• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහනේ උඩ ගිහින් වීර ගහක හැප්පිලා කුඩුපට්ටම් වුණා! තුවාල වෙලා හිටපු සභාපතිතුමා එළියට පැන්නේ බිඳිච්ච වින්ඩ්ස්ක්‍රීන් එකෙන්! මගේ අත කැඩිලා සිහිය නැතිවුණා! 27 වාට්ටුවේ මහ රෑ පෙරළි! එලොව ගිහින් මෙලොව ආ මඩකළපු මෙහෙයුම! Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වාහනේ උඩ ගිහින් වීර ගහක හැප්පිලා කුඩුපට්ටම් වුණා! තුවාල වෙලා හිටපු සභාපතිතුමා එළියට පැන්නේ බිඳිච්ච වින්ඩ්ස්ක්‍රීන් එකෙන්! මගේ අත කැඩිලා සිහිය නැතිවුණා! 27 වාට්ටුවේ මහ රෑ පෙරළි! එලොව ගිහින් මෙලොව ආ මඩකළපු මෙහෙයුම!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පනස් වසරකට අධික මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් ගොන්නට එකතු වූ අවදානම් කලාපවල සැරිසරන්නට වූ අවස්ථාව එමටය. ඒ අවදානම ඇතැම් විට එලොව ගිහින් මෙලොව ආවාක් බඳුයැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. පෙර පින් නිසා බේරී ආ අවස්ථාද එමටය. 1980 මැද භාගයේ එවක හිටපු ගමනාගමන ඇමැති එම්.එච්. මොහොමඩ් මහතා නැගෙනහිර පළාතේ දින 04ක නිල සංචාරයක් යද්දී මාධ්‍යවේදීන් පිරිසක්ද කැඳවාගෙන ගියේ එය ආවරණය කිරීමටය. ඒ මාධ්‍යවේදී පිරිසට මමද එකතු වී සිටියෙමි.
ඇමැතිවරයාගේ නැගෙනහිර සංචාරයට ඔහුගේ නිල රථ මෙන්ම ලංගම සභාපති අර්වින් ජයසූරියගේ මෝටර් රථය ගෙනගියේ මඩකළපුව තැපැල් දුම්රියේ පටවාගෙනය. රාත්‍රී තැපැල් දුම්රිය තුළ නිදන මැදිරි මාධ්‍යවේදීන්ටද වෙන්කර තිබිණි. ඒ කාර්යය භාරව සිටියේ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාය. සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේ මෙරට පැවැති රාජ්‍ය නායක නොබැඳි සමුළුවට එන රාජ්‍ය නායකයන්ට ගමන් කිරීමට විදේශ රටකින් 504, 502 වර්ගයේ මෝටර් රථ මෙරටට ගෙනැවිත් තිබිණි. සමුළුව අවසානයේ ඒ මෝටර් රථ ඇමැතිවරුන්ට සහ සභාපතිවරුන්ට බෙදාදී තිබිණි. ලංගම සභාපතිවරයා පාවිච්චි කළේද නවීන පන්නයේ 505 වර්ගයේ රථයකි. ඇමැති නැගෙනහිරට ගිය මුල් දිනයේ මඩකළපුව දුම්රිය ස්ථානයේ පැවැති විවෘත කිරීමේ උත්සවයේදී ජාතික කොඩිය ඔසවද්දී සිංහයා උඩු අතට සිටීම හේතුවෙන් එය සංවිධාන කළ නිලධාරීන් තිදෙනා එම මොහොතේම යාපනයට මාරු කළේ ඇමැති මුහුණපෑ අපහසුතාවට දඬුවමක් වශයෙන්ය. එම සිද්ධිය පසුදා දේශපාලන විකල්ප පුවත්පත්වල පළවූයේ ‘ඇමැති එසවූ කොඩියේ සිංහයා උඩුබැල්ලෙන් යයි’ යන සිරස්තලය යටතේය. Sri Lanka Latest News

ඇමැතිගේ නිල සංචාරය අවසන් වීමට දිනකට පෙර එහි සිටි ලංගම සභාපතිවරයාට හදිසියේ කොළඹ ඒමට සිදුව තිබිණි. ඒ ආරංචිය මටද දැනගන්නට ලැබුණු විගස මා සභාපතිවරයා සමග කොළඹ යෑමට ඔහුව එකඟ කරගත්තෙමි. එදින සවස් යාමගේ සභාපතිවරයාගේ මෝටර් රථය පදවන රියැදුරාට මෝටර් රථය පසුපස අසුනට ගොස් විවේක ගැනීමට සලස්වා මෝටර් රථය පැදවූයේ ලංගම සභාපතිවරයාය. එම වකවානුවේ පොළොන්නරුව හා හබරණ මාර්ගයේ මංකොල්ලකෑම් උග්‍ර ලෙස පැතිර ගිය කාලයක් විය. ඒ නිසාම හබරණ කැලෑ මාර්ගය පසුකරන තෙක් පොළොන්නරුව පොලිසියෙන් සභාපතිවරයාට පොලිස් රැකවල් ඉල්ලා සිටියේ මඩකළපුවෙන් පිටත් වීමට පෙරය. ඒ අනුව එදින පොළොන්නරුවට ළඟාවන විට කෙමෙන් රෑ බෝවී තිබිණි. ආයුධ රැගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පොළොන්නරුව පොලිසියෙන් සභාපතිවරයාගේ රථයට නංවා ගත්තේ රාත්‍රී 10ට පමණය. එදා හබරණ වැසි සහිත කාලගුණයක් පැවැතීම නිසා මාර්ගයේ තැනින් තැන ජල පහරවල් ගලායනු දක්නට ලැබිණි. සභාපතිගේ මෝටර් රථය දඹුල්ලට ආසන්න වනවිට මැදියම් රාත්‍රිය ළඟාවෙමින් තිබිණි. ඒ වනවිටත් සභාපතිවරයාගේ රිය පදවන වේගයේද අඩුවක් නම් නොවීය. දඹුල්ල මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයට ළඟාවෙද්දී අප සිටි මෝටර් රථය එකවරම වේගයෙන් ඉහළට එසවී ලිස්සා ගොස් වීර ගසක හැපී නැවතුණේ මෝටර් රථය පොඩිපට්ටම් වෙමින්ය. වාහනයේ හඬ ඇසුණු අසල්වාසීන් පිරිසක් යකඩ ඉනි රැගෙන විත් දොරවල් කඩා අපව එළියට ගත් අයුරු මතකය. මා සමග පසුපස අසුනේ සිටි පොලිස් නිලධාරීන්ගේ රයිෆල් බඳවල් මගේ සිරුරේ වැදීමෙන් දැනුණු වේදනාවෙන් මම මහ හඬින් කෑගැසුවද සුළු වේලාවකින් මා අඩ සිහියට පත්වෙන්නාක් මෙන් දැනුණි. රිය පැදවූ සභාපතිවරයා මෝටර් රථයේ ඉදිරිපස බිඳීගිය වීරුවෙන් එළියට පැනගෙන තිබුණේ කැපුම් තුවාලද සහිතවය.

මෝටර් රථයේ සිටි පොලිස් නිලධාරීන්ටද තුවාල සිදුව තිබූ බව මට අසන්නට ලැබුණේ මා හට සම්පූර්ණ සිහිය ලැබීමෙන් පසුව බව මට මතකය. වාහනයෙන් එළියට ගන්නා විට මගේ වම් අත බිඳී තිබිණි. අසල්වාසීන් රෙදිකඩක් ගෙන කැඩී තිබූ මගේ අත වෙළා ගෙලේ එල්ලා මාව ගසක් යට පැදුරක නිදිකරවා මුහුණට වතුර ඉසිනවා මට යාන්තමකට මතකය. තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් මහමග ධාවනය වූ වෑන් රියක් නවතා මාව සහ බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියකු දඹුල්ල රෝහලට ගෙනැවිත් ඇතුළු කළේය. රියැදුරාද මා සමග විය. තරමක තුවාල ලබා සිටි සභාපතිවරයා සහ දඹුල්ල ලංගම ඩිපෝවට ගොස් එළිවන්නට පෙර වෑන් රථයක් රැගෙනවිත් එහි සීට් ගලවා ඇඳක් සේ සකසා මාවත් රියැදුරාවත් කොළඹ රෝහලට ගෙන ඒමට කටයුතු යෙදීය. මා ගෙන එන අතරමගදී මා සභාපතිවරයාට කීවේ මා නිට්ටඹුවේ ඩිපෝව මාර්ගයෙන් බිරියගේ නිවස පිහිටි රුක්ගහවිල නිවසට ගෙන යන ලෙසයි. ඒ ඉල්ලීම එලෙසම ඉටුවිය. මාව බිරියගේ නිවසට පසුදාට පහන් වන විට රැගෙන ගියේ නිට්ටඹුව ඩිපෝවේ නිලධාරීන් දෙදෙනකු දඹුල්ලේ සිට එන බස් රථය එනතුරු නිට්ටඹුව නගරයේ නවතාගෙන සිටි මෝටර් රථයකිනි.

මා බිරියගේ නිවසට යනතුරු බිරිය ඇතුළු කිසිවකුත් මා මුහුණ දුන් මේ අනතුර ගැන දැන සිටියේ නැත. අතක් එල්ලාගෙන වාහනයෙන් මා බැසගන්නා විට ඔවුන් කලබලයට පත්වුවද මා වේදනාව මැඬගෙන කතාකිරීම නිසා එය ඔවුන්ට මඳ අස්වැසිල්ලක් විය. එදින උදේම මා බිරිය සහ ඥාතීන් විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළේය. එක් දිනක් හදිසි අනතුරු අංශයේ සිටි මගේ බිඳී තිබුණු අතට ප්ලාස්ටර් දමා තුවාලවලටද ප්‍රතිකාර කොට පසුදා 27 වාට්ටුවට මාරුකර යැව්වේය. 27 වාට්ටුවට මා ගෙන ආ මොහොතේම ඇඳක් නොදීම නිසා පැය ගානක් වාට්ටුව තුළ පුටුවක වාඩිගෙන සිටීමට මට සිදුවිය. වටපිට බලද්දී රෝගීන්ගෙන් හිස්වූ ඇඳන් දෙකක් තිබුණද ඒවා ලබාදීමට සාත්තු සේවකයන් උනන්දුවක් නොදැක්වීය. පසුව කනින් කොනින් ආරංචි වූයේ එවක හදිසි අනතුරු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කළ රෝගීන් දෙදෙනකුට ඒ ඇඳන් දෙක සූදානම් කොට තබා ඇති බවය. ඒවා රෝහල ඇතුළේ සිදුවන පෙනෙන නොපෙනන අකටයුතුකම් බඳු සිද්ධීන්ය. ඒ වනවිට වෛද්‍යවරු චැනල් කිරීමේ ආරම්භක අවස්ථාව නිසා අපගේ ඥාතීන් එම තොරතුරු දැන සිටියේද නැත. පසුව එදින සවස රෝගියකු වාට්ටුවෙන් පිටව යද්දී එයින් හිස්වූ ඇඳට මම කිසිවකුගෙන් නොවිමසා ගොඩවුණෙමි. එසේ ඇඳ අල්ලා ගැනීම ගැන වාට්ටුව තුළ සිටි සේවක පරිසගෙන් විරෝධයක් පැනනැගුණද පසුව ඔවුන් මා පත්තරකාරයෙක් බව දැනගෙන නිහඬ විය.
27 වාට්ටුවේ ගතකළ දින කිහිපය තුළ මා හට රාත්‍රී නින්දක් නොවීය. සිරුරේ වේදනාවට ලැබුණේ පැනඩෝල් පෙති කිහිපයක් පමණි. ගෙදරින් ගෙනැවිත් තිබූ තැල්මට ආලේප කරන ඖෂධයක් විටින් විට සිරුරේ ගල්වමින් වේදනාව මඳකට තුරන් කරගත්තද එය නිසි විසඳුමක් නොවීය. මා රෝහල්ගතව සිටියදී ඇමැති මොහොමඩ්ගේ ලේකම්වරයකු පැමිණ මාව ඇමැති වියදමින් පෞද්ගලික රෝහලකට ගෙන යෑමට උත්සාහ කළද මම එය ප්‍රතික්ෂේප කර සිටියෙමි. ඒ, එසේ වූවා නම් මම ඇමැතිගේ එහෙයියකු වන බව මම හොඳින් දැන සිටි නිසාමය. මා 27 වාට්ටුවේ සතියක් පමණ සිටියදී රාත්‍රී කාලයේ රෝගීන්ගේ කෙඳරිගෑමට සාත්තු සේවකයන් ඔවුන්ට බැණවදින අන්දමත්, කෙඳිරිලි හඬ නැවැත්වීමට නිදිගන්වන බෙහෙත් වැදීමට සාත්තු සේවිකාවන් මෙහෙයවන අන්දමත්, ඔවුන් නිදිගත් විට ඇතැම් සේවකයන් රෝගියාගේ ඇඳක කොනක නිදාගන්නා අයුරුත් මම සියැසින් දැකගතිමි.

පසුව මා සිතුවේ මේ සිද්ධීන් එකින් එක දිනයන් හා වේලාවන් යොදා සටහන් තබන්නටය. ඒ සඳහා දිනක් මා බැලීමට ආ මාධ්‍යවේදියකු ලවා ලියන කඩදාසි සහ පෑනක් ගෙන්වාගෙන රාත්‍රී කාලවල රෝහලේ සිටම ‘දවස’ට ලිපියක් ලීවෙමි. 27 වාට්ටුවේ මහ රෑ විස්තර ලියා මා ‘දවස’ කර්තෘවරයා අතට යැව්වේ මා බැලීමට ආ මගේ මාධ්‍ය හිතවතකු වූ කරුණාරත්න විජේනායක අතය. එහෙත් ඒ ලිපිය මා රෝහලෙන් පිටව යනතුරු පළ නොකළේ මා හට කිසියම් අනතුරක් වේය යන සැකය නිසා බව මට පසුව දැනගන්නට ලැබිණි. දින 06කට පසු මා රෝහලෙන් සිය කැමැත්තෙන් ටිකට් කපාගෙන ගෙදර ගොස් පල්ලේවෙල කැඩුම් බිඳම් වෙද මහතාගෙන් බිඳී ඇති අතටත්, සිරුරේ වේදනාවටත් ප්‍රතිකාර ගත්තෙමි. මා රෝහලෙන් පිටමං වූ දිනට පසු දින ‘දවස’ පත්තරයේ මැද පිටුවක් පුරා මගේ ලිපිය පළවිය. ‘27 වාට්ටුවේ මහ රෑ පෙරළි’ මැයෙන් පළවූ එම ලිපිය පසුදා දුටු එවක සෞඛ්‍ය ඇමැති ගාමණී ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට 27 වාට්ටුවේ සාත්තු සේවකයන් ඇතුළු හෙදියන් කිහිප දෙනකු කළුතර රෝහලට මාරුකර යැව්වේය. එම සිද්ධියත් සමග උරණ වූ ඇතැම් සේවකයන් මම සිටි වාට්ටුවේ තිබූ ඇඳ හිසපත (බෙඩ් ටිකට් එක) අතුරුදන් කර තිබිණි. එම සිද්ධියද ‘දවස’ පත්තරයේ පළවිය.

එවක මහ රෝහලේ කටයුතු භාරව සිටි අමාත්‍යාංශ සහකාර ලේකම්වරයකු වූ (එජාප වෘත්තීය සමිති නියෝජිත) තිරිමාන්න නැමැත්තා මැදිහත් වී එම ප්‍රශ්නය විසඳා මා වෙත වෛද්‍ය සහතිකයක් ලබාදීමට පියවර ගත්තේය. එම ලේකම්වරයා වේයන්ගොඩ උදම්මිට ප්‍රදේශයේ පදිංචිව සිටි මගේ පවුලේ හිතවතෙකි. රාජකාරි ගමනකදී සිදුවූ අනතුරක් නිසා මා ලංගම වන්දි මණ්ඩලයෙන් වන්දි ඉල්ලා වෛද්‍ය සහතිකද සමග පැමිණිල්ලක් කළෙමි. ප්‍රමාදයක් නොමැතිවම මා වෙත අදාළ වන්දි මුදලද අනුමතවී තිබිණි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

යාලේ 83යි – විල්පත්තුවේ 64යි – කුමන 39යි – හෝටන්තැන්නේ 7යි – උඩවලවේ 2යි – යාල කලාප පහේ 10යි – වස්ගමුවේ 1යි ! කොටි 206ක් එක්ක කැමරාවක්!

Next Post

බාල බෙහෙත් ගෙනත් කෝටි ගාණක් වංචා කළ කෙහෙළියගේ නඩුවේ තවත් ලොකු හෙළිදරව්වක්! බෙහෙත් ඉන්දියාවෙන් ගෙන්නුවා කිව්වට ඉන්දීය සමාගම ඒක ප්‍රතික්ෂේප කරලා! එතකොට කෙහෙළියලා බෙහෙත් ගෙනත් තියෙන්නේ කොහෙන්ද? Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.