• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

භාග්‍යා ශ්‍රීගෙන් සල්මන්ට මල් ගොඩක්

June 14, 2020
in Heart
Reading Time: 1 min read
A A
භාග්‍යා ශ්‍රීගෙන් සල්මන්ට මල් ගොඩක්
Share on WhatsAppShare on Facebook

80 දශකයේ අග භාගයේදී උතුරු ඉන්දියානු සිනමාව අලුත් තාරකාවන්ගෙන් පිරී ඉතිරී ගියේය. ඒ අතර සුවිශේෂීම තරු දෙපළක් වූයේ අමීර් ඛාන් සහ සල්මන් ඛාන්ය.
අමීර් ඛාන් ‘ක්‍යාමත් සේ ක්‍යාමත් තක්’ චිත්‍රපටයෙන් සුපිරි තුරු ගොන්නට එක්වූ අතර, සල්මන් ඛාන් ‘මෛනේ ප්්‍යාර් කියා’ චිත්‍රපටයෙන් සුපිරි තාරකාවක් විය. ඉතාම ආශ්වාදජනක පෙම් පළහිලව්වක කතා පුවතක් වූ ‘මෛනේ ප්්‍යාර් කියා’ සුරාජ් බාර්ජත්යාගේ අධ්‍යක්‍ෂණයක් විය. අලුත් මුහුණු දෙකක් සිනමාවට හඳුන්වා දීමේ, ප්‍රේමණීය වූ මෙහෙවරක යෙදුණු සුරාජ්, සල්මන් ඛාන් වැනි දඟකාර කොලු ගැටයකු සමඟ එහි රඟපෑම සඳහා තෝරා ගත්තේ ඉතාම අහිංසක පෙනුමක් සතු හුරුබුහුටි කෙල්ලකි.
ඈ ‘භාග්‍යා ශ්‍රී’ විය.

සල්මන් තරමටම සහ ඊට මඳක් වැඩියෙනුත් භාග්‍යා ශ්‍රී ජනප්‍රිය විය. තරුණ පරපුර අතර භාග්‍යා ශ්‍රී අසහාය විය. චිත්‍රපට නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂවරුන්ද ඇගේ නිවෙස ඉදිරිපිට පොරකන්නට වූයේ ඈව තම ඊළඟ චිත්‍රපටයට තෝරා දින නියමකර ගැනීමටය.
කිසිවෙත් නොසිතූ යමක් එහිදී සිදුවිය.
මුළු සිනමා ක්‍ෂේත්‍රයම මවිතයට පත්කරවමින් එක් රැයකින්ම අහසේ දිදුළන්නට වූ මේ බොක්ස් ඔෆීස් තරුව තමා සිනමාවෙන් සමුගෙන විවාහ ජීවිතයට ඇතුළත් වන්නට සූදානම් වන බව මාධ්‍යයට පැවසුවාය.
ඈ නම් මාරයි,
ඇත්තටම භාග්‍යා ඔබ නම් අසාමාන්‍යයයි.
යනුවෙන් සිනමා පැපරාසින් ඇගේ තීරණය ගැන අමුතු කතා පවසන විට සල්මන් ඈ ගැන කලකිරීමට පත්ව සිටියේය. භාග්‍යා සමඟ ‘ජෝඩු’ විලාසිතාවට රඟපෑමේ සිහිනයක සහ උන්මාදයක සිටි සල්මන් තමා භාග්‍යාට ප්‍රේම කරන්නට සූදානම් බවද පවසා තිබිණි.
සල්මන් ඛාන් ‘ස්ටාර් ඩස්ට් සඟරාවට පවසා තිබූ මේ කතාව නිසා භාග්‍යා දැඩි අපහසුතාවකට පත්ව සිටියාය.
පැරැණි ජනප්‍රිය චිත්‍රපට ගැන සමාලෝචනයක යෙදෙන විශේෂාංගයක් සඳහා ‘මෛනේ ප්්‍යාර් කියා’ චිත්‍රපටය තෝරාගත් මොහොතේ ඒ සඳහා ආරාධනා ලැබුයේ එහි ‘සුමන්’ගේ චරිතය අපූරුවට රඟපෑ ‘භාග්‍යා ශ්‍රී’ටය. වසර ගණනකට පසුව මාධ්‍ය හමුවට ‘භාග්‍යා ශ්‍රී’ පැමිණියේ සියල්ලන් පුදුමයට පත්කරවමිනි.
‘සල්මන් ඛාන්’ ගැන ටිකක් කතා කරමුදැයි’
එම විශේෂාංගය මෙහෙයවූ ප්‍රසංග නිවේදකයා භාග්‍යා ශ්‍රීගෙන් අසන මොහොතේ ඈ ඉතා සතුටින් ඒ සඳහා අනුමැතිය දුන්නාය.
‘මෛනේ ප්්‍යාර් කියා’ හි රඟපෑමෙන් පසු සල්මන් ඔබට තරමක කරදරයක් වූවා නේද?
‘නැහැ… එවැන්නක් සිදුවූයේ නැහැ.’
භාග්‍ය ශ්‍රී සැහැල්ලුවට සිනාසුණාය.
සල්මන් ඛාන් ඔබේ ගරුත්වයට හානි වන යම් දේ මාධ්‍යයට පැවසුවා.
එවැන්නක් සිදුවූවා නම් එය සාමාන්‍යයයි. එවකට ඔහු දඟ වයසේ පසුවූ ගැටවරයෙක්. අනෙක චිත්‍රපටයක පෙම්වතුන් ලෙස රඟපාන විට යොවුන් පාර්ශ්වය අතර එහෙම දේ සිදුවෙනවා.
‘සල්මන් ඛාන් නිසා ඔබේ විවාහය පවා තව ඩිංගෙන් කඩාකප්පල් වන බව ඔබ පවසා තිබුණා.
මම ඔබට දැන් කිව්වනේ, ඔය සම්ප්‍රප්පලාප හරිම සාමාන්‍යයි. හැබැයි සල්මන් කියන්නේ ඉතාම වැදගත් මහත්මයෙක් බව මෙහිදී විශේෂයෙන් කිව යුතුයි.
‘කුමක්ද ඒ විශේෂය’
‘මෛනේ ප්්‍යාර් කියා’ චිත්‍රපටය ඉතාම ජනප්‍රියව තිරගතවන කාලේ මමත් සල්මනුත් නිතර ‘කවර්පේජ්’ සඳහා මුහුණ දුන්නා මතකයි. එහිදී එක් ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු යම් සේයාරුවක් ගැනීම සඳහා සල්මන්ට කිව්වා මගේ තොල් මත හාදුවක් නිරූපණය කරන්නට කියා.
මට අද වගේ මතකයි සල්මන් එතැනදී තරමක් කෝපයට පත්වුණා. ඔහු ඡායාරූප ශිල්පියාට තදින් කිව්වා භාග්‍යා ශ්‍රී ඔබ හිතන ජාතියේ කෙනෙක් නොවේය කියා.
ඒ වගේම ඡායාරූප ශිල්පියා කොතෙක් ඇවිටිලි කළත්, සල්මන් එතැනදී මගේ ගරුත්වය ගැන ඉතා තදින් ඔහු හා වාද කළා. නවකයකු එසේ හැසිරීම ගැන මම අදටත් ඔහු අරබයා ප්‍රශංසා කරනවා. ඒ නිසයි මා කීවේ සල්මන් වැදගත් මහත්මයෙක් ලෙසයි මම දකින්නෙ කියා.
ඔබ සමඟ හාදකමක් තිබූ බවට සල්මන් මාධ්‍යයට ඉඟි දුන්නා නේද?
ඒ මාධ්‍ය විසින් පතුරුවා දැමූ ඕපාදූප, ඔය සෑමදෙයක්ම වෙනුවෙන් සල්මන් මමත් මගේ සැමියාගෙනුත් සමාව ඉල්ලන්නට ආවේ මගේ පළමු දරු ප්‍රසූතිය සිදුවූ මොහොතේදීමයි, අලංකාර ඕකිඞ් මල් පොකුරක්ද සමඟ සල්මන් පැමිණි ඒ ගමන තුළ වූයේ මිත්‍රශීලී බව සහ මහත්මා ගතියයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2020 පළමුවැනි කාර්තුවේ ලාභය වාර්තා කරයි

Next Post

කොමර්ෂල් බැංකුව ICBT විශ්වවිද්‍යාල අන්තර්ජාල විදේශ විනිමය ගෙවීම් බලගන්වයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.