කා. ඒ ක්‍රමවේදය යටතේ ඔබතුමාලට බොහොම ලොකු ජනතා ප්‍රතිචාරයක් කාන්තාවන්ගෙන් ලැබුණා. කාන්තාවන්ගේ කැමැත්තෙන් පාර්ලිමේන්තු ආපු ඔබතුමාලට දැන් කාන්තාවන්ව පේන්නේ සෙල්ලම් බඩු වගේද කියලා අපිට හිතෙනවා. රෝහිණී කවිරත්න මහත්මියගේ පවුල ගැන, මවුපියන් ගැන, වැඩිහිටියෝ ගැන කතාකරන තැන්වලදී සහ එතුමියට අපහාස කරන තැන්වලදී විවිධ නරක විදියට කතාකරපු අවස්ථා එකක් දෙකක් නෙවෙයි. මේ වගේ දේවල් ගැන විවිධ තැන්වලදී විවේචන තිබුණා. විවිධ අය ඔබව විවේචනය කරන බව අපි දැක්කා. ඉතින් ඒ තත්ත්වයට ඔබතුමා පත්වෙන්න ඕනේ කෙනෙක් නෙවෙයි කියලයි අපිට නම් හිතෙන්නේ.

ඔබගේම පක්ෂයේ මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්නත් ඔබව විවේචනය කරලා තිබුණා. ඔබතුමා ජලනි ප්‍රේමදාසවත් බොහොම නරක විදියට විවේචනය කරලා තිබුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මියගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවත් විවේචනය කරලා තිබුණා. බොහොම ප්‍රියමනාප මහාචාර්යවරියක් ශ්‍රී ලංකාවේ ඉන්න. කිසිම දවසක ප්‍රසිද්ධ දේශපාලනයට මැදිහත් නොවිච්ච කෙනෙක්. ඒ වගේ අයවත් විවේචනය කරලා, අපහසුතාවට පත්කරලා මේ වැඩේ නම් මහත්තයෝ හරියන්නේ නෑ.

අපි දන්නවා රටක බලය කියලා කියන්නේ දේශපාලනය කියලා කියන්නේ ලොකු දෙයක්. ඉතින් දේශපාලන බලය ලැබුණාම ඒක එහෙට මෙහෙට විසි කරලා දාලා අතට අහුවුණු කඩුව වනලා රජ්ජුරුවන්ගේ බෙල්ල කපපු පුරෝහිතයා වගේ වෙන අය පාර්ලිමේන්තු ආපුවාම වෙන භයානක දේවල් ගැනත් හිතන්න වෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් මතක් කරනවා මොකද නරක ප්‍රතිඵල වෙන්න පුළුවන් මේ විදියට ගියොත්. ඒ නිසා රටකට අවශ්‍ය කරන්නේ ඉතා විශ්වාසවන්ත බුද්ධිමත් ගුණයහපත් මහත්වරු. රටේ තිබුණා නරක දේශපාලන ක්‍රමවේදයක්. දේශපාලන සංස්කෘතියක්. ජරා කටවල් තියෙන එවුන් ටිකක් පාර්ලිමේන්තුවේ පිරිලා හිටියා. අපි ඒ මිනිස්සු ටික පන්නලා දාලා අලුත් මිනිස්සු ටිකක් පත්කර ගත්තා. ගුණයහපත් මහත්වරු ටිකක්. ඒ මහත්වරුන්ගේ ‘මහත්වරු’ කියන එකේ ‘ව’යන්න ගාවට ‘හො’යන්න දාගන්නේ නැතුව කටයුතු කරන එක මේ මහත්වරුන්ගේ වගකීමක්.

නලින් හේවගේ මහත්තයාට පහුගිය දවසක අපි දැක්කා නම වෙනස් කරලා හේවගේ වෙනුවට වෙන එකක් කිව්වා කියලත් කතාබහක් තිබුණා. රෝහිණී කවිරත්නත් දැන් නිකන් ඉන්නේ නෑ. අපි දකිනවා පොඩි පොඩි ඉඟිබිඟි දාලා එහෙන් මෙහෙන් ඔබතුමාව විවේචනය කරනවා. ස්ටාෆ් එකේ වැඩකරපු හැටි, ඔබතුමාගේ ඉතිහාසය ගැනත් කියලා තිබුණා. ඒවා හොඳ දේවල් නෙවෙයි. අපි ඒවා අනුමත කරන්නේ නෑ. නමුත් මෙහෙම වෙන්නේ ඔබතුමා අත තිබිච්ච හැන්දෙන් ඒ අයට බෙදන්න ගියපු නිසා කියලයි අපිට නම් හිතෙන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බලය කාටද? පොලිස්පතිවරයාටද? පොලිස් කොමිසමටද? වැඩේ නීතිපති ළඟටම යන ලකුණු! I Sri Lanka Latest News

Next Post

අනුර මහනුවර ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි! අවුරුදු 16කට පසු පවත්වන විශේෂ දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 දක්වා! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.